Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හමුදාවට එරෙහිව විග්නේශ්වරන් යෝජනා සම්මත කරද්දී 2014දී හිටියේ බුදියගෙනද?

2014 ජනවාරි 27 උතුරේ පළාත් සභාව යුද්ධයේදී සිදු වූ යුද අපරාධවලට වගකිව යුතු හමුදාවට දඬුවම් කරන්න ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි...

2014 ජනවාරි 27 උතුරේ පළාත් සභාව යුද්ධයේදී සිදු වූ යුද අපරාධවලට වගකිව යුතු හමුදාවට දඬුවම් කරන්න ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි යෝජනාවක් සම්මත කර ගත්තේය. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරෙන් පත්තු වුණ පළමු දේශපාලන බෝම්බය එය විය. එසේම යුද්ධයේදී මියගිය අය සිහි කරන්න එල්.ටී.ටී.ඊ. නායකයන් ඝාතනය වූ මුල්ලිවයික්කාල්හි ස්මාරකයක් හදන්නත් යෝජනාවක් සම්මත විය. ඒ බෝම්බය ජාත්‍යන්තර පරීක්‍ෂණ බෝම්බයට වඩා ලොකු බෝම්බයකි.

හැබැයි මේ බෝම්බ දෙක ගැන මෙරට සිංහල මාධ්‍ය වචනයක්වත් ලීවේ නැත. විශේෂයෙන්ම අද උතුරට පෙඩරල් පාලනයක් ඉල්ලා උතුරු පළාත් සභාව යෝජනා සම්මත කිරීම පොල් ගෙඩි අකුරින් පළ කරන සිංහල මාධ්‍ය එදා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කොටි ස්මාරක හදන්න ඉල්ලා සම්මත කළ යෝජනාව පත්තරයේ අන්තිම පිටුවටවත් නිවුස් එකක් ලෙස පාවිච්චි කළේ නැත. ඒ වගේම උදේට පත්තර කියවන විද්‍යුත් මාධ්‍ය එවැනි යෝජනාවක් සම්මත වුණාද කියාවත් නොදන්නවා වගේ සිටියහ. එවකට රටේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභයය. අද පෙඩරල් ඉල්ලා යෝජනා සම්මත කරනකොට පළාත් සභාව විසුරුවන්න ඕන කියන විමල් වීරවංශ එවකට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. උතුර පෙඩරල් ඉල්ලන්න පටන් ගත්තේ අද ඊයේ නොවේ. 1948 නිදහස ලැබෙන්නත් පෙරය. එකල සිට දමිළ දේශපාලන නායකයන් ඔය පෙඩරල් සින්දුව හැමදාම ගයයි. හැබැයි රණවිරුවන් දං ගෙඩියට ගෙන යන්න ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා යෝජනා සම්මත කරනකොට එයින් රටට කිසිදු හානියක් නැතිවා සේ හිටපු මහින්දවාදීන් පෙඩරල් ඉල්ලා යෝජනා සම්මත කරන විට රට ඉවරයි කියා කොස් කොළේ වැටුණ හාවා ලෝකය විනාශයි කියා දිව්වා වගේ දුවයි.

-මව්බිම ගුරුදින විග්‍රහය-

No comments