Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

''ගමන් බිමන් ගියා, එකට හිටියා, ෆොටෝ ගැහුවා...'' -අමායාගේ ඇත්ත කතාව හර්ෂ ධනෝෂ් කියයි

හර්ෂ, පසුගිය කාලයේ ඔබයි අමායාවයි සම්බන්ධ කරලා ලොකු කතාවක් පැතිරෙන්න පටන් ගත්තා? ඔය කතා ගැන මට කියන්න දෙයක් නැහැ. ඒ ගැන අහන්න  ඕනේ කතා පතුර...


හර්ෂ, පසුගිය කාලයේ ඔබයි අමායාවයි සම්බන්ධ කරලා ලොකු කතාවක් පැතිරෙන්න පටන් ගත්තා?
ඔය කතා ගැන මට කියන්න දෙයක් නැහැ. ඒ ගැන අහන්න  ඕනේ කතා පතුරුවන අයගෙන්ම තමයි.

ඒත් අමායා වැනි විවාහක කාන්තාවක් සම්බන්ධ කරගෙන ඔබට නගන කතා ගැන ඔබ ඇයි නිහඩ?
අමායා කියන්නෙ ක්ෂේත‍්‍රයේ දි දැන හඳුනා ගත්තු මිතුරියක්. ඇය සමඟ ගමනක් බිමනක් ගියාම, එකට ඉඳලා ෆොටෝ එකක් ගත්තාම ඒකෙ කියන්න තරම් මහ ලොකු දෙයක් නැහැ.

ඒත් ආරංචියේ හැටියට නම් ඔබ අමායාව ළඟින්ම ආශ‍්‍රය කරනවලූ?
අපි එකට සංගීත කටයුතුවල යෙදෙනවා. හොඳ යාළුවෝ වුණාම එකට ගමන් බිමන් යනවා. කතා කරනවා. ඉන් එහාට ගිය දෙයක් අපි අතර නැහැ.

මේ දවස්වල අලූතින් නිර්මාණයකට යොමු වුණේ නැද්ද?
මගේ අලූත්ම ගීතයක් ළඟදීම එනවා. ඒක අලූත් ස්ටයිල් එකකට හදපු ගීතයක්. ඒක මල් නොවෙයි. රොක් නෙවෙයි. ඒත් අලූත්ම විදිහෙ ගීතයක්. ඊට අමතරව ප‍්‍රවේගය චිත‍්‍රපටය කරපු සදේශ් කුමාර්ගෙ අලූත්ම ෆිල්ම් එකක ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. පසුගිය දවසක ඒ ගීතය පටිගත කළා. පුරුදු විදිහටම මියුසිකල් කටයුතුවල යෙදෙනවා. දැන් අවුරුදු දහසයක විතර කාලයක ඉඳලම මියුසික් අතර තමයි මගේ ජීවිතය ගෙවෙන්නෙ. මම මේ සිහින කිරුළ අබියසට එන්න ගොඩක් මහන්සි වුණා. ලොකු කට්ටක් කෑවා. දෙරණ ඞී‍්‍රම් ස්ටාර් සීසන් 3 තරගාවලියේ දී දෙසිය පනහෙන් අයින් වෙන්න වුණා. සීසන් 4 තරගාවලියේ දී හැත්තෑදෙකෙන් අයින් වෙන්න වුණා. සීසන් 5 තරගාවලියේ දී තමයි හය වන තැනට ආවේ. ඒ තරගවාර අතරතුරේ දී මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඒ ලබා ගත්ත අත්දැකීමෙන් තමයි මේ තරගයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා අවබෝධය ලබා ගත්තේ.

තරග වට කිහිපයකින්ම අවස්ථා අහිමි වෙද්දිත් ඔබ නොනවත්වාම තරගාවලියට ඉදිරිපත් වෙනවා?
මට සියයට සියයක්ම මගේ ගායනය ගැන විශ්වාසයක් තිබුණා. මගේ ඒ විශ්වාසය මත මං දැනගෙන හිටියා මට මේ දේ කරන්න පුළුවන්ය කියන එක. ඒ විශ්වාසය නිසාමයි මම එච්චර උත්සාහ කළේ.

අනාගතය ගැන මොන වගේ සිතුවිලිද ඔය සිතේ තියෙන්නෙ?
ලංකාවට ගැළපෙන විදිහට රොක් සංගීත කලාවෙන් අලූත් වැඩක් කරන්න  ඕනේ කියන සිතුවිල්ල තමයි හිතේ තියෙන්නෙ.

 ඔබ වැනි සුපිරි තරු හඳුනා ගැනීම පිළිබඳව, ක්ෂේත‍්‍රයට රැුගෙන ඒම පිළිබඳව මාධ්‍යයට මොනවද කියන්න තියෙන්නෙ?
තව තවත් අපි වගේ එන්න ඉන්න දක්ෂ අයට අත දීලා ඒ අයට තවත් උදවු කරලා නවකයන් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සියලූ මාධ්‍යවලට මම සුබ පතනවා. ඒ එක්කම මෙතෙක් ආව ගමනට උදව් කළ හැමෝටම ස්තුති කරනවා. 

No comments