Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිහාල්සිංහයන් ගාමිණීට බෝතල් 2000ක් ණය වූ හැටි

වැලිකතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ඩී.බී නිහාල්සිංහ මහතා  එහි ප්‍රධාන නළුවාගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා මහතා සමඟ ඔට්ටුවකට අවතීර්ණ ව...

වැලිකතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ඩී.බී නිහාල්සිංහ මහතා  එහි ප්‍රධාන නළුවාගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා මහතා සමඟ ඔට්ටුවකට අවතීර්ණ විය. එනම් චිත්‍රපටය රුපියල් ලක්ෂ අටෙන් පසුව ලාභ ලබන සෑම ලක්ෂයකටම බීර බෝතල් 144 ක් නිහාල්සිංහ මහතා විසින් ගාමිණී ෆොන්සේකා මහතාට ලබා දීමටයි.

මේ ඔට්ටුව ඇති වී ඇත්තේ චිත්‍රපටය සාර්ථක වේදැයි දැන්ම කිව නොහැකි බව නිහාල්සිංහ මහතා ප්‍රකාශ කිරීමත් සමඟයි. එහිදී ගාමිණී ෆොන්සේකා ප්‍රකාශ කර ඇත්තේ චිත්‍රපටය අනිවාර්යෙන්ම ලක්ෂ අටට වැඩියෙන් ලාභ ලබන බවත් ලක්ෂ අටෙන් පසු ලාභ ලබන සෑම ලක්ෂයකටම බීර බෝතල් 144ක් ලබා දිය යුතු බවත්ය.

කෙසේ වෙතත් චිත්‍රපටයේ ලාභය ලක්ෂ 9 ඉක්මවද්දී ගාමිණී ෆොන්සේකාගේ නිවසට බීර බෝතල් 144 ක් යැවීමටත් ලක්ෂ 11 වනතෙක් බීර බෝතල් නිහාල්සිංහයන් තමන් වෙත එවා ඇති බවත් ගාමිණී ෆොන්සේකා පසුකලෙක සිනහ සෙමේන් ප්‍රකාශ කර තිබේ. 

පසු කලෙක මෙම අපූරු ඔට්ටුව පිළිබඳ මතක් කළ ගාමිණී කියා ඇත්තේ වැලිකතර දැනට ලක්ෂ 25 ක් පමණ ලාභ ලබා ඇති බවත් ඒ අනුව නිහාල්සිංහ තාමට බීර බෝතල් 2000 ක් පමණ ණය බවත්ය.

No comments