Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විජිත කියන්නෙ එළ කොල්ලෙක් මචං

පොල්කඳ, දෙල්කඳ, රන්කඳ බලන් ඉන්න කොටම හෙනකඳහැප්පුනා කියහන්කො ඇගේ. (ක්..?..ෂ්ෂ්ෂ්...) පටන් ගන්න කොටම ඇක්සිඩන්ට් එකක්. අවුලක් ගන්න එපා... කණ...

පොල්කඳ, දෙල්කඳ, රන්කඳ බලන් ඉන්න කොටම හෙනකඳහැප්පුනා කියහන්කො ඇගේ. (ක්..?..ෂ්ෂ්ෂ්...) පටන් ගන්න කොටම ඇක්සිඩන්ට් එකක්. අවුලක් ගන්න එපා... කණුව ඩැමේජ්. වාහනේ ඩැමේජ්. ඒත් වැඬේ ඉන්ෂුවරන්ස්.

කුල්මත් බැල්මත් සිල්වත් වෙලා ඉන්න වෙලාවෙ මොනවද මේ කියන වල්මත් කතා කියලා උඹලට හිතෙන්න පුළුවන්. හා..හා.. කලබලේට ලයිට් දාන්න ගිහින් කරන්ට් වද්ද ගන්නැතුව කන්පාත්කරගෙන අහපල්ලකෝ... මේ කල්ලෙක් ලොල්ලෙක් නොවුණු එළකිරි කොල්ලෙක් ගැන ජාතිජාති ජාතක කතාවක් (වගේ එකක්) හරියැ.

සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට මචංලා කොල්ලෙක් ආතල් ගන්නෙ කෙල්ලෙක් වගේ නෙමෙයිනේ. කෙල්ලො ආතල් ගන්නෙ ළිඳ ළඟ ස්ටයිල් එකටනේ ඉතිං. ඒ කිව්වෙ කරන හරියක් ලල් මෝරන වැඩ කරන්නෙ අන්ධයන්ට වුණත් පේන, බීරන්ට වුණත් ඇහෙන  ඕල් ප්ලේයර්ස්ලා ඉන්න ග‍්‍රවුන්ඞ්ස්වල නේ.
ඒකනේ ඔය පුරාණයේ හිටියැයිකියන ප්‍රොෆෙසර් ඩයල්ලා එහෙම කියලා තියෙන්නෙ ‘ගෑනු වර්ෂන් වලට රහස් අප්ලෝඞ් කරන්න එපා’ කියලා. ඇයි ඉතිං උන් රහස් රකින්න හදන්නෙ කිකිළියො බිත්තර දාන්න වගේ උඩ පැනලා, වැඩ දාලා, කෙකර ගාලා, පොට්එක පෙන්නලා එහෙමනේ. ඒ කියන්නෙ උන් කැමැතියි හොර වැඩවලට ලොකු පබ්ලිසිටියක් ගන්න.

මං කියන්නෙ බොරු නම් දවසක උඹේ (පැණිවරකා) කෑල්ලගෙන් අහපන් ‘බබා.. අපිට ටිකක් නිදහසේ ඉන්න ඔයා යන්න කැමති කොහාටද පැටියෝ..?’ කියලා. එකි උඹට කියයි එකෙන්ම කට උල්කරලා ‘අනේ බබා අපි පාර්ක් එකකට හරි, බීච් එකට හරි යංකෝ...’ කියලා. මොකද ඒකි දන්නවා පාර්ක්වල උඹලා දෙන්නා විතරක් නෙමෙයි තව අය ඉන්නවා කියලා. බීච්වල උඹලා දෙන්නා විතරක් නෙමෙයි තව එවුන් ඉන්නවා කියලා.

ඒකෙත් මීනිං දෙකක් තියෙනවා මචංලා. එකක් කොච්චර වුණත් ඒකිට උඹව සැකයි. අනිත් එක තමයි කෙල්ලො ලව් කරන්න විතරක් නෙමෙයි සෙක්ස් කරන්න විතරකුත් නෙමෙයි හැම ම`ගුලම කරන්නෙ සහ කරන්න කැමැති ප‍්‍රසිද්ධියේ කියන එක.

