Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අපට ඔය ෙසෙලය අල්ලන්නේ නැත

පිලිප් ගුණවර්ධන ජෝන්කොතලාවලට ගැහුවේ එළිපිටය. 1956 ජෝන්කොතලාවල ඇම්. ඇස්. තේමිස්ට ගැහුවේද එළිපිටය. ඩඞ්ලි සේනානායක මෛත‍්‍රීපාල සේනානා...


පිලිප් ගුණවර්ධන ජෝන්කොතලාවලට ගැහුවේ එළිපිටය.
1956 ජෝන්කොතලාවල ඇම්. ඇස්. තේමිස්ට ගැහුවේද එළිපිටය.
ඩඞ්ලි සේනානායක මෛත‍්‍රීපාල සේනානායකට ගැහුවේද (ගහන්නට තැත් කළේද) එළිපිටය.
1965-70 ආණ්ඩු සමයේ අශෝක කරුණාරත්න පී. බී. එම්. හේරත්ට ගැහුවේද එළිපිටය.
1974 එස්. කේ. කේ. සූරියආරච්චි ඩබ්ලියු. පී. ජී. ආරියදාසට ගැහුවේද එළිපිටය.
න්‍ාසුදේව නානායක්කාරට ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් පහරදුන්නේද එළිපිටය.
මර්වින් සිල්වා කොලොන්නාවේ සුමංගල හිමියන්ට ගැහුවේද එළිපිටය.
සන්දිත් සමරසිංහට ප‍්‍රසන්නරණවීර ගැහුවේද එළිපිටය.
ප‍්‍රසන්න රණවීරට පාලිත තෙවරප්පෙරුම ගැහුවේද එළිපිටය.

එපමණක්නොව,
මහින්ද කොටියාට ගැහුවේද, කොමිස් ගැහුවේද එළිපිටය.
ණය ගත්තේද, ඞීල් දැම්මේද එළිපිටය.
වැඩ කළේද එළිපිටය.
ඉස්සර රට ගියේද, දැන් රට යන්නේද එළිපිටය.

එහෙත්,
මෛත‍්‍රී මහින්දට ගැහුවේද, ගහන්නේද රහසේය.
මෛත‍්‍රී - රනිල් සෙට් වෙන්නේද රහසේය.
රාජිත ඒ හැම එකකටම ගොට්ට අල්ලූවේද, අල්ලන්නේද රහසේය.
අනුරලා සිරිකොතේ ලන්ච් ගන්නේද රහසේය.
යහපාලන ඇමතිවරු නිළියන් එක්ක රට යන්නේ ද රහසේය.
සුඛෝපභෝගී වාහන ගේන්නේද රහසේය.
සමෘධිය කපන්නේද රහසේය.
බදු ගහන්නේද රහසේය.

දැන්,
රනිල් මෛත‍්‍රීට ගහන්නේ රහසේය.
අනුර ලාල්කාන්තට ගහන්නේ රහසේය.
විමල් බැසිල්ට ගහන්නේ ද රහසේය.
ඒ අර්ථයෙන් මේ ඔක්කොම හැංගිලා ගහන චණ්ඩින්ය.
ප‍්‍රසන්නලා, තෙවරප්පෙරුමලා එළිපිට ගහන, දඬුවම් විඳින අහිංසකයන්ය.
ඉතිං... අපිට හැංගිලා ගහන ‘දේශපාලන ෙසෙලය අල්ලන්නේ නැත’.
මොකද අපි
තද... තද... 
නෝමල්ය.


No comments