Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනූෂා රහසක් හෙළි කරයි

ජීවිතය සහ ආදරය ‘‘ආදරය ගොඩක් තියෙනකොට ජීවත් වෙනවා වගේ හැඟීමක් එනවා. අනේ මන්දා මට නම් එහෙම අනන්තවත් හිතිල තියෙනවා. පාළුව, තනිකම නැති වෙනව...


ජීවිතය සහ ආදරය

‘‘ආදරය ගොඩක් තියෙනකොට ජීවත් වෙනවා වගේ හැඟීමක් එනවා. අනේ මන්දා මට නම් එහෙම අනන්තවත් හිතිල තියෙනවා. පාළුව, තනිකම නැති වෙනවා. ඇත්තටම ආදරේ නැතුව මොහොතක්වත් ජීවත් වෙන්න අමාරුයි.

ආදරේ නැති මොහොතක් හරි ගෙවා දානවා කියන්නෙ අමාරු වැඩක්. මට හිතෙන විදිහට ආදරේ කියන්නෙ වෙලාවකට විඳින්න තියෙන දෙයක්. තවත් වෙලාවකට විඳවන්න තියෙන දෙයක්. පැණි රසයි තමයි. ඒත් වැඩිය කෑවොත් තිත්තයි.’’

‘‘ඒ දවස්වල මට මතකයි ගොඩක් අය මගෙ පස්සෙන් එනවා. අනේ මට තේරෙන්නෙත් නෑ.  මං එතකොට ඉස්කොලෙ යනවා. ධරැුඛ පන්තියෙ හිටියේ කොහොමින් කොහොම හරි මාත් එක්කෙනෙක්ට කැමැති වුණා. ඒත් ඉතින් ඒක ආදරයක්මයි කියලා කියන්නත් අමාරුයි. මට හිතෙන්නෙ ඒක ආකර්ෂණයක් කියලා. කැමැති වීමක්. දකින්න තියෙන  ඕනකමක්...
(මොහොතක් නිහඬව සිටි ඈ නැවත කතාව පටන් ගත්තාය.)

ම්... මං  ඒ දවස්වල එයා දෙන චොක්ලට් කන්න, ලියුම් ගන්න එහෙම හරි ආසයි. අනේ මන්දා ඉතින්... (හිනා...) ඒක හරිම සුන්දර මතකයක්. එයා පස්සෙන් ඇවිත් මට ආදරෙයි කියපු විදිය අදටත් මට මතකයි. ඒත් ඉතින් කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා. සමහරවිට අපිටත් එහෙම වෙන්න ඇති.’’

‘‘ප‍්‍රථම පේ‍්‍රමය හරියටම කියනවා නම් හීනයක් වගේ. අඩනින්දෙන් වගේ බලන් ඉන්නවා. ඇහැරුණ ගමන් අතුරුදන් වෙනවා. ඒත් මට හිතෙන විදිහට ආදරයේ නිදහස්ම තැන තමයි ප‍්‍රථම පේ‍්‍රමය. මොකද එතැනට කෙනකුගේ මිල මුදල්, රස්සාවල්, ගෙවල් දොරවල්, සමාජ තත්ත්වය වලංගු නෑ. ඇත්තටම ඒ හැමදේකින්ම නිදහස් තැනක්.

පළමු පේ‍්‍රමයෙන් පස්සෙ කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දි මං කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තා. ඒක වුණේ ප්‍රොපෝසල් එකකින්. එයා හිටියෙ රට. ඉතින් අපිට මුණ ගැහෙන්න විදිහක් නෑ. ඒත් අපි ආදරය කළා. එයා මට කාඞ් එවනවා. දිග ලියුම් එවනවා. එයා මං ගැන දවසින් දවස එක පිටුව ගානේ ලියලා ලොකු පොතක්ම හදලා එව්වා. එයා හැමදාම මට ආදරෙයි කියන්න අමතක කළේ නෑ. ඇත්තමයි ඒවා හරිම සුන්දරයි. ඒත් අවාසනාවකට අපිට ගොඩක් දුර  යන්න බැරි වුණා.

