Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලංකාව කණ්ඩායම කඩුළු 6 කින් ජයගනී

ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා...

ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල ඊයේ (17) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7කට ලකුණු 153ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5 කදී කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.

දක්ෂ පිතිහරඹයක යෙදුණු 39 හැවිරිදි තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 83ක් රැස්කරිමින් ශ්‍රී ලංකා පිලට ජය මාවත හෙළිකර දුන්නේය.

ඊට අනගි සහයක් දුන් නායක ඇන්ජලෝ මැතිවුස් පන්දු 10 කදී එක් හයේපහරක් හා හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 21ක් රැස් කළේය.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් නායක අස්‌ගර් ස්‌ටැනික්‌සායි පන්දු 47කදී ලකුණු 62ක් රැස් කළා.

No comments