Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මම ගණන් උස්සන්නෙ නෑ... ආයෙත් දිගටම රඟපාන්න පුළුවන්...

අශිකා මතසිංහ  ආයෙම කොළඹ පදිංචියට ආවා කියලා ආරංචියි? ඔව්. හස්බන්ඩ්ගේ රැකියාව නිසා තමයි අනුරාධපුරයට ගිහින් හිටියේ. අවුරුදු දෙකක් එහේ හිටි...

අශිකා මතසිංහ 

ආයෙම කොළඹ පදිංචියට ආවා කියලා ආරංචියි?
ඔව්. හස්බන්ඩ්ගේ රැකියාව නිසා තමයි අනුරාධපුරයට ගිහින් හිටියේ. අවුරුදු දෙකක් එහේ හිටියා. අමාරුම කාලේ ගෙවලා ආයෙම කොළඹ පදිංචියට ආවා. දැන් දිගටම කොළඹ ඉන්නේ.

අශිකා මිසිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. හැබැයි ජයග්‍රහණය කරන්න බැරි වුණා නේද?
මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන එක හොඳයි කියලා හිතුවා. තරගයට ඉදිරිපත් වෙද්දි මගේ චූටි පුතාට මාස දහයයි. ඉතිං ඒ කාලය ඇතුළත මට කෙට්ටු වෙන්න පුළුවන් වුණා. පුංචි කාලයක් ඇතුළත කෙට්ටු වෙන්න පුළුවන් වීමත් ජයග්‍රහණය කළා හා සමානයි.

මේ වගේ තරගයකට සහභාගි වෙනවට සැමියා කැමැති වුණාද?

වෙනසකට වගේ තරගයකට සහභාගි වෙන්න කියලා හස්බන්ඩ් තමයි කිව්වේ. කොහොමත් විවාහ වෙන්න කලින් Miss Sri Lanka වගේ තරගයකට යන්න මට කැමැත්තක් තිබ්බා. හැබැයි ඒ ආසාව යටපත් වුණා. ඒක මම හස්බන්ඩ්ට කියලා තිබ්බා. එයා ඒ ගැන හිතන්න ඇති. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මිසිස් ශ්‍රී ලංකා තරගයේ Best Surpoting Husband වුණෙත් එයා.

ආයෙම රංගන කටයුතු පටන් ගත්තද?

දැන් අයෙම මට වැඩ පටන් ගන්න පුළුවන්. පුතා ලැබෙන්න ඉද්දි කරපු ගජමුතු යාය ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම දහම් වර්ෂා කියලා පෝය නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී විකාශය වෙයි. දැන් කොළඹ ඉන්න නිසා රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්.

කොළඹින් අෑත් වෙලා හිටපු නිසා රංගන ආරාධනා මඟ හැරෙන්න ඇති නේද?
ඔව්. එහෙම මඟහැරිලත් තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ තාම මම අනුරාධපුරේ කියලා. මම කොළඹ කියලා තාම ගොඩාක් අය දන්නේ නැහැ. මම කොළඹ ඇවිත් කියලා දැන ගත්තම වැඩවලට කතා කළා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් කතා කළා.

දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක් විදියට තියෙන වගකීම් එක්ක රංගනයට කාලය වෙන් කරන්න පුළුවන්ද?
පුළුවන්. මම දුවයි පුතයි ඉන්න කාලෙත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. අපි දෙයක් කරන්න බෑ කියලා හිතුවොත් ඒක කරන්න බෑ තමයි. දරුවන්ටයි සැමියටයි වගකීම් ඉෂ්ට කරන ගමන් රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න පුළුවන්.

සැමියගෙන් රංගනයට තහංචි නැද්ද?
නැහැ. එයා මට තහංචි දාන්නේ නැහැ. දුර ෂූටින් තිබ්බොත් නිවාඩු දාගෙන හරි එයා මං වෙනුවෙන් එයි. එයා ඒ වගේ මට ගොඩාක් උදවු කරනවා. මං වෙනුවෙන් එයා දේවල් කරද්දි එයාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.

අශිකා නිර්මාණ තෝරා බේරා ගෙනද වැඩ කරන්නේ?
මම මට ගැළපෙන දෙයක් නම් කරනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් මෙගාද කියලා බලන්නේ නෑ. මම කරන දේ උපරිම කැපවෙලා කරන්න තමයි උත්සාහ කරන්නේ.

අශිකා රඟපාන්නේ ආසාවටද? සල්ලි හොයන්නද?
රඟපාලා නම් සල්ලි හොයන්න අමාරුයි. මම සම්බන්ධ වුණ සමහර නිර්මාණවල සල්ලි හම්බවෙලත් නැහැ. මම රඟපාන්නේ තෘප්තියට.

ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් යද්දි සමහර නිළියෝ ගණන් උස්සනවා. අශිකත් ගණන් උස්සනවද?
නැහැ. මම ගණන් උස්සන්නේ නැහැ. මම සාධාරණ ගාණට වැඩ කරනවා.

ඉදිරියටත් පෙම්වතියගේ චරිතය වෙනුවෙන් ආරාධනා ලැබෙයිද?
ඒක කියන්න දන්නේ නැහැ. මම පෙම්වතියගේ චරිතය වගේම අවුරුදු විසි පහක පුතෙක්ගේ අම්මා කෙනෙක් විදියටත් රඟපෑවා. ඒ කුලැත්තියෝ නාට්‍යයේ. මගේ පෙනුම ඒකේ ගොඩාක් වෙනස්. සමහරු ඒ මමද කියලා දන්නෙත් නෑ. ඉදිරියටත් ඒ වගේ විවිධ චරිත රඟපාන්න කැමැත්තකින් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

No comments