ඊළඟට මට හම්බ වුණේ රසිකත්වයක් එක්ක එන පේ‍්‍රමවන්තයෙක්. එයත් මට හැමදාම කතා කරනවා. මගේ නර්තන හැකියාවන් ගැන කතා කරනවා. එයා එවන ඔැංඑ වුණත් හරි වෙනස්. ‘කන්න, බොන්න, පරිස්සමට ඉන්න..’ වගේ දේවල් තමයි එයා මට ඔැංඑ කරන්නෙ. ඇත්තමයි එයා මට ගොඩක් රැුකවරණය, ආරක්ෂාව ලබා දුන්නා. මාව ගොඩක් පරිස්සම් කළා.  මම එයාව දැක්කා. එයාගෙ හදවත දැක්කා. ඒ තමයි මං දැක්ක සුරක්ෂිතම ආදරය. මං එයාගෙන් තමයි දැන ගත්තේ ආදරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා.’’

‘‘ආදරය ගිලිහෙන්නෙ නැතුව තමන් ළඟ රඳවා ගන්න නම්, සදාතනික කර ගන්න නම් කැපකිරීමක් කරන්න වෙනවා. හැබැයි දෙන්නම එක සමාන වෙන්න  ඕන. එකිනෙකාගෙ හැඟීම්, දැනීම් තේරුම් ගන්න  ඕන. පරිත්‍යාගශීලී බව,  කැපවීම, විශ්වාසය, අවංකකම, සෙනෙහස මේ හැමදේම වලංගු විය යුතුයි. හැබැයි ඉතින් දෙන්නම ඒ තැනට එන්න  ඕන. එහෙම නොවුණා ම තමයි බැඳීම් බිඳ වැටෙන්නෙ. මං මුලින් කිව්වා වගේ ආදරය කියන වචනය ඇතුළෙ සම්පූර්ණ විය යුතු තැන් ගොඩක් තියෙනවා. එකිනෙකා හඳුනා නොගැනීම තුළ, අවබෝධ කර නොගැනීම තුළ සබඳතා බිඳ වැටෙනවා. ආත්මාර්ථකාමී වෙලා ආදරය කරන්න බෑ. මම මම වෙලා තව කෙනෙක් එක්ක එකට ඉන්න බෑ. මට ම කැමැති විදිහට හැමදේම වෙනවා නම් එතැන ආදරය පවතින එකක් නෑ. ඒ නිසා ‘මම’ කියන කෙනා ‘අපි’ බවට පත් වෙන්න  ඕන. ඒත් ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් එහෙම දෙන්නෙකුට ඉන්න පුළුවන් නම් ඒ ආදරය, ඒ සම්බන්ධතාව කවදාවත් බිඳ වැටෙන්නෙ නෑ. ඒ ආදරය දාලා යන්න වෙන්නෙත් නෑ.

ඒ දවස්වල මට ලොකු හීන තිබුණා. මං මේ කියන්නෙ ජීවිතේ සමහර කාලවල දී අපි දකින හීන වෙනස්. පාසල් කාලෙ එකක්. අවුරුදු 18 දී තව එකක්. 25 දී තවත් එකක්. ඔහොම තමයි හැටි. මං ඒ හීනවල පා වෙවී තමයි ආදරය දැක්කෙ. වින්දනීය හීනයක් වගේ මං ළඟ ආදරය තිබුණා. මං ඒ ආදරය එක්ක ජීවත් වුණා. මං අද ඒ ගැන හිතලා සතුටු වෙනවා. මං දුක් වෙන්නෙ නෑ. මං විඳපු සුන්දර තැන්වල මං අදටත්, තවදුරටත් ජීවත් වෙනවා.’’

පේ‍්‍රමය සහ ලිංගිකත්වය

‘‘පේ‍්‍රමයත් ලිංගිකත්වයත් දෙකක් කියලා කියන්න බෑ. ඒක එහෙමයි කියනවා නම් ඒක වැරැුදියි. මං හිතන්නෙ ‘ආදරය’ තුළ ‘රාගයක්’ තියෙනවාමයි. මිනිස්සු විදිහට අපිට හැඟීම්, දැනීම් තියෙනවා. අපි ආදරය කරන කෙනාගෙ හැමදේටම කැමැතියි නම්, ආදරය කරනවා නම් ලිංගිකත්වය සම්බන්ධයෙන් පමණක් ඒක වෙනස් වෙන්න විදිහක් නෑනේ. අපි ඒ දේ විඳින්නෙත් ආදරවන්තයා එක්ක තමයි. ඒකට වෙන කෙනෙක් ඉන්න විදිහක් නෑ. හැඟීම්, දැනීම් තියෙන මිනිස්සුන්ට පේ‍්‍රමය, ලිංගිකත්වය කියන දේවල් වෙනස් දේවල් නෙමෙයි. ඒවා එකිනෙකට සාපේක්ෂයි. ඒ වගේම සම්බන්ධයි.’’

