Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

“සතොස විකුණන්න තීරණය කරලා”

ලංකා සතොස ආයතනය විකුණා දැමීමට තීරණය කර ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණේ මහ ලේකම් රාජා කොල්ලුරේ මහතා කියයි. සතොසේ ඇති භාණ්ඩ මාස කිහිපයක සිට සා...

ලංකා සතොස ආයතනය විකුණා දැමීමට තීරණය කර ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණේ මහ ලේකම් රාජා කොල්ලුරේ මහතා කියයි.

සතොසේ ඇති භාණ්ඩ මාස කිහිපයක සිට සාමාන්‍ය වෙළෙඳ පොළේ මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීමට කටයුතු යොදා තිබූ බවත්, එය සැලැසුම් සහගතව කළ දෙයක් බවත්, සතොස විකුණා දැමීමට එම සැලැසුම ක්‍රියාත්මක කළ බවද ඔහු පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

කෙසේවුවද, භාණ්ඩවල මිල පාලනයට අඩුම වශයෙන් අදාළ භාණ්ඩවලින් 30% ප්‍රමාණයක් රජය විසින් අනිවාර්යයෙන් අලෙවි කළ යුතු බවත්, වත්මන් ආණ්ඩුව එම රීතියද බිඳ ඇති බවට ඔහු චෝදනා කර සිටී.

එසේම ඉදිරියේදී ජලය හා විදුලියට ද වැට් බදු වැඩිවීම එක්වන බවට තමාට තොරතුරු ඇති බවද ඔහු පැවසීය.

No comments