Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘අඩෝ.. මිනිස්සුන්ගෙ සමෘධිය කැපුවොත් කන පලනවා...’- අම්පිටියෙ හාමුදුරුවො අගමැතිගෙ මූණටම කියයි (VIDEO)

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හාමුදුරුවො නම් නියමයි. අපේ වචනයෙන්ම කියනවා නම් පට්ටයි, තද තද. දැක්කද හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධියේ අපහාස කළ...

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හාමුදුරුවො නම් නියමයි. අපේ වචනයෙන්ම කියනවා නම් පට්ටයි, තද තද. දැක්කද හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධියේ අපහාස කළා කියලා නැගෙනහිර මහ ඇමතිගේ ගෙදරටම ගිහින් දීපූ ලොරි ටෝක් එක. අන්න හාමුදුරුවරු. යකෝ ඔච්චර ආගම් හැට දෙකක් තිබුණු, බ‍්‍රහ්ම ජාලයක් වෙලා තිබුණු බුද්ධ කාලෙවත් බුදුහාමුදුරුවන්ටවත් ඔය වගේ එඩිතර ක‍්‍රියාවක් කරන්න බැරිවුණා නේ ඉතිං... අම්පිටියෙ හාමුදුරුවො ඔය මොන දේ කළත් කරන්නෙ තනියෙම තමයි ඉතිං. 

නසීර් අහමඞ්ගෙ ගෙදරට ගියෙත් තනියෙම. ඒ සිද්ධිය වීඩියෝ කරලා තිබුණෙ අහම්බෙන්. කළින් මීඩියාවලට කියලා සෙටප් කරලා ගිය ගමනක් නෙමෙයි  ඕක. මොකද දෙරණටත් දිව්‍යඥානය තියෙනවානේ ඉතිං. ඒගොල්ලොත් එහෙම දැනගෙන තමයි ගිහින් තියෙන්නේ. 

ඇත්තමයි අම්පිටියෙ හාමුදුරුවන්ව දකින කොට මට මතක් වෙන්නෙ කුඩාපොල හාමුදුරුවො, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො වගේ අය නෙමෙයි. අංගම්මන සුමන, ගලබොඩඅත්තේ ඥානසාර වගේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරු. හැබැයි කොහොම වුණත් වැඬේ නම් පදිරි හොෙ`ද්.

ඔන්න දැන් මං මේ කියන්න යන්නෙ අම්පිටියෙ හාමුදුරුවො ලව්වා කර ගන්න  ඕන තවත් වැඩක් ගැන. අම්පිටියෙ හාමුදුරුවො ගොඩක් බිසී හින්දා මෙව්වා හොයන්න වෙලාවක් නැතුව ඇතිනේ. මේකයි කතන්දරේ. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඉන්න ජනතාවට සමෘධිය කියන්නෙ තමන්ගෙ ජීවිතේටත් වැඩිය වටින එකක්නේ. ඒත් ඉතිං ඔන්න යහපාලන ආණ්ඩුවෙන් ඒ අහිංසක මිනිස්සුන්ගෙ සමෘධියට කෙළින්න යනවා. සමහර ප‍්‍රදේශවල දැනටමත් වැඬේ කෙරිලා. මතුගම, අගලවත්ත, උඩවෙල කියන ප‍්‍රදේශවල ආණ්ඩුවෙ නියෝජිතයො ඇවිත් අසරණ මිනිස්සුන්ට බොරු කිය කිය, බය කර කර ගජරාමෙට වැඬේ කරගෙන යනවලූ.

අනේ අම්පිටියේ නායක හාමුදුරුවනේ පුළුවන්නම් මේ ගැනත් ටිකක් බලන්න. බලන්න විතරක් නෙමෙයි ඔය කැතවැඬේ කරවන ආණ්ඩුවේ ලොක්කන්ටත් හො`ද දෙකක් කියන්න, කනේ ඇ`ගිලි ගහගන්න. අර කුරු`දුවත්තෙ ලොකු හාමු ළ`ගටත් යන්න. ගිහින් දෙකක් කියන්න. අන්තිමට අර මොකුත්ම නොදන්න, වෙනමම ග‍්‍රහලෝකෙක තියෙන අරලියගහ මන්දිරේටත් යන්න වැඩිය එපා ගිහින් දෙකක් කියන්න. ඔන්න කළින්ම කිව්වා, හාමුදුරුවො අකමැති වුණත් මෙදා සැරේ මීඩියා ස්පොන්සර් එක අපෙන්. 

එතකොට ඔබවහන්සේ කරපු වීරක‍්‍රියාව ගැන ලියනකොට අපි දාන හෙඩින් එකත් දැන්මම කියන්නම්.
 ‘අඩෝ.. මිනිස්සුන්ගෙ සමෘධිය කැපුවොත් කන පලනවා...’- අම්පිටියෙ හාමුදුරුවො අගමැතිගෙ මූණටම කියයි (VIDEO)

අදාළ වීඩියෝව පහළින්...




No comments