Gossip Lanka 9

Gossip Lanka අපේ වැඩක්...

Advertisement

Contact Gossip Editor

Latest Post

පොල්පිතිගම ජාතික පාසලෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් කළැයි කියන පහරදීමක් නිසා තුවාල ලැබූ එම විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු පෙරේදා 19 පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

 මෙලෙස රෝහල් ගත කරනු ලැබුවේ පොල්පිතිගම ජාතික පාසලෙහි සිංහල සහ භූගෝල විද්‍යාව විෂයයන් පිළිබඳ ගුරුවරයකු ලෙස සේවය කරන ජේ. එම්.එන්. ජයවර්ධන නමැත්තායි.
කළුතර - කැලිඩෝ මුහුදු තීරයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් පොලිසිය අද 21 උදෑසන සොයා ගත්තා.

 උතුරු කළුතර පොලිසියට ලැබුණු තොරතුරක් මත සොයා ගැණුනු මෙම සිරුර හැටන් - පතන ප‍්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකගේ බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.
කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක්‌ව පාසල් නිල ඇඳුමින්ම කැලණිය පින්තාලිය පාර කුරුඳුවත්ත හංදියේ පිහිටි පාළු නිවසකට රැගෙන ගොස්‌ මෙරට නිෂ්පාදිත ජීව නාශක අත්බෝම්බයක්‌ පෙන්වා බියවද්දා ලිංගික අතවර කිරීමට තැත් කළ තිස්‌හතර හැවිරිදි දෙදරු පියකු 18 දා එම අවස්‌ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසිය සමත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෝනහේන වෑබඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්‌ වන අතර මෙම සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබූ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
විශාල උත්සවයක් තියා විවෘත කරන ලද මත්තල ගුවන් තොටට දැන් එන්නේ පිඹුරන් සහ මාපිල්ලූන් විතරක් යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ කළුතර ප‍්‍රදේශයේ පැවති අන හමුවක් අමතමිනි.

‘අද මේ ආණ්ඩුව ලොකෙටම ණය වෙලා. ගත්තු ණය ගෙවාගන්න බැරුව පොලිය විතරක් ගෙවනවා. මොකක්හරි ව්‍යාපෘතියක් ගෙනැල්ලා ඒ කොළේ වහනවා.
දැයට කිරුළ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට පොළිස් නිලධාරීන් 60,000 කට ආසන්න ප‍්‍රමාණයක් රාජකාරියේ යොදවා තිබෙන අතර ඒ සදහා පැමිණෙන ජනතාව වෙනුවෙන් මාර්ග 5ක් විවෘත බව පොළ්ස් මූලස්ථානය පවසයි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද සෙවනපිටිය ඉසුරු පාසලේ විදුහල්පතිවරයා එම විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ පහර කෑමට ලක්‌ව තුවාල ලබා ඊයේ 20 දා උදේ රෝහල්ගත කොට ඇත.
ඉතාලියේ මෙසින්නා නගරයේ මැර කණ්ඩායමක් පොලිසිය විසින් පසු ගියදා අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මුල් කොට ගෙන කණ්ඩායම් කිහිපයක් අතර ඇතිවූ ගැටුමක් නිසා මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.
මෙවර පළාත් සභා මැතිවරණයට දකුණෙන් ඉදිරිපත් වන නදීෂා හේමමාලි සමග ඇගේ හිතමිතුරු මිතුරියන් එක්වූ මොහොතක් තමයි මේ.

 මහලු නිවාසයක පැවති මෙම උත්සවයේදී වැඩිහිටි නිවාසයට ආධාර උපකාර කිරීමක් ද එහි කොටසක් විවෘත කිරීමක්ද සිදුවූවා.
ෆේස්බුක් අනිසි භාවිතයෙන් මිය ගිය 19 හැවිරිදි දිනේෂා නිලක්ෂි නමැති තරුණිය  ගාල්ලේ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ  පසුගිය වසරේ උසස් පෙළට පෙනී සිට යළි දෙවන වතාවටත් විභාගයට ලිවීමට සූදානම් වෙමින් නිවසේ සිටි තරුණියකි.

පාසල් ගමන නිමකර නිවසේ වැඩි කාලයක් ගත කළ ඇය ෆේස් බුක්හි දවස පුරා සැරිසරමින් සිටි බවත් ඒ සඳහා බොහෝ විට පරිගණකයක් නොව ජංගම දුරකථනයක් උපයෝගී කරගත් බවත් කියැවුණා.
හිටපු ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි ඝාතනය කළ ඝාතකයින් නිදහස් කිරීමට එරට මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත රජය ගෙන ඇති තිරණයට එරෙහිව රාජීව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි විසින් අද පෙත්සමක් ඉදිරිපත් කොට ඇති බව වාර්තාවේ.

ඔහු පෙත්සමින් දක්වා ඇත්තේ තම පියාගේ ඝාතනය තම පවුලට පමණක් නොව මුළු මහත් ඉන්දියාවට සිදුකළ පාඩුවක් බවයි.
මම ගෝඨාට කඬේ ගියෙත් නෑ. ගෝඨා තමන්ව කඬේ අරන් ගියෙත් නෑ යනුවෙන් කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කලේය.

පුරහල චතුරස‍්‍රය හා විහාර මහා දේවී උද්‍යානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට පත් කිරීමේ උලෙලට එක් වෙමින් පුරපතිවරයා මේ බව සඳහන් කළේය.
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා තමාට වැඩිය අවුරුදු 2ක් වැඩිමල් යයි ප‍්‍රවීණ සිනමා නිළි දකුණු පළත් සන්ධාන අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

‘‘අනේ මම මංගල අයියට මුකුත් කියන්නේ නෑග මොකද එයා මගේ ඇදුම් පවා මහලා දීලා තියනවා. එයා හොද විලාසිතා නිර්මාණ ශිල්පියෙක්’’ යැයි මංගල සමරවීර මහතාගේ මංගල යෝජනාව ගැන ඇසූ විට කුමාරසිංහ මහත්මිය කීවාය.

ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා මේ වන විට පාසැලේ රාජකාරි කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය නිලධාරියෙකු අපරාධ චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ විට අදාල චෝදනා නිමවන තුරු එම පුද්ගලයාගේ වැඩ තහනමකට ලක්වෙයි.

 කෙසේ වෙතත් මෙම විදුහල්පතිවරයා තවදුරටත් රාජකාරි කටයුතු
තමාටත් තම පක්ෂයේ අපේක්ෂකයන්ටත් සාධාරණ ලෙස ඡන්ද කටයුතු කරගෙන යාමට ඉඩ නොදෙන්නේ නම්, මෙවර පළාත් සභා මැතිවරණ කටයුතු වලින් ඉවත්වීමට කටයුතු කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා 19 පස්වරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වෙත දැනුම්දී තිබේ.
පසුගියදා මිනුවන්ගොඩ - පොරගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙපිරිසක් අතරල ගැටුමක් ඇතිවී තිබෙනවා.

එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ පියා අදාළ පහරදීම සම්බන්ධයෙන් පොරගොඩ ප‍්‍රදේශයේම පුද්ගලයෙකුට එරෙහිව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර

__________________________________
RSS
©2013 Gossip Lanka 9 Email : info.gossiplanka9@gmail.com
All the content on this website is copyright protected.

Advertisement

Facebook Like Us

Photo Gallery