Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හිස් ටින් එකෙන් ආපු එම්.ජීට හිස් ටින් එකත් නැතිවෙයි

එම්.එස්.ගෙ සිංදු ආයෙත් මතක්කරලා දීපු ඞී‍්‍රම්ස්ටාර් ගායක එම්.ජී. (එම්.ජී. ධනුෂ්ක) දැන් එම්.එස්.ගෙ සිංදු කියන එක නතර කරලා කියලා ආරංචි වුණා...


එම්.එස්.ගෙ සිංදු ආයෙත් මතක්කරලා දීපු ඞී‍්‍රම්ස්ටාර් ගායක එම්.ජී. (එම්.ජී. ධනුෂ්ක) දැන් එම්.එස්.ගෙ සිංදු කියන එක නතර කරලා කියලා ආරංචි වුණා.

ආරංචියෙ හැටියට එම්.ජී.ට එම්.එස්ගෙ සිංදු කියන එක තහනම්ලූ. එම්.ජී.් කින්නෙ, තවත් ඉතින් එම්.එස්ගෙ සිංදු කියන එකේ තේරුමක් නෑ කියලා. ජනප‍්‍රියත්වයක් නැතුව සැඟවිලා වගේ තිබුණු සිංදු මහන්සිවෙලා ගායනා කරලා, ජනතාව අතරට ගෙනාවම, ඒ පරණ සින්දුවල මාර්කට් එක හැදුවම, සමහරුන්ට ඒවා ඉවසන් ඉන්න බැරිලූ.

ඉතින් ප‍්‍රශ්න ඇති කර ගන්න එයා කැමැති නැති නිසා එම්.එස්ගෙ සින්දු කියන එක එම්.ජී. නතර කළාලූ. එයා එයාගෙ රසිකයන්ටත් කියන්නෙ, ආයෙත් එයාගෙන් එම්.එස්ගෙ සින්දු ඉල්ලන්න එපා කියලලූ.

අනේ මන්දා ඉතින් ඒගොල්ලොමයි ඉරන්නෙත්. ඒගොල්ලොමයි මහන්නෙත්. අපි ඉතින් බලාගෙන ඉමු. වෙන මොනා කරන්නද?

No comments