Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ධනා තට්ටෙ ගාන්නෙ බාරයක් ඔප්පු කරන්න ද?

මේ දවස්වල චැනල් වන් රූපවාහිනී නාලිකාව හරහා ‘කලර්ස්’ කියන වැඩසටහන ඉදිරිපත් කරමින් ආලින්දයට රසවින්දනය අරගෙන එන ධනංජය, සිරිරජ ටෙලි සිත්තමත් ...

මේ දවස්වල චැනල් වන් රූපවාහිනී නාලිකාව හරහා ‘කලර්ස්’ කියන වැඩසටහන ඉදිරිපත් කරමින් ආලින්දයට රසවින්දනය අරගෙන එන ධනංජය, සිරිරජ ටෙලි සිත්තමත් එක්ක සිය ප‍්‍රතිභාව අවදි කරනවා. ඔන්න  ඉතින් ඔය අතරෙ දි, ළඟදීම දවසක ලොකු වෙනසක් එක්ක ඔහු පේ‍්‍රක්ෂකයන් අතරට එන්න සූදානමක් තියෙනවයි කියලත් අපට දැනගන්න ලැබෙනවා. ඒ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා දැන ගන්න අපි ධනංජයට කතා කළා. 


ධනංජයගෙ පෙනුම වෙනස් කරගන්න යනවා කියලා ආරංචියි?

ඔව්. එහෙම අදහසක් තියෙනවා. පුද්ගලික කාරණයක් මුල් කරගෙන ඒ වෙනස සිද්ධ වෙන්නෙ. ඒ වෙනසත් එක්ක නිර්මාණයකට දායක වෙන්න වුණත් මගේ අකැමැත්තක් නැහැ. ළඟදීම දවසක ඒ වෙනස සිද්ධ වේවි. මමත් හෙට අනිද්දට මධු අයියා වගේම මගේ හිසකෙස් ගාන්න අදහස් කරගෙන ඉන්නවා.

අයියා වගේම තට්ටය පර්මනන්ට් ස්ටයිල් එකක් බවට පත් කර ගන්නද හදන්නෙ?

අපෝ නැහැ. අයියා තට්ටය සදාකාලික ස්ටයිල් එකක් කරගත්තට මම එහෙම කරන්නෙ නැහැ. මේක තාවකාලික වෙනසක් විතරයි.

මොකක්දෝ බාරයක් ඔප්පු කරන්න හිතාගෙන මේ දේට යොමු වුණා කියන්නෙ ඇත්තද?


 බාර හාර, විශ්වාස ඇදහිලි මත ජීවත් වෙන කෙනෙක් නම් නෙමෙයි මම. මට කේන්දරයක් නෑ. ලග්නයක් නෑ. අදේවවාදියෙක්. ඉතින් බාර හාර ඔප්පු කරන්න නම් මම එහෙම කරන එකක් නැහැ.

ඉතින් හේතුව කියන්න අකැමැතියිද?

සත්තකින්ම කියනවා. ඒත් දැන් නෙවෙයි. ඒ සිද්ධිය වෙන කාලෙ දී.

නිර්මාණයක දෙකක රඟපාලා අධ්‍යක්ෂණයට පිවිසෙන රංගන ශිල්පීන් අතර ඔබ තවමත් ඒ තීරණය නොගත්තෙ ඇයි?

අතළොස්සක් දෙනා නිර්මාණ කිහිපයක රඟපාලා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. හැබැයි මම කවදාහරි අධ්‍යක්ෂ පුටුවෙ වාඩි වුණොත්, ආයෙමත් එතනින් නැගිටින එකක් නැහැ. නිර්මාණකරුවෙක් විදිහට අධ්‍යක්ෂවරයෙක් බවට පත් වුණෝතින් එතනින් එහාට රඟපාන එකක් නැහැ. ඒ නිසා මම දැන්ම අධ්‍යක්ෂ පුටුවෙ වාඩි වෙන්නෙ නැහැ.


බොහෝ දෙනකුගෙ අදහසට අනුව ක්ෂේත‍්‍රය විශාල අර්බුදයක. ඔබට කොහොමද ඒක දැනෙන්නෙ?

සාමාන්‍ය පේ‍්‍රක්ෂක ජනතාවට මේ ප‍්‍රශ්නය කොතෙක් දුරට අදාළ වෙයිද කියන්න බැරි වුණත්, මේ වන විට ක්ෂේත‍්‍රයේ අර්බුදයක් තියෙනවා.

අද බිහි වන ඒකාකාරී නිර්මාණ මේ අර්බුදයට හේතුව ලෙස අර්ථකථනය කරන යුගයක ඔබ  එය දකින්නෙ කොහොමද?

හැම නිර්මාණයක්ම ඒකාකාරී නැහැ. ඒක වැරැුදි මතයක්. රැුල්ලට කියන කතාවක්. හොඳම උදාහරණය අපි මෑත කාලීණව රූගත කිරීම් අවසන් කළ ‘සිරිරජ’ ටෙලිනාට්‍යය. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අධික පිරිවැයක් කරලා නිපද වූ ටෙලි නාට්‍යය ලෙස එ ය හඳුන්වන්න පුළුවන්. එවැනි නිර්මාණයක් බලද්දී, අර්බුදය තියෙන්නෙ කොතනද කියලා තේරේවි. විදෙස් ටෙලි නාට්‍ය බලෙන් තහනම් කරලා අතපය හකුළාගෙන හිටියට වැඩක් නැහැ. ඉන් එහා රසාස්වාදයක් සහිත නිර්මාණ අප බිහි කළ යුතුයි.

No comments