Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘දුව නිසයි මම එහෙම කළේ ’ - ප‍්‍රසංගයේ වුණ ආරවුලෙන් පස්සෙ ජොලි සීයාට වෙච්ච දෙයක්

ජොලි සීයේ මොකද මේ දවස්වල වෙන්නේ? ප‍්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ප‍්‍රසංගවලට යනවා. සින්දු කියනවා. වැස්ස නිසා ප‍්‍රසංග කල් යනවා.  ඕවා තමයි ඉ...

ජොලි සීයේ මොකද මේ දවස්වල වෙන්නේ?

ප‍්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ප‍්‍රසංගවලට යනවා. සින්දු කියනවා. වැස්ස නිසා ප‍්‍රසංග කල් යනවා.  ඕවා තමයි ඉතින් මේ දවස්වල වෙන්නේ.

ප‍්‍රසංගයකට සහභාගි වෙලා ආරවුලක් ඇති වුණා කියලා අපිට ආරංචියි?

ඇත්තටම ඒක ආරවුලක්වත්, ගැටුමක්වත් නෙමේ.

එහෙනම් ජොලියට වුණ දෙයක්ද?

නෑ. මම නිවේදකයෙක්ට පාඩමක් කියලා දුන්නා විතරයි. මොකද මං ප‍්‍රසංගයට සහභාගි වෙලා ගීත ගායනා කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. මම වේලාසනින්ම ප‍්‍රසංගයට සහභාගි වුණා. හැබැයි මට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණෙ නෑ. මම කිහිප වතාවක්ම නිවේදකතුමාව දැනුවත් කළා. මට පස්සේ ආපු අය ඔක්කොම සින්දු කිව්වා. මට අවස්ථාව ලැබුණෙම නෑ. ගීත ගායනා කරන්න  ඕනෙ සැහැල්ලූවෙන්. හැබැයි එතන තිබ්බ වාතාවරණයත් එක්ක එහෙම අවස්ථාවක් උදා වුණේ නෑ. නිවේදකතුමා මගෙ බොහොම හිතවත් පුද්ගලයෙක්. නමුත් ඔහු කලින් වතාවකදිත් මට එහෙම කරලා තියෙනවා. මම ඔහු සමඟ ආරවුලක් ඇති කරගන්න ගියේ නෑ. වේදිකාවට ගිහින් ඔහුගේ කනට කරලා හොඳ පාඩමක් කියලා දුන්නා එච්චරයි. ඊට පස්සෙ මම එතැනින් පිටවෙලා ආවා.

කියලා දුන්න පාඩම නිසා නිවේදකතුමා සමාව ගන්න ජොලි සීයලගේ ගෙදර ආවලූ නේද?

ඔව්, එතුමා අපේ ගෙදර ආවා. ගේට්ටුව ළඟට වෙලා හිටියා. වයිෆුයි, දුවයි කතා කළා. මට නම් කතා කරන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. මට හරිම අප‍්‍රසන්නයි. දුව කිව්වා ගෙදරට ආපු කෙනෙක්නේ එහෙම හරවලා යවන්න එපා කතා කරන්න කියලා. මම ගේට්ටුව ළඟට ගිහින් කිව්වා ආපහු කිසිම සම්බන්ධතාවක් නෑ. කරුණාකරලා යන්න කියලා. ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ඔහු පිටවෙලා ගියා.

ජොලි සීයට ගොඩක් කේන්ති ගිහින් වගේ?

වෙච්ච සිදුවීම් සමඟ මම ඔහු සමඟ ලොකු අප‍්‍රසන්න හැඟීමකින් ඉන්නෙ. මගෙ බොහොම හිතවතෙක් වුණත් ආපහු ඔහු සමඟ කටයුතු කරන්නෙ නෑ කියලා තමයි දැනට හිතාගෙන ඉන්නේ. ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ.

මේ අල්ලපනල්ලෙ හොර ජොලි සීයලත් බිහි වෙලාලූ නේද?

