Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආණ්ඩුව කැලයක් - නසීර් තාම පැළයක් (‘එක්ස්කියුස් මී සර්... සමහරවිට අදාළම නැතුව ඇති...’)

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් නාවික හමුදා නිලධාරියෙකුට ‘ප්‍රෝටකොල්’ සිහිපත්කර දීමේ සිද්ධිය ගැන අපි මොකුත් ලියන්නැත්තෙ ඇයි කියලා බුකියෙ සමහ...

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් නාවික හමුදා නිලධාරියෙකුට ‘ප්‍රෝටකොල්’ සිහිපත්කර දීමේ සිද්ධිය ගැන අපි මොකුත් ලියන්නැත්තෙ ඇයි කියලා බුකියෙ සමහරු අපෙන් ප‍්‍රශ්න කළා.

සමහරු හිතුවෙ අපි දාගෙන ඉන්න සමහර දේශපාලන ඞීල් නිසා ඒ ගැන මොකුත් ලියන්නෙ නෑ කියලා.

අපිට පේන කියන්න බැරි වුණාට කුණු වෙච්ච දේශපාලන දේහයේ ඊළඟට පනුවො ගහන්නෙ කොහාටද කියලා අනුමානයෙන්, ඒත් තක්කෙටම කියන්න පුළුවන්.

දැන් ගොඩක් අය නසීර්ගෙ සිද්ධිය කතාකරලා, පෙට්ටිය සොහොන් කරලා, බූරුවා ගහලා, බණ කියලා, හත්දොහේ දානෙ දීලත් ඉවරයි.

ඊයේ ඇමති රාජිතත්  නසීර් ගැන කතා කළා වැඞී කියලා ‘ෆකීර්’ කතාවක් කියලා තිබුණා.

( අපි එයාට කියන්නෙ නිකං ණයට කහින්නැතුව ඉන්න කියලා. මොකද එයා ගැන වෙනම ම දේවල් ටිකක් තියෙනවා කතාකරන්න. ඒ නිසා අනුන්ගෙ එව්වට හොට දාලා ඔයා ආයෙත් ලෙඩ වෙන්න එපා ඇමැතිතුමා. මොකද සෞඛ්‍ය ඇමැති වුණාම සනීපෙට ඉන්න  ඕන නේ.)

කොහොමවුණත් නසීර්ගෙ කතාව අපිට අනුව නම් ඉතාම සරලයි. ලොකු ලොකු දේවල් නෑ.

Protocol (ප්‍රෝටකොල්) කියන්නෙ චාරිත‍්‍ර විධිය. පොරොන්දුවක් ඉටු විය යුතු විධිය කියල ගත්තත් වරදක් නෑ. නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් නාවික නිලධාරියාට මතක් කරලා දුන්නෙ අදාළ ප්‍රෝටකොල් එකලූ. (ඒගැන අන්තවාදීන්, ජාතිවාදීන් සතුටුවන ආකාරයේ සටහනක් පසුව තබමි.) ඒ වෙලාවෙ නාවික නිලධාරියා කිව්වෙ ‘එක්ස්කියුස් මී සර්...’ කියල විතරයි. හැබැයි එතැනින් එහාට ගේම ගැහුවෙ මීඩියා ටිකයි, සමහර මිනිස්සුයි, තම්බියට, දෙමළට පඩයක් හරි යනකල් ඉඳලා ‘අනේ හරි ගඳයි’ කියන ජාතිවාදී නඩයයි.

ඇත්තටම බොලට නිකමටවත් හිතෙන්නෙ නැද්ද නසීර් නාවික නිලධාරින්ට ප්‍රෝටකොල් මතක් කරලා දෙන චූල සම්ප‍්‍රදාය බිහි වුණේ මෛත‍්‍රී - රනිල් ඇතුළු ආණ්ඩුවේ ප්‍රෝටකොල් අමතක කරපු මහා සම්ප‍්‍රදාය නිසා කියලා.

2015 බලේට එනකොට යහපාලනේ අය දීපු පොරොන්දු මලූ, තවුසන්ඞ් ටෝක්ස්, හිත නිවන කතා, ධර්ම චින්තා ඔක්කොම දැන් සිරිසේනටයි, වික‍්‍රමසිංහටයි, සමස්ත ආණ්ඩුවටයි, සමහරු එළිපිට තටමන කොට හොරෙන් ගිහින් බෙට්ට අල්ලපු ජවිපෙටයි මතකද දන්නෑ. අමතක නම් මතක්කර ගන්න පොරොන්දුවක් වුණාම ඒක ඉෂ්ට කරන්න  ඕන කියන ප්‍රෝටකොල් එක. (වෙච්ච පොරොන්දු මෙතැන ලියන්න  ඕන නෑනේ. ටොයියන්ට අමතක වුණත් බයියන්ට මතක ඇතිනේ.)

ඉතිං නසීර්ගෙ සිද්ධිය මේ දූපතේ අපිට තවත් එක් සිද්ධියක් විතරමයි. එහෙව් එකේ අපේ කියැවීමට අනුව ආණ්ඩුව කියන්නෙ එහෙම්පිටින්ම ‘කැලයක්’. නාවික නිලධාරින්ට ප්‍රෝටකොල් කියල දෙන නසීර් කියන්නෙ තාම ‘පැළයක්’. මේවා තේරුම් නොගන්න එවුන්ගෙ මොළේ ඇත්තටම වඳ පීදුනු ‘අලයක්’.

‘එක්ස්කියුස් මී සර්... සමහරවිට අදාළම නැතුව ඇති...’

No comments