Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනුරගේ වැඩවලින් අබාන්ස්ලටත් කෙළ වෙයි (PHOTOS)

තියරිවලින් ජීවත් වෙච්ච අය පැටි‍්‍රකල් වෙන්න ගියාම හෙන ගොං වෙනවා. ඒත් ජවිපෙ එහෙම නෑ. බලන්න එපැයි හරි හරියට එක එක්කෙනාගෙ කුණු අදින අපූරුව. ...

තියරිවලින් ජීවත් වෙච්ච අය පැටි‍්‍රකල් වෙන්න ගියාම හෙන ගොං වෙනවා. ඒත් ජවිපෙ එහෙම නෑ. බලන්න එපැයි හරි හරියට එක එක්කෙනාගෙ කුණු අදින අපූරුව.

කොහොමත් ඒගොල්ලො මෙව්වා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි. ඉස්සර ඉඳන්ම ඒගොල්ලන්ට කුණු ඇදපු අතීතයක් තිබුණා.

1994 - 2000 - 2005 - 2010 - 2015 වගේ කාලවලදි කාටවත් නොදෙවෙනි විදිහට කුණු කඳුපිටින් ඇද්දා මතක ඇති. ඇත්තමයි ක්ලීනිං සර්විස්වලට ජවිපෙ තරම් දක්ෂ කණ්ඩායමක් තවත් හිටියෙ නෑ. ඒත් ඒගොල්ලො දැන් ටිකක් බැහැලා වගේ. ඒනිසා වෙන්න ඇති ‘අබාන්ස්ලව’ කොපි කරන්නේ.

අබාන්ස්ලගෙ කට්ටිය ක්ලීනිං සර්විස් කරන්නෙත් අබාන්ස් කියල ඇඳුමෙ ගහගෙන. දැන් ජවිපෙ ක්ලීනිං සර්විස් කරන්නෙත් ‘රතු තරුව’ කියලා ගහගෙන. හැබැයි අබාන්ස්ලට ජවිපෙට තරම් මීඩියා ස්පොන්සර් එකක් නෑ. ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න කට්ටියත් නෑ. ඒ අතින් ජවිපෙ ඉස්සරහින්. ඉතිං.. දැන් ක්ලීනිං සර්විස්වලින් ඉස්සරහින්ම ඉන්නෙ ජවිපෙ. හැබැයි ඉතිං ඉස්සරහටත් ඔය තැන තියා ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙයි. මොකද දැන් ඒගොල්ලන්ට තරගේ තියෙන්නෙ අබාන්ස්ලත් එක්කනේ.

කොහොම වුණත් ඒගොල්ලො එහි දිගුවක් විදිහට ගංවතුරෙන් හානිවූ ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්ක පිරිසිදු කරන්න පටන් අරන් තිබුණා. හැබැයි ඉතිං ඔය ෆොටෝවලට මූණ දාගෙන ඉන්න ජවිපෙ නායකයො කියන අය කුණු ඇද්දෙ කැමරාවට විතරයි. ඊට පස්සෙ ඒගොල්ලො කරපුවත් අපි ළඟ තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න, අපි ඒවත් දාන්නම්. දැනට මේට්ක බලන්න.

බැරිවෙලාවත් මේවා විජේවීර දැක්කොත් හිනා වෙයි. ඒත් ජවිපෙ අයිතිකාරයො වගේ ඉන්න ගොබ්බයන්ට නම් කේන්තියයි.

කමෝන්.. කමොන්.. ඔහොම ගියොත් අබාන්ස්ලා කැලේ...

No comments