Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොමිසම ඉස්සරහට ගිය ජැකාට සිරිකොතින් සම්මානයක් ! අනූෂටත් ලොකු පුටුවක්

මේ කතාව පටන් ගන්න  ඕන කොතැනින්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ. එත් මේ කතාව ලියන්න වටින එකක්.  අහිංසක ජැක්සන් ඇන්තනී මහත්තයවත් ඔන්න බරපත...


මේ කතාව පටන් ගන්න  ඕන කොතැනින්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ. එත් මේ කතාව ලියන්න වටින එකක්. 

අහිංසක ජැක්සන් ඇන්තනී මහත්තයවත් ඔන්න බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට ඊයේ(24) කැෙඳව්වා. ඒ හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යයේ ඔහු විසින් පැවැත්වූ නාට්‍ය අංගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළා කියන චෝදනාවකට.

මේ සිද්ධිය ගැන එයා කලින් දැනන් හිටියෙ නෑ කියල නම් හොඳටම ෂුවර්. දැන ගත්තත් දැන ගෙන වැඩි වෙලාවක් නම් වෙන්නම බෑ. මොකද එයා ඒක කළින් දැන ගත්ත නම් මීට වඩා හොඳට අදාළ පිටපතට සාධාරණයක් කරනවා ෂුවර්.

අපි කොච්චර මොනවා කිව්වත් ලොකු ලොකු අය (හරියට රජවරු වගේ) ලියන පිටපත් කලින් ලියන්නෑනේ. නළුවා සෙට් එකට ඇවිත් අදාළ ලොකේෂන් එකේදිම තමයි පිටපත තීරණය කරන්නේ. දැන් කොහොමත් මෙගා වගේ ලොකු ඒවා ලියන්නෙත් එහෙම නේ.

ඊටත් ඉතිං ජැකාට රඟපාන්න කියාදෙනවා කියන්නෙ ගහේ කටු උල් කරනවා වගේ වැඩක්. මේ ඊයේ පෙරේදත් හොඳම නළුවා වුණා මතක ඇතිනේ. 

කවුරු මොනවා කිව්වත් ජැකා ඉස්සර වගේම තවමත් දක්ෂයි. නැත්නම් අර විදිහට යහපාලන ආණ්ඩුව කියපු විදිහටම ජනාධිපති කොමිසම ඉස්සරහා රඟපෑවෙ කොහොමද? ඒ අතින් ජැකාලා තාමත් රාජකීය නළුවො. අපි ඉන්ටර්නැෂනල් පේ‍්‍රක්ෂකයො. වෙලාවකට ආඩම්බරත් හිතෙනවා තේරුමක් නැතුවම.

හැබැයි ඉතිං (රඟපෑම නෙමෙයි) සමහර දේවල් ගැන නම් ජැකාට අනුරලාගෙන් (ඒ කියන්නෙ ජවිපෙන්) ටියුෂන් ගන්න වෙනවා. කොහොමද එකපාරටම මහින්දව අතහැරලා මෛත‍්‍රී ගාවට යන්නෙ, කොහොමද රනිල් ළඟට යන්නෙ, කොහොමද මංගලව කිතිකවලා හයියෙන් හිනා වෙන්නෙ වගේ ඒවා. හරියටම කියනවා නම් අර හිටි ගමන් අභිනිෂ්ක‍්‍රමනය කරනවා වගේ දේවල්. 

කොහොම වුණත් කල් ගිහිල්ලා හරි ජැකා මේ දේවල් ඉගෙන ගත්තෙ එක කොච්චර දෙයක් ද? ඉදිරි සිනමාව ගැනත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. මටත් වෙලාවකට පුදුමයි. මොකද මෙච්චර සිනමා ලෝලියෙක් වුණ මමවත් ජැකාගෙන් ඒවගේ රඟපෑමක් දැකලම තිබුණෙ නෑ. හැබැයි කොහොම වුණත් වැඬේ සුපිරියටම කළා. සමහර විට අගමැතිතුමා වුණත් කතා කරලා කියන්න පුළුවන් ‘අනේ ජැක්සන්, ඔයා අපිට  ඕන විදිහටම, හරියටම වැඬේ ගොඩ දැම්මා...’ කියලා. ඉදිරි දවසක සිරිකොතින් සම්මානයක් ගන්නවා ෂුවර්. මොකද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ සුපිරි වැඩ කරපු සජින් වාස්ලට, අනූෂ පැල්පිට වගේ අයට වගේම ජැකාලටත් සලකන්න එපායැ. නැත්නම් මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සාධාරණ ආණ්ඩුවක් වෙන්න බෑනෙ.

ආණ්ඩුව නළු නිළියො දාලා (කතිර ගහලා, ටැක්ස් වැදිලා, ගංවතුරට ගිහින්) අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට මේ දෙන ආතල් මෙගාව ඉස්සරහට නාඩගමක් වෙලා කෝලමක් වෙන්න නියමිතයි. අද හෙටම නාමල් රාජපක්ෂත් නළුවෙක් වෙන්න නියමිතයි. මේ වගේ දේවල් වෙනකොට අපිට ආණ්ඩුවෙන් අහන්න එකම එක දෙයයි තියෙන්නෙ.


 ‘අපි දැන් හිනාවෙන්නත්  ඕනද?’


No comments