Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කටාන පල්ලියේදී විවාහ වෙන්න හැදුව විජය මාලනීගේ විවාහය නූලෙන් වැළකුණු හැටි

විජය මාලනී පෙම් පුවත කියන්නේ සිංහල සිනමාවේ අතීතය දන්න කාටවත් හංගන්න දෙයක් නෙවෙයි. 70 දශකයේ සිනමාවේ ජනප්‍රියම පෙම්වතුන් දෙදෙනා වුණු ...

විජය මාලනී පෙම් පුවත කියන්නේ සිංහල සිනමාවේ අතීතය දන්න කාටවත් හංගන්න දෙයක් නෙවෙයි.

70 දශකයේ සිනමාවේ ජනප්‍රියම පෙම්වතුන් දෙදෙනා වුණු විජය මාලනී සැබෑවටම විවාහ වෙන්න හිටි බවත් ඒ විවාහය වැළකුණු හැටිත් චිත්‍රපට නිෂ්පාදකයෙක් වගේම හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක් වුණු නීල් රූපසිංහ සති අන්ත පුවත් පතකට හෙළි කළේ මෙහෙමයි.

"හතර දෙනාම සූරයෝ, ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපට නිසා විජය හුඟක් ජනප්‍රිය වුණා. විජය මාලනී සැබෑ ජීවිතයේ දීත් පෙම්වතුන් වුණා. අපි උදව් කළා. විජයට මාලනිව බඳින්න වුවමනා වුණා. මාත් එක්ක විවාහ මංගල්ලය ගැන බොහෝ දේවල් කතා කළා.

කටාන පල්ලියේ තමයි විවාහය සූදානම් කළේ. මාලනීගේ ඇඳුම් එහෙම හදන්න මගේ නංගි නෝනා උදව් කළා. මම සියලු බර කරට අරන් විජය වෙනුවෙන් සියල්ල සංවිධානය කළා.

අවාසනාවකට බඳින්නේ හෙට කියන දවසේ විජයගේ අයියා සිඩ්නි කුමාරතුංග මිය ගියා. විජයයි ජීවන්ගේ තාත්තා සිඩ්නියි අතරේ තිබුණේ මහා ගෞරවයක් මුසු වෙච්ච සහෝදර බැඳීමක්.

සිඩ්නිගේ මරණය නිසා විජය මාලනී විවාහය කල් ගියා. පස්සෙන් පහු ඒ සම්බන්ධය නැහුව ගියා. එදා විජයගේ අයියා සිඩ්නි මළේ නැතිනම් විජය මාලනී කතාව වෙනස්ම දෙයක් වෙන්න ඉඩ තිබුණා. ඒක තමයි දෛවය...."

No comments