Gossip Lanka 9

Gossip Lanka අපේ වැඩක්...

Advertisement

Contact Gossip Editor

Latest Post

දැන් ගොවිකම් කරන්නට කුඹුරට බහින්නම  ඕනා නැත. මඩ නාගන්නට වුවමානා නැත. මේ බව ඔප්පු කරන්නේ ආසියාවේ විශිෂ්ටතම ගොවියා ලෙස තේරුණු දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතායි.

මේ සම්මානය වෙනුවෙන් ඇමති සාලින්ද ට මහනුවර  කිංස්වුඩ් විද්‍යාලයෙන් උපහාර පිදීමක් ද පසුගියදා සිදු කෙරිණි.

සූක්ෂම වී වගාව (ශ්‍රී ගොවිතැන) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වෙමින් කාබනික වි වගාවෙන් ආසියාවේ විශිෂ්ටතම ගොවියා බවට පත්වීම මෙන්ම ලෝකයේ තුන්වන ගොවියා බවට පත්වීම යන කරුණු පිළිබඳව සලකා බලා මෙම උපහාරය පුද කර ඇත.

සාලින්ද දිසානායක මහතා පාසල් අධ්‍යාපනයෙන් පසු මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගෙන දේශපාලනයට පිවිසියේය.

වසර 1974 දී විද්‍යාලය නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කර එම වසරේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දැල රකින්නා සම්මානයත්, 1975 වසරේ දී විද්‍යලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කඩුළු රකින්නා සම්මාන දිනා ගෙන ඇත.

Gossip Lanka 9


__________________________________
RSS
©2013 Gossip Lanka 9 Email : info.gossiplanka9@gmail.com
All the content on this website is copyright protected.

Advertisement

Facebook Like Us

Photo Gallery