Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් 1 සිට 6 දක්වා

"ඉන්ටර් ඇක්ට් ආර්ට්' රංගකලා ආයතනය විසින් 05 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ අප්‍රේල් මස 01වැනිදා සිට 06 වැනි...

"ඉන්ටර් ඇක්ට් ආර්ට්' රංගකලා ආයතනය විසින් 05 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ අප්‍රේල් මස 01වැනිදා සිට 06 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංග ශාලාවේදී දිනපතා සවස 7.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ, දශක කිහිපයක් දේශීය නාට්‍ය කලාව පෝෂණය කිරීම උදෙසා සිදුකළ අමිල මෙහෙය හේතුවෙන් 'පරාක්‍රම නිරිඇල්ල අභිනන්දන නාට්‍ය උලෙළ' ලෙස නම් කර තිබේ.

මෙම උලෙළේ සමාරම්භක උත්සවය මාර්තු මස 31 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්‍ර්ණ ශාලාවේදී පැවැත්වේ.

රංග කලා උලෙළට සමගාමීව අප්‍රේල් මස 02 වැනිදා සිට 04 වැනිදා දක්වා "කොළඹ නාට්‍ය කතිකාව" ජර්මන් සංස්කෘතික මධ්‍යෂ්ථානයේදීත්, අප්‍රේල් මස 01 වැනිදා සිට 06 වැනිදා දක්වා නාට්‍ය වැඩමුළු ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් ආරම්භ වේ.

රංග කලා උලෙළ සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ජර්මනිය, ජෝර්ජියාව, ඉතාලිය යන රටවලින් නාට්‍ය කණ්ඩායම් නාට්‍ය ඉදිරිපත් කරන අතර, දෙස් විදෙස් නාට්‍යකරුවන්ගේ අත්දැකීම් හා රංග වින්‍යාස උපදෙස්ද මෙහිදී හුවමාරු කරගැනීමට නියමිතය.

රංග කලා උලෙළ සංවිධානය සඳහා සම්පත් දායකයන් වශයෙන් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ගතේ ආයතනය, බ්‍රිතාන්‍ය පාසල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව කටයුතු කරයි. එමෙන්ම අනුග්‍රාහකයන්ලෙස ගල්කිස්ස හෝටලය, සිංගර් ආයතනය, ජාතික ලොතරැයි මණ්ඩලය, ලක්සල ආදී ආයතන රැසක් කටයුතු කරන අතර, සමාරම්භක උලෙළ සඳහා ජර්මානු නාට්‍යවේදියෙකු වන ඉන්ග්බර්ග් වොන් සැඩොව්ද සහභාගිවීමට නියමිතය.

මෙවර රංග කලා උලෙළ සඳහා ශ්‍රී ලාංකික නාට්‍යකරුවන්ගේ නාට්‍ය 11කුත්, ඉන්දීය නාට්‍යකරුවන්ගේ නාට්‍ය 02කුත්,ජෝර්ජියාව, ඉතාලිය, ජර්මනිය යන රටවල නාට්‍යකරුවන්ගේ එක් නාට්‍යය බැගිනුත් ඇතුළත් කිරීමට එහි සංවිධායකයන් කටයුතු කර තිබේ.



 අප්‍රේල් 1 –

සෙක්කුව - පරාක්‍රම නිරිඇල්ල - ශ්‍රී ලංකාව



අප්‍රේල් 02 –

කාමන් - කොන්ස්ටන්ටින් පූර්ට්සේලැඩිසේ - ජෝර්ජියාව

ස්වර්ණභූමි - සුදර්ශන ක්‍රිශාන්ත - ශ්‍රී ලංකාව

ඉරුම්බ්ල් පොරුතියා ඉදයම් - ආර්.ලෝගනාදන් - ශ්‍රී ලංකාව



අප්‍රේල් 03 –

නොට්ස් එල්සි - මාරි ලොක්වික් - ඉතාලිය

ලනුව - රන්දික විමලසූරිය - ශ්‍රී ලංකාව

ලාෆින්(ග්) ඩ්‍රීම්ස් - සචිත්‍ර රාහුබද්ධ - ශ්‍රී ලංකාව



අප්‍රේල් 04 –

සෝලෝ විත් අ නෝස් - මිකායෙල් මේන්සෝපුස්ට් - ජර්මනිය

නාන් යාර් - රුමේෂ් තාරුක - ශ්‍රී ලංකාව

මම අඩකුඹයි - දේවින්ද වික්‍රමසිංහ - ශ්‍රී ලංකාව



අප්‍රේල් 05 –

අන්සීන් - විශ්නුපාද් බාවේ - ගෝවා, ඉන්දියාව

භීම - විවේක් විජේකුමාරන් - බැංගලෝර්, ඉන්දියාව



අප්‍රේල් 06 –

කරණම - කිත්මිණි ශානිකා - ශ්‍රී ලංකාව

පොඩි එකා එනකං - සමන් නන්දන - ශ්‍රී ලංකාව

සුදු හදවත් - කැලුම් ක්‍රිශාන්ති - ශ්‍රී ලංකාව

ටැප් - උදාර විදුශංක - ශ්‍රී ලංකාව

No comments