Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අලූත් පරපුර යහපාලනේ සායම අරී

මේ පටන් ගත්තා විතරයි සමනලී අනතුරු අ`ගවයි ඉතාම නරක සිදුවීමක් හැටියටයි අපි දකින්නෙ - ගාමිණි වියන්ගොඩ  මම ලැජ්ජ වෙනවා ඇයි අපි මෙහෙම දේ වලට...

මේ පටන් ගත්තා විතරයි සමනලී අනතුරු අ`ගවයි
ඉතාම නරක සිදුවීමක් හැටියටයි අපි දකින්නෙ - ගාමිණි වියන්ගොඩ 
මම ලැජ්ජ වෙනවා ඇයි අපි මෙහෙම දේ වලට සම්බන්ධ වුණේ කියලා. - ලක්ෂ්මන් විජේසේකර

පසුගිය ජනාධිපතිවරණ සමයේ තම සංවිධානයට පහරදුන් පළාත් සභා මන්ත‍‍්‍රී කමල් ඉන්දික හිරියාල ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අලූත් පරපුර යහපාලන ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කරනවා.

ඊයේ(29) කොළඹ දී මාධ්‍ය හමුවක් කැ`දවමින් ඔවුන් මේ සම්බන්ධයෙන් කරුණුදැක්වූවා.

එහිදී සමනලී ෆොන්සේකා අදහස් දක්වමින් කියාසිටියේ, ‘‘පහුගිය කාලෙ ජීවිත තර්ජන මැද්දෙ අපි අමාරුවෙන් දිනා ගත්ත අවකාශය මේ තරම් ඉක්මනට පාවා දීමකට ලක්වුණ එක ගැන ඇත්තටම කණගාටුවෙනවා. ඒත් එහෙම වෙයි කියලා හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට.

ඒත් අපි දැනගෙන හිටියා පක්ෂ දේශපාලන මඩ ගොහොරුව ඇතුළෙ මේවා අලූත් දේවල් නෙමෙයි කියලා. ඉතිං මේ සිදුවීම ගැන ලොකු පුදුමයක් නෑ.

කොහොම වුණත් අපි මේ පටන් ගත්තා විතරයි.’’ කියාය.

එමෙන්ම ගාමිණි වියන්ගොඩ ප‍‍්‍රකාශ කළේ, ‘‘එක දිගට මහින්ද රාජපක්ෂගේ සංස්කෘතිය නියෝජනය කරපු අයම මේ ආණ්ඩුව ඇතුළෙම මන්ත‍‍්‍රීවරුවෙනවා, ඇමතිවරු වෙනවා, නියෝජ්‍ය ඇමතිවරු වෙනවා, රජයේ ඉහළ නිලතල දරනවා, රාජ්‍ය නායකයන්ට උපදෙස් දෙන අය බවට පත්වෙනවා.

මේ සියලූම දේවල් දැන් දිගහැරෙමින් පවතින බව අපට පේනවා. ඉතිං දැන් කලාකරුවන්ට පහර දීපු පුද්ගලයාව අදාළ ආසනයේ සංවිධායකවරයෙක් වශයෙන් වර්තමාන පාලකයන් විසින් පත්කරනු ලැබීම ඉතාම නරක සිදුවීමක් හැටියටයි අපි දකින්නෙ.’’ යනුවෙනි.

‘‘අපට මැරප‍‍්‍රහාර එල්ල කරපු කෙනා යහපාලනය තුළම නැවත ස්ථාපිත කිරීම ඇත්තටම ලජ්ජාවට කාරණයක්. මම ලැජ්ජ වෙනවා ඇයි අපි මෙහෙම දේ වලට සම්බන්ධ වුණේ කියලා.’’ යනුවෙන් ලක්ෂ්මන් විජේසේකර ද එහිදී අදහස් දැක්වූවා.

අදාළවීඩියෝව පහළින්...

No comments