Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සභාපති ඉවත් කරන්නැයි වරාය සේවකයෝ උපවාසයක

ප‍්‍ රසාද දීමනා ගැටඵවක් මුල් කර ගනිමින් වරාය සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ අරගලය මේ වන විට උපවාසයක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තා වේ. ...

ප‍්‍රසාද දීමනා ගැටඵවක් මුල් කර ගනිමින් වරාය සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ අරගලය මේ වන විට උපවාසයක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තා වේ.

වාර්ෂික ප‍්‍රසාද දීමනාව 150000ක් දක්වා වැඩිකර ඉන් 75000ක් අපේ‍්‍රල් සම ගෙවන ලෙස ආණ්ඩුවට හා ඇමතිවරයාට බල කරමින් පසුගිය 05 වන දින සියලූ වෘත්තීය සමිති එකතුව ඒකාබද්ධ උද්ඝෝෂණයක් පැවැත් වූ අතර ඒ ස`දහා පාලනාධිකාරය ඇහුම්කන් නොදුන් බව අදාළ වෘත්තීය සමිති චෝදනා කරනවා.

එසේම අදාළ ඉල්ලීම් අතර ජයබහළු දිරිදීමනාව ශ‍්‍රමිකයන්ට සාධාරණ ආකාරයෙන් බෙදා දෙන ලෙසටත් වරාය දේපල හා සේවාවන් පෞද්ගලීකරණය කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණ වහා ඉවත් කර ගන්නා ලෙසත් නව මානව සම්පත් සැලැස්ම හා බ`දවා ගැනීමේ පරිපාටිය තුළින් ඇතිවී ඇති විෂමතා ඉවත් කරන ලෙසත් වැනි ඉල්ලීම් ගණනාවක් සේවක ඉල්ලීම් අතර වන බව ස`දහන්.

 මේවන විට සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලීමක්ද අදාළ ඉල්ලීම් අතරට එකතු වී ඇත.

 කෙසේ වුවද ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉතිහාසය තුළ පාලනාධිකාරයට එරෙහිව ගොඩනැගුනු ප‍්‍රබලම වෘත්තීය සමිති එකමුතුව මෙය බවයි වාර්තා වන්නෙ.


No comments