ඔය අතරෙ බැරිවෙලාවත් උඹලා කෙල්ලෙක්ව රූම් එකකට එක්ක ගිහින් (එහෙම යනවට නෙමෙයි බං.. තේරුම් ගනිල්ලකෝ උදාහරණයක්) පොඩි කිස් එකක් දුන්නොත් ඒකි එදා ඉඳන් උඹේ දිහා බලන්නෙ පිටසක්වළ පොරක් දිහා බලන්නවගේ. හිතන්නෙ පරමාණු බෝම්බයක් ඇෙ`ග් වැදුනා වගේ. එහෙම වෙන්නෙ ඒකිගෙ තියෙන මහ ලොකු සදාචාරය නිසා නෙමෙයි බං, උන් කැමැතිනෑ දෙවැනි තුන්වැනි පාර්ශ්වවලට නොපෙනෙන්න මොනවත් කරන්න.

ඒකනේ බන්ස්ලා මං මේ කතාවට එන්ටර් වෙනකොටම බොලාලාට කිව්වෙ කෙල්ලන්ට හොර වැඩ කරලා ආතල් ගන්න බෑ කියලා.

ඒත් බන්ස්ලා එළකිරි, පට්ට පට පට, ජාති ජාති කොල්ලන්ගෙ ලල් මෝරන්නෙ, ආතල් පිපිරෙන්නෙ, ගැට්ට වැපිරෙන්නෙ හොර සීන්කෝන් එක්ක.

දැන් බලාපල්ලා කොල්ලො ගස් න`ගින්න කැමැති නෑ. හැබැයි සෙට්වුණොත් ?ට හොරෙක්ට වුණත් පොල් කඩලා දෙනවා. ගෙදරදි බෑ බෑ කිය කියා බත් කන එවුන්, කන්න ගියාම, කවුද අද ඉව්වෙ, කොයි වෙලාවෙද ඉව්වෙ, මට පස්සෙ කන්න බැරිද?, ලූණු වැඩියි, බත් සුදු වැඩියි, කැකුළු රතු වැඩියි, කුකුළු මස් වැඩියි වගේ මුකුළු කරනවනේ. ඒත් සෙට් වුණාම හොරාකන හැටි කොහොමද? ඔන්න දැන් අපේ එවුන්ට මතක් වෙනවා අනුන්ගෙ බෑග්ස්වල තියෙන කේක්ස්, පාන්ස්, බාත්ස් වගේ ජාති ජාති කෑම සුජාතාවගේ කිරිපි`ඩුවගේ හරි පූජනීයව ‘හොරෙන් හොරෙන් හොරෙන් බලා ...’ ගිලින හැටි. (හොරාකාපු අපිට ඒකෙ ආතල් කියා දෙන්න එන්න එපා මහත්තයෝ... පීස්..ආ)

ඔය විදිහට හොරට කාලා, හොරට නාලා, හොරට දාලා, කොටු කපලා, වැට පැනලා අතු මෝරන් පැණි බේරන් ඉන්න සුපිරි කොල්ලන් එකම එක තැනකදි තමයි මචංලා අවතැන් වෙන්නෙ.
ඒ තමයි හොරට වුණත් හොඳට දාලා(බීලා) එනකොට සුපිරි(සුදු) පොලිස් අංකල් කෙනෙක් බයික් එකට, කාර් එකට, අහවල් එකට නලාව පිඹලා අත දැම්මාම. එහෙම නැත්නම් අර විජිතට වගේ පාරෙ තියෙන තාප්පයක් හරි, කණුවක් හරි ඇවිත් ඇෙ`ග් වැදුනාම. මොකද මචංලා උඹලට අපිට අරුන් මුන්ටවගේ බාප්පලා නෑනේ. කොටින්ම අපි හෙන අහිංසකයිනේ බං.

මට හිතෙන විදිහට බන්ස්ලා විජිතටත් වුණේ  ඕකමයි.

දැන් බලපල්ලා, හොරට කාලා, කොටුක පලා, වැට පැනලා එළ කොල්ලෙක්වගේ හිටිය විජිතයත් හොරට බීලා කෙළව ගත්තා. අපිටත් මේවා හොඳ පාඩම් බන්ස්ලා. මචං විජිතයා පවු. ඒත් හොරට බීලා ෆුල් ෆනී කොල්ලෙක් කියලා ඔප්පු කළ විජිතයට අපේ උත්තමාචාරය. අති විශිෂ්ඨයි ස......ර්....

හොරට ‘ගැසුවාම’ තියෙන ලල් එක ඉතිං විජිතයයි අපියි තමයි දන්නෙ... (බොහ්...හ...හ...හා... කියන්නෙපා ලල් කැඩෙයි)

No comments