Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ‍්‍රී ලංකා ටෙලිකොම් විපතට පත්වූවන්ට ලක්ෂ 100ක් දෙයි

ඇමති හරීනුත් මාසික වැටුප දීලා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ මාසික වැටුප හා ශ‍්‍රී ලං...

ඇමති හරීනුත් මාසික වැටුප දීලා

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ මාසික වැටුප හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්ගේ දිනක වැටුපත් ඇතුළුව රුපියල් ලක්ෂ සියයක මුදලක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පිටාර ගැලූ කැළණි ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විපතට පත්වූවන්ගේ නෑදෑ හිතමිතුරන්ට තොරතුරු ලබා දීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද ටෙලිකොම් මොබිටෙල් ආයතන හා අමාත්‍යවරයා එක්ව තීරණය කර තිබෙනවා.

මෙහිදී සියලූම සහන සේවා මධ්‍යස්ථාන සඳහා කිසිදු අයකිරීමකින් තොරව විදුලිය ලබා දීමටත් අයකිරීමකින් තොරව දුරකතන සේවා ලබාදීමටත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ආයතන මඟින් කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

අදාළ මාධ්‍ය හමුව සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන සහ ප‍්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර යන මහත්වරු ද එක්ව සිටියා.

අදාළ වීඩියෝව පහළින්...


No comments