Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සුභාවිත ගීතයේ නිවුන් ස්වරය

ඔවුන් දෙදෙනා මෙලොවට පැමිණියේ එකටය. හැදීවැඩුණේ එකටය. එපමණක් නොව ගී ගැයුවේද එකටය. දෙදෙනෙකු වුවත් සෝමතිලක නාමය ශ්‍රී ලංකාව තුළට ගෙන ආවේ එකට...

ඔවුන් දෙදෙනා මෙලොවට පැමිණියේ එකටය. හැදීවැඩුණේ එකටය. එපමණක් නොව ගී ගැයුවේද එකටය.

දෙදෙනෙකු වුවත් සෝමතිලක නාමය ශ්‍රී ලංකාව තුළට ගෙන ආවේ එකටය. නමින් ඔවුන් ශානිකා සෝමතිලක හා අනුෂ්කා සෝමතිලකය. අතිශය රූමත් නිවුන් මේ රූමත් නිවුන් සොහොයුරියන් දෙදෙනා ලංකාව හැරයන්නේ ඔවුන් දෙදෙනාට යන්තම් වයස දෙකේදී පමණය.

වරින් වර ලංකාවට පැමිණියත් ඔවුන් ස්ථීර පදිංචිය සඳහා ‍තෝරාගනු ලබන්නේ නවසිලන්තය හා ඕස්ට්‍රේලියාවය. එලෙස පිටරටක හැදී වැඩුණු මේ දෙසොහොයුරියන් මුල්කාලයේ ඉංග්‍රීසි ගීත ගායනයට යොමු වූ අතර පසුව යහළුවන්ගේ ඉල්ලීම නිසා සිංහල ගීත ගායනයට පෙළඹිය. එසේ ගායනා කළ සිංහල ගීත යූ ටියුබ් සහ සමාජ ජාල වෙබ් අඩවි වල එක ‍රැයින් ජනප්‍රිය වූ අතර හෙළ සුභාවිත ගීතයේ ඉමිහිරට ඉන් අනතුරුව ඔවුන් සංවේදී විය.

වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ මේ දෙසොහොයුරියන් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමනද මුසාවක් කරමින් ලයාන්විත හඬ පෞරුෂය සුභාවිත ගීතයට මුහු කරන්නට විය. එලෙස මුහුකළ සප්තස්වර ඔවුනගේම ගිතයන් කිහිපයක් එළිදැක්වීම දක්වා කම්පනය වන්නට විය.

මේ වන විට ශානිකා සෝමතිලක හා අනුෂ්කා සෝමතිලක දෙසොහොයුරියන් ස්වතන්ත්‍ර නිර්මාණයන් කිහිපයක් එළිදක්වා ඇත. අනාගතයේදී නව නිර්මාණ කිහිපයක් එළි දැක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින අතර මේ දෙසොහොයුරියන්ගේ ඒ අධිෂ්ඨානයට අපි සුභාශීංශන එකතු කරමු.









No comments