Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගෝ ලෝක ශූරයා කෘතිම බුද්ධියට පරදියි

ගූගල් සමාගම‌ට අයත් ඩීප්මයින්ඩ් නැමති කෘතිම බුද්ධිය විසින් ගෝ ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු වන දකුණු කොරියාවේ ලී සෙදොල්ව පරාජය කර ඇති බව වාර්තා වේ....

ගූගල් සමාගම‌ට අයත් ඩීප්මයින්ඩ් නැමති කෘතිම බුද්ධිය විසින් ගෝ ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු වන දකුණු කොරියාවේ ලී සෙදොල්ව පරාජය කර ඇති බව වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට තරග 5කින් සමන්විත වූ මෙම තරගාවලියේ තරග 4ක් ජයගැනීමට ඩීප්මයින්ඩ්ට අයත් ඇල්ෆාගෝ වැඩසටහන සමත් වී තිබේ.

ඒ අනුව ජයග්‍රාහකයාට ලබාදෙන ඇමෙරිකානු ‌‌ඩොලර් මිලියනයක මුදල ලී සෙදොල්ට අහිමි වී ඇත.

පැරණි චීන පුවරු ක්‍රීඩාවක් වන ගෝ කෘතිම බුද්ධියක‌ට චෙස් ක්‍රීඩාවට වඩා අභියෝගාත්මක බව පැව‌සේ.

තරගාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලී සෙදොල් තරගාවලියේ ප්‍රතිඵල පිළිබඳව ඔහු පසුතැවෙන බව පවසා තිබේ.

No comments