Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනුරත් දැන් රනිල් වගේ...

වැඩි කතාවක් නැතුව වැඩ ටික කරන් ඉන්න, හිතුණු ගමන් රට ගිහින් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගන්න, මීඩියා වලින් ප‍්‍රශ්න කරන කොට අමරාවික්ඛේප...


වැඩි කතාවක් නැතුව වැඩ ටික කරන් ඉන්න,
හිතුණු ගමන් රට ගිහින් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගන්න,
මීඩියා වලින් ප‍්‍රශ්න කරන කොට අමරාවික්ඛේපවාදය (ආඳා මෙන් ලිස්සායන) පාවිච්චි කරන,
කාලෙකින් (සමහර විට කවදාවත්ම) කුඹුරකට නොබැස්සත් උදැල්ලට කැපෙන පණුවො ගැන කතා කරන,
මාක්ස් - ලෙනින් බහුරූ කෝලමක් විදිහට හිතන, විජේවීර ගැන දන්න, ඒත් ඒ පවුල ගැන නොදන්න,
කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් ගැන අහලවත් නැති,
ලන්සි පැපොල් වුණත් කෙළින් කියල පෙන්නන,
පාර්ලිමේන්තුවෙදි ‘සැන්ඩි’ කරලා යූඑන්පී ඇමතිලාගෙන් ප‍්‍රශ්න අහන,
යන ගමන් ‘ටටා’ කියන, පැත්තෙන් හිනාවෙන,
සුමානෙකට පාරක් දෙපාරක් සිරිකොත පැත්තෙ ජොගින් යන,
හිටි ගමන් කළු කෝපිත් බොන, තරුපහේ හෝටල්වල නිදාගෙන මැයි දිනේට ඇවිත් ‘සීයේබත්’ කන,
නායකත්වය ගැන ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න ආවත් කිසිදෙයක් නොවුණ ගානට ඉන්න,
(ළඟක දි ඉඳලා) වැඩ කරන ජනතාව ගැන මෙලෝදෙයක් නොදන්න,

අනුර

ඇත්තමයි, ඔයත් දැන්
රනිල් වගේ...

විළි ලැජ්ජයි, සංතෝසයි  ඕයි...
(ඉතිං...සජිත්, ඇයි ඔයාට අවුල්ද? පුහ්... මළසමයං)

No comments