Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ළදරුවන්ට බිබිළි දැම්මට ආලේපන ගාන්න එපා

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් කුඩා දරුවන්ට වෛරසයක් මගින් ඇති වන චර්මරෝගයක් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව රුහුණු වෛද්‍ය පීඨයේ ළමාරෝග...

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් කුඩා දරුවන්ට වෛරසයක් මගින් ඇති වන චර්මරෝගයක් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව රුහුණු වෛද්‍ය පීඨයේ ළමාරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

මෙම ආසාදන සදහා ක්‍රීම් වර්ග සහ වෙනත් ආලේපන වර්ග ගැල්වීම සුදුසු නොවන බව හෙතෙම අවධාරණය කර සිටියි.

මෙම රෝගය නිසා දරුවන්ගේ සම මතුපිට බිබිලි වර්ග ඇතිවීම හා මුඛයෙහි කුඩා තුවාල ඇති වීම සිදු විය හැකි බවත් තද උණ ඇතිවීමද මෙහි රෝග ලක්ෂණයක් බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එළිමහනේ ව්‍යායාම් එපා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද ඊයේ (21දා) නිවේදනය කළේ දහවල් කාලයේ එළිමහනේ ක‍්‍රීඩා කිරීම හා ව්‍යායාම කිරීම ද මේ දිනවල සුදුසු නොවන බවයි.

මේ දිනවල පවතින උෂ්ණත්වය පවතින අගයට වඩා සෙල්සියස් අංශක 2ත් 3ත් අතර අගයකින් ඉහළ ගොස් තිබීම එයට හේතුවයි.

No comments