Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උදාරි ශ‍්‍රීලනිපයෙන් දේශපාලනයට එනවා කියන්නෙ ඇත්තද?

උ දාරි වර්ණකුලසූරිය ළඟදීම දවසක දේශපාලනයට එනවලූ. වටින් ගොඩින් එහෙම ඇහෙද්දී මේ නළු නිළියන්ට ඇත්තටම දේශපාලනයට ඒමේ උම්මාදයක් තියෙනවද කියලත් හ...


දාරි වර්ණකුලසූරිය ළඟදීම දවසක දේශපාලනයට එනවලූ. වටින් ගොඩින් එහෙම ඇහෙද්දී මේ නළු නිළියන්ට ඇත්තටම දේශපාලනයට ඒමේ උම්මාදයක් තියෙනවද කියලත් හිතෙනවා. කොහොම හරි මේ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න හිතාගෙන අපි උදාරිට කතා කළා.

මේ දවස්වල මොනවද වෙන්නෙ?

විශේෂයක් නම් නැහැ. පසුගිය මාසයේ මගේ උපන් දිනය වෙනුවෙන් අම්මා ළඟට ගියා. ඇමෙරිකාවෙ දී තමා උපන් දිනේ සැමරුවේ. ඉන් පස්සෙ සිංගප්පූරුවට ගිහින් මහත්තයත් එක්ක අවුරුද්ද සමරලා අපි දෙන්නම ලංකාවට ආවා. අවුරුදු සතුට ඉවරවෙලා මහත්තයා ඊයේ ආපසු සිංගප්පූරුවට ගියා. මම දෙහිවලින් අලූතෙන් එපාර්ට්මන්ට් එකක් ගත්තා. මේ දවස්වල ඒ වැඩකටයුතුත් එක්ක ටිකක් විතර කාර්යබහුලයි.

ඒ කියන්නෙ පෞද්ගලික ජීවිතෙත් එක්ක කාර්යබහුල වෙලා. රංගනය පැත්තෙන් ටිකක් විතර ඈත්වෙලා?

එහෙම විශේෂයක් නැහැ. හිද්දලයා, මගේ ආදර අවනඩුව ටෙලි නාට්‍යවල රූගතකිරීම් අවසානයි. ඉදිරියේ දී විකාශනයට නියමිතයි. ළඟදීම දවසක මා රඟපෑ අලූත්ම චිත‍්‍රපටය තිරගත වෙනවා. ඒත් එක්කම ටෙලි නාට්‍යය පැත්තෙන් ටිකක් විතර නිහඬව ඉන්නයි හිත.

ඒ චිත‍්‍රපටයත් එක්ක ඔබ ටෙලි නාට්‍ය රංගනයෙන් දුරස් වෙන්නද හදන්නෙ?

පි‍්‍රයන්ත කොළඹගේ මහත්තයගේ ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය ජූනි මාසේ දෙවන දා එනවා. චිත‍්‍රපටයක් එද්දී, පුංචි තිරයෙයි, රිදී තිරයෙයි දකිද්දි මිනිසුන්ට එපා වෙනවා. ඒ නිසා මේ ටිකේ පොඩි විවේකයක් ගන්න හිතුවා.

ඒත් අපට නම් ආරංචි විදිහට උදාරි රංගනයෙන් ඈත්වෙන්නෙ දේශපාලනයට එන්න හිතාගෙනලූ?

කවුද කියන්නෙ. මම කවුරුත් එක්ක එහෙම කතාවක් කියලා නැහැ. වෙන උදාරි කෙනෙක් කීව දෙයක්ද කොහෙද මං කීවයි කියන්නෙ.

කොහොම වුණත් කතාව ඇත්තනෙ. ඔබගෙ හිතේ දේශපාලනයට එන හීනයක් තියෙනවනෙ?

එහෙම දෙයක් තාම නම් මගේ හිතේ නැහැ. ඒත් ඉදිරියේ දී මොනවා වේවිද කියන්න බෑනෙ.

ඒ කියන්නෙ උදාරි දේශපාලනයට එනවා. කවදාද?

අපි ඉපදෙන කොට දන්නෙ නැහැනෙ අනාගතේ කොහොම වෙයිද කියලා. මම දැනගෙන හිටියෙ නැහැනෙ රංගන ශිල්පිනියක වෙයි කියලා. ඒත් එහෙම වුණානෙ. අද මම දන්නෙ නැහැ මම දේශපාලනයට ඒවි ද කියලා. නමුත් මතු දවසක එහෙම එන්න පුළුවනි. ඒක මට අද කියන්න බැහැ.

No comments