Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලසිත් ෆිට් නැති නිසා වෙනත් පන්දු යවන්නෙක් !

ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සියයට සියයක ශාරිරික යෝග්‍යතාවක් තමාට ඇතැයි නොසිතන බැවින් තමා වෙන...

ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සියයට සියයක ශාරිරික යෝග්‍යතාවක් තමාට ඇතැයි නොසිතන බැවින් තමා වෙනුවට වෙනත් පන්දු යවන්නකු යෙදවීම සුදුසුයැයි සිතන බව ශ්‍රී ලංකා විස්සයි - 20 පිලේ හිටපු නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.

ලසිත් මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊයේ (14) ශ්‍රී පිල සමඟ එක්වීමට ඉන්දියාවට යාමට ස්වල්ප මොහොතකට පෙරදීය.

ලබන 17 වැනිදා ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ පළමු තරගයට ක්‍රීඩා කරන්නේද යන්න ඉදිරි දිනදෙකේදී පුහුණු කටයුතුවල නිරතවීමෙන් පසුව තීරණය කරන බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙසේද කියා සිටී.

‘මම සියයට සියයක් ශාරිරික යෝග්‍යතාව අතින් සුදුසු තලයක නෑ. එවැනි තත්ත්වයක් යටතේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ඇති හැකියාව හෙට සහ අනිද්දා පුහුණුවීම්වල දී පන්දු යැවීමෙන් පසුව තීරණය කරනවා. ඊට පස්සේ මං වෙනුවට ආදේශක පන්දු යවන්නකු යොදවන්න ඉල්ලීමක් කරන්නයි මගේ අදහස. ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයට පමණක් ක්‍රීඩා කරලා කකුල කඩාගත්තු මාව ලෝක කුසලාන තරගාවලියට තෝරා ගැනීම එක අතකට ගැටලු සහගත තත්ත්වයක් උදාවීමක්.’

 මාලිංග තේරීම් කමිටුවට දොස් කියයි

‘නව තේරීම් කමිටුව පත්වීමෙන් පැය ගණනකට පසුව ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමට මාවත් නම් කළා. යුද්ධයකට ගිහින් ඒ යුද්ධය පැරදුණාට පස්සේ ඒ අයව අයින් කරලා අලුත් පිරිසක් ඊළඟ යුද්ධයට යොදාගන්නවා ව‍ගේ අපි ආසියානු කුසලාන තරගාවලියට ගිහින් පරාජයට පත්වුණාට පස්සේ වෙන පිරිසක් ‍තෝරාගැනීමේ අවස්ථාවක් ඔවුන්ට නොලැබීමයි ඊට හේතුවුණේ. ඒත් ආසියානු තරගාවලියේ දී පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ කිසිම තරගයකට ක්‍රීඩා නොකළ දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩේසේවත්, පාකිස්තානය සමග පැවැති තරගයට පමණක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ලවත් විතරයි අයින් කරලා තියෙන්නේ.' මාලිංග පැවැසීය.

සිය දණහිසේ ආබාධය හේතුවෙන් සෑහෙන කාලයක් පුරා පීඩා විඳින හෙතෙම ලබන මස ඇරැඹෙන අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මාලිංග කියා සිටියේය.

ඔහුගේ මේ ආබාධයට නිසි ප්‍රතිකාර නොමැති අතර එය සුවකරගැනිමට නම් ඔහුට දීර්ඝ කාලීන විවේකයක් අවශ්‍ය වී තිබේ.

කෙසේවෙතත් ලෝක පූජිත පන්දු යවන්නකු ලෙස ලසිත් මාලිංග තරගාවලියට ක්‍රීඩා නොකළත් කණ්ඩායමේ රැඳී සිටීම ප්‍රතිවාදී කණ්ඩායම්වලට දැඩි පීඩනයක් ගෙන දෙන කාරණයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.

No comments