Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කණ්ණාඩි දාන නැෂනල් අඳින උරුමය ගැන කතා කරන අපරාධ වලට සම්බන්ධ ඇමතිවරයා උදය නෙවෙයි නම් චම්පක ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිළුමිණ සන්ඩේ ලීඩර් ඩේලි මිරර් යන මාධ්‍ය ආයතන සඳහා නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.ඒ...

පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිළුමිණ සන්ඩේ ලීඩර් ඩේලි මිරර් යන මාධ්‍ය ආයතන සඳහා නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.ඒ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් පාවිච්චි කළා.කොටස් වගයක් විකුණුවා යන අසත්‍ය ප්‍රකාශයක් ප්‍රචාරය කිරීම හේතුවෙන් බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් සොයන කණ්ණාඩි පළඳින ජාතික ඇඳුම අඳින උරුමය ගැන කතා කරන අපරාධ වලට සම්බන්ධ දේශපාලඥයා තමා නොවන බවත් පොලීසියට ලොකු වැරදීමක් සිදුවී තමා විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

"ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කළේ මම නෙවෙයි.තරුණයෙක් මහමඟ අනතුරකට ලක් කරලා පැනලා ගියේ මම නෙවෙයි.ගෝලයෝ ලවා විදේශීය බදු සහන ලැබෙන රටවල මුදල් සැඟවූවේ මම නෙවෙයි.ආචාර්ය ලෙස්ටර් ජේමස් පීරිස් ගේ පින්තූරයක් විකෘති කරලා කූඨ ලේඛනයක් හැදුවේ මම නෙවෙයි.ඔන්න පොලීසිය හොයන්න ඕන එයාව.පොලීසියට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ" යනුවෙන් ද එහිදී ප්‍රකාශ කරන ලදී.මේ නොකියා කියන්නේ කණ්ණාඩි දාන නැෂනල් අඳින උරුමය ගැන කතා කරන අපාරාධ වලට සම්බන්ධ පුද්ගලයා චම්පික රණවක ඇමතිවරයා බවද?

No comments