Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එටිසෙලාට් බදු වංචාවක් කරලා !

එටිසෙලාට් සමාගම විසින් 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනුවට සිය පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් මේ වන විට 4% ක මුදලක් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස අ...

එටිසෙලාට් සමාගම විසින් 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනුවට සිය පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් මේ වන විට 4% ක මුදලක් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස අයකරමින් සිටින බව වාර්තා වේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අදාළ කාරණාව සම්බන්ධයෙන් විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

මේ පිළිබදව සොයා බලා හැකි ඉක්මනින් ඔවුන් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම ව්‍යාපාරය සිය ලිපියෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ එටිසෙලාට් සමාගම විසින් අසාධාරණ ලෙස කරන අය කිරීම් සම්බන්ධ හෙළිදරව්වක්ද කර තිබේ.

නව නීති රීතිවලට අනුව රුපියල් 2ක ඇමතුමක් සදහා අයකළ යුතු ගාස්තුව රුපියල් 2.54 ක් බවත්, රුපියලක (01) ක ඇමතුමක් සදහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 1.27 ක් බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

කෙසේවුවද, අදාල සමාගම රුපියල් 2 ක ඇමතුමක් සදහා අයකරන ගාස්තුව රුපියල් 2.66 ක් බවත්, රුපියලක (01) ක මතුමක් සදහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 1.33 ක් බවත් සඳහන් කර ඇත.

දිනකට අදාල සමාගම මෙමගින් රු මිලියනයක මුදලක් අනිසි ආකාරයට උපයන බවටද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපිය පහත දැක්වේ.


No comments