ඔව්. දැනට හතර දෙනෙක් අල්ලගෙන තියෙනවා. තව අට දෙනෙක් ඉන්නවා. අලූත්කඬේ උසාවියේ ඒ පිළිබඳව නඩුවකුත් ගොනු කරලා තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජවාදී ජනරජයේ බුද්ධිමය දේපළ පනත යටතේ මම ලියාපදිංචි වෙලා තියෙනවා මෙහෙම වේෂ නිරූපණයක් සිදු කරමින් ගීත ගායනා කරන්න. කාටවත් ජොලි සීයව අනුකරණය කරන්න බෑ. මං වගේ වෙස් වලාගෙන ගීත ගායනා කිරීම දඬුවම් ලැබෙන වරදක්. එහෙම මං වගේ ගීත ගායනා කරන හොරු ටික තමයි අල්ලගන්නේ. ගොඩක් ප‍්‍රසංගවලට මේ අය මං වගේ ගීත ගායනා කරලා තියනවා.

ජොලි සීයා කරපු අලූත් වැඩ ගොඩක් තාම රසික රසිකාවියන්ගේ රසවින්දනයට ලබා දීලා නෑ කියලා ආරංචියි?

ඇත්තටම මම ගීත දෙක තුනක්ම අලූතෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒවා එළියට දාන්න බෑ. මේ හොර ජොලි සීයලා නිසා. ඒකයි තාම එම ගීත මම ජනතාව වෙතට ගෙන ආවේ නැත්තේ.

හොර ජොලි සීයලා නිසා හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?

අපෝ නෑ. මගේ ප‍්‍රථම ඒක පුද්ගල ගීත ප‍්‍රසංගය මම නොබෝ දිනකින් කටාර් හි දී පවත්වන්න බලාපොරොත්තු වෙනාව. ජොලි සීයාගේ ත්‍සඩැ සබ ධබැ කියලා.

ජොලි සීයගේ ප‍්‍රසංගය ඇයි ලංකාවේ පවත්වන්නේ නැත්තේ?

කටාර් හි දී ප‍්‍රසංගය අවසන් වෙලා මං ලංකාවෙදිත් ප‍්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මෙම ප‍්‍රසංගයට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. මට ලොව වටා ප‍්‍රසංගවලට දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියෙදි හොඳ වැඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

අතීතයේ හිතවත් වර්තමානයේ අප‍්‍රසන්න නිවේදකතුමාත් මෙම ප‍්‍රසංගයට හවුල් කරගන්න ඔබේ අදහසක් තිබුණා නේද?

ඇත්තටම දෙවියෝ විසින් තමයි ප‍්‍රශ්නයක් ඇති වෙලා ඔහුව මගෙන් ඈත් කළේ. නැත්නම් මම ඔහුවත් මගේ ප‍්‍රසංගයට හවුල් කරගන්න තමයි හිටියේ. දැන් ඒ හැමදේම ඉවරයි හොඳ වෙලාවට.

ප‍්‍රසංගය සඳහා  Five in One   කියන්න හේතුව මොකක්ද?

මගේ ප‍්‍රසංගයේ දී මම ජොලි සීයගේ පවුලේ පස් දෙනෙක් වේදිකාවට ගෙන එනු ලබනවා. ජොලි සීයගේ අයියා සුදු සීයා, ජොලි සීයගේ බිරිඳ ජොලි ආච්චි, ජොලි සීයගේ පුතා ජොලි සනා, ජොලි සීයාගේ මන්දබුද්ධික පුතා බුද්ධික සමඟ ජොලි සීයා. මෙහි තියන විශේෂත්වය තමයි මෙම චරිත පහම නිරූපණය කරන්නේ මා විසින්මයි. නොබෝ දිනකින්ම මගේ රසික රසිකාවියන්ට මෙම අපූරු අත්දැකීම විඳගන්න අවස්ථාව සලසා දෙන්න බලාපොරොත්තු වෙනවා.

No comments