Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අපි ආශිකි - 2 වගේ ෆිල්ම් එකක් කරන්න යන්නේ - රොෂාන් ප‍්‍රනාන්දු

මේ දවස්වල ප‍්‍රතිචාර ගොඩක් ඉහළයි වගේ? ඔව්, මේ දවස්වල ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ ප‍්‍රතිචාර මැද ඉතින් ජීවිතය ගෙවී ගෙන යනවා. රිද්මය...



මේ දවස්වල ප‍්‍රතිචාර ගොඩක් ඉහළයි වගේ?

ඔව්, මේ දවස්වල ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ ප‍්‍රතිචාර මැද ඉතින් ජීවිතය ගෙවී ගෙන යනවා. රිද්මය කියලා මගෙ අලූත් මියුසික් වීඩියෝ එක එළිදක්වන්න බලාපොරොත්තුවෙන් හිටියත් පේ‍්‍රක්ෂකයෝ ඒක දකින්නත් කලින් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ලොකු කතා බහකුත් යනවා ඒ සඳහා යොදාගත්ත ඇඳුම පිළිබඳව.

කතාබහකට ලක් වෙන්න තරම් යොදා ගත්ත ඇඳුම් නිර්මාණය මොකක්ද?

මටත් තියෙන ප‍්‍රශ්නෙ ඒක තමයි. ඇඳුමකට විරුද්ධ වෙන්න  ඕන ඒක කිසියම් ආගමකට, දහමකට වගේම ජාතියකට බලපෑමක් එල්ල වෙනවා නම්. එහෙම නැතුව විෂුවල් එක එළියට එන්නත් කලින් මෙහෙම කතා බහක් යන්නේ සින්දුව අහන්නෙත් නැතුව කන්සෙප්ට් එක ගැන දන්නෙත් නැතුව කාටවත් මුකුත් කියන්න බෑ. කලිසන් ෂර්ට් ඇඳලා සින්දු කියන එක ගැළපෙන්නෙ නැත්නම් කිසිම සිංහල සින්දුවක් කියන්න බෑ කලිසන් ෂර්ට් ඇඳලා.

නිර්මාණයක් එළියට එන්නත් කලින් ලැබෙන ප‍්‍රතිචාර ගැන සතුටු නැද්ද?

ගොඩක් සතුටුයි. මොකද ෆොටෝ එකක් දකලා විතරයි මෙහෙම කතාබහක් යන්නේ. හොඳ ප‍්‍රතිචාර තමයි 99%ක්ම ලැබෙන්නේ. වැඩක් කරන කොට මොනව හරි කියන්න බලන් ඉන්න කට්ටියකුත් ඉන්නවනේ. ඒ ගැන ඉතින් අපි ලොකුවට හිතන්න යන්නෙ නෑ. ගොඩක් සුබපැතුම් ලැබෙනවා මේ නිර්මාණය ගැන.

රොෂාන් තවත් අලූත් වැඩකට අත ගහන්න යනවා කියලා ආරංචියක් ආවා?

මොනවා ගැනද මේ කියන්නේ මොන වගේ වැඩක් ගැන ද අහන්නේ?

 රොෂාන් ෆිල්ම් එකක් කරන්න යනවා කියන්නේ ඇත්තද?

ආ... ඒකත් ආරංචි වුණාද? ඔව් ෆ්ලෑෂ් බැක් කට්ටිය එකතු වෙලා ෆිල්ම් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ කට්ටිය ගොඩක් තරුණ පිරිසක් ඉන්නේ. ඉතින් මේ අයත් කැමැතියි ඒ වගේ දෙයක් කරන්න. මේක බොහෝ පේ‍්‍රක්ෂකයන්ගේ ඉල්ලීමක්. ඒ ඉල්ලීම තමයි අපි ඉටු කරන්න හදන්නේ.  හැබැයි එහෙම තාම මුකුත් ලොකුවට හිතලා නෑ. බලාපොරොත්තුවක් විතරයි මොකද දෙයක් කරනව නම් හරියට කරන්න එපැයි.

මොන වගේ කතාවක් හදන්නද බලාපොරොත්තු වෙන්නෙ. 

සංගීතයත් එක්ක ගොඩනැගුණු ආදර කතාවක්. සියලූම ප‍්‍රාසාංගික කලාවන් එකතු කරපු චිත‍්‍රපටයක් තමයි නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. හරියට ආශීකී 2 චිත‍්‍රපටය වගේ එකක්.

අලූතින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්නත් කියලා පේ‍්‍රක්ෂකයන්ගේ ඉල්ලීමක් තියෙනවා නේද?

ඔව්, ගොඩක් දක්ෂ පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ආසාවෙන් ඉන්නවා. ඉතින් ඒ අය අපිව විශ්වාස කරනවා. ලොකු ඉල්ලීමක් තියෙනවා තවත් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්න කියලා.

ඒ ඉල්ලීමට මොනවා වෙයිද?

තාම නම් එහෙම අදහසක් නෑ. හැබැයි හෙට හිතුනොත් එහෙම දෙයක් කරන්න. ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. හැබැයි හරි විදිහට හොඳ දෙයක්.

No comments