‘‘අර මං මුලින් කිව්වා වගේ ආදරය කියන එක බලගතුයි. ඒ නිසා තමයි මං තවමත් විවාහ නොවී ඉන්නෙ. මම විවාහය කියන තැනට නොයන්නෙ මට ඒ සඳහා ලොකු කැපකිරීමක් තියෙන නිසා. ‘විවාහය’ මට දැනෙන්නෙ ජීවත් වීමේ ව්‍යාපාරයක් විදිහට නෙමෙයි.

මං ජීවත් වෙන්නෙ බුද්ධාගමට අනුව. ඉතින් මං අදට වඩා සංසාරය ගැන හිතනවා. මැරෙනවට නෙමෙයි මං බය වෙන්නෙ ඊළඟ ආත්මෙ කවුරු වෙලා ඉපදෙයිද කියන එකට.

ඉතින් මට ආදරය දැනෙන්නෙ සිල්ලර විදිහට නෙමෙයි. මට ඒකෙ විශාල ගැඹුරක් පේනවා.  ඇත්තටම මම හිතන්නෙ නෑ ආදරය විවාහයකින්ම  කෙළවර විය යුතුයි කියලා.

අනෙක විවාහ වෙනවා නම් ඒ වෙනුවෙන් වගකීම් ඉටු කරන්න  ඕන. ඒ වගේම කැපකිරීම් කරන්න  ඕන. ඉතින් මේ වගකීම් දරන්න බැරි නම් විවාහ වෙන එකේ තේරුමක් නෑ. මගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක මට ඒ වගකීම් දරන්න අමාරුයි. මං උදේ ගෙදරින් එළියට බැස්සම ආයෙ ගෙදර එන්නෙ ? වෙලා. ඉතින් මට තව කෙනෙක් ගැන වගකීමක් දරන්න කාලයක් නෑ. එතැන වෙන සිදුවීම්වලට මං කැමැති නෑ. මං විවාහ වෙලා මගේ සහකරුවාට අසාධාරණයක් කරන්න මං කැමැති නෑ.

මං මෙහෙම ගිහින් කවදම හරි මට හිතුණොත් මට ඒ වගකීම් දරන්න පුළුවන් කියලා, අන්න එදාට මං විවාහ වෙනවා. ඉතින් එතකන් මෙහෙම හොඳයි’’

පාලූව - තනිකම

‘‘පාළුවක් දැනුනත් තනිකමක් දැනෙන අවස්ථා අඩුයි. මං විවාහ වෙනවා නම් හෙට වුණත් විවාහ වෙන්න පුළුවන්. මට ‘හා’ කියන්න විතරයි තියෙන්නෙ. ඒත් මට තාම එහෙම තනිකමක් දැනෙන්නෙ නෑ.
මං කාර්යබහුල කෙනෙක්. ඒ නිසා මට පසුතැවෙන්නවත් වෙලාවක් නෑ. මං කොහොමත් කලාවට ආදරෙයි. මං ඒ නිසා මගේ උපරිමයෙන් වැඩ කරනවා. ඉතින් ඇත්තම කිව්වොත් මට එහෙම පසුතැවෙන්න, කනගාටු වෙන්න කාරණා නෑ.

සමහර වෙලාවට නම් හිතෙනවා කෙනෙක් හිටියා නම් හොඳයි නේද කියලා. ඒත් ඒක ඒ වෙලාවට විතරයි. මොකද මං එතැනින් එහාට ආයෙත් වැඩ.’’

‘‘මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න බෑ. එහෙම කරන එක හොඳත් නෑ. මං මට ඇති වෙනකල් තනියෙන් ඉඳීවි. තවත් ගොඩක් මහන්සි වෙයි. වැඩ කරයි. පේ‍්‍රම කරයි. සමහර විට විවාහයක් සිද්ධ වෙයි. සමහර විට එහෙම නොවීත් තියෙයි. ඒ කොහොම වුණත් දවසක මැරිලා යයි. එතකල් ජීවත් වෙයි. ඒ දේවල් වෙනකොට කාලය ගොඩක් ගත වෙලා තියෙයි. සමහර විට මං තනියම ඒ හැමදේටම මුහුණ දෙයි. ඒ තමයි ජීවිතේ’’

No comments