Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මනාලියක් වෙන්න යනවා නම් කියවන්න

ඔබ මනාලියක් වන දිනයේදී නිසැකවම සුවිශේෂී ආකර්ශණය හිමිවන තැනැත්තිය බවට පත්වෙන්නේ ඔබයි. සුමිහිරි මතක මවන ඒ දිනයේදී ආකර්ශණීයව සැරසෙන්න ඔබ...


ඔබ මනාලියක් වන දිනයේදී නිසැකවම සුවිශේෂී ආකර්ශණය හිමිවන තැනැත්තිය බවට පත්වෙන්නේ ඔබයි. සුමිහිරි මතක මවන ඒ දිනයේදී ආකර්ශණීයව සැරසෙන්න ඔබ සූදානම්ද.

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී හා ප‍්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප‍්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන 'Dermacolor' හා 'Basicare' ඔබේ මංගල දිනයේදී ඔබව අසමසම සුන්දරත්වයෙන් සරසන්නට සූදානම්. ඒ 'Dermacolor' හා 'Basicare' වෙතින් සුන්දර මනාලියක් වීමට පෙරුම් පුරන ඔබ වෙනුවෙන්ම හඳුන්වාදී තිබෙන නිෂ්පාදන පෙළ මගිනුයි.

ඔබේ මංගල දිනයේදී 'ආකර්ශණීය මනාලියක්' ලෙස සැරසෙන්නට ඔබ සූදානම්ද ?. වෘත්තීය මට්ටමේ ගුණාත්මක බවින් යුතු මෙරට එකම මේක්අප් නිෂ්පාදන පෙළ ඔබ වෙත ගෙනඑන 'Dermacolor' ඔබේ මංගල දිනයේදී විශ්වාසයෙන් යුතුව සුන්දරව සිටින්නට අවශ්‍ය සුවිශේෂී ශක්තිය ඔබට ලබාදෙනු ඇත.
'Dermacolor'මේක්අප් නිෂ්පාදන මගින් උපන් ලප හා සමේ විසිරී තිබෙන අනෙකුත් ලප, අවපැහැ ගැන්වීම් සගවමින් මනාලියකගේ සැබෑ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කිරීමට මනා පිටිවහලක් ලබාදෙනවා පමණක් නොව ඇගේ ආත්ම විශ්වාසය ද නංවාලයි. මෙම 'Dermacolor' මේක්අප් නිෂ්පාදන  ආලෝකය සමග මනාව සබැඳෙන නිසා නූතන ඩිජිටල් ඡායාරූප කලාවට ද මනාව ගැළපෙනු ඇත.

'Dermacolor' මේක්අප් දිගු කාලයක් සිරුරේ රැඳී පවතින අතර අව්ව, වැස්ස වැනි විවිධ කාලගුණික තත්ත්වයන් වලට ද ඔරොත්තු දෙමින් සමට මෙන්ම සමස්ත සිරුරටම සුවිශේෂී සුන්දරත්වයක් හිමිකරදෙනු ඇත.

'Basicare' මගින් ඉදිරිපත් කරන සුවිශේෂී හා අද්විතීය මේක්අප් බ‍්‍රෂ් යොදාගනිමින් මුහුණේ හැගීම් මනාව ඉස්මතුකර පෙන්විය හැකි නිසා ඔබේ මුහුණේ ඉරියව් ඉස්මතු කර පෙන්වීම ද සිදුවෙයි. විවිධ හැඩයන්ගෙන් නිර්මාණය වී තිබෙන මෙම බ‍්‍රෂ් මේක්අප් ආලේපනයට මනාව යොදාගත හැකි නිසා මේක්අප් විශාල ප‍්‍රමාණයක් මුහුණට උරාගැනීමද සිදුනොවෙයි.

කන්සීලර් බ‍්‍රෂ්, ෆවුන්ඬේෂන් බ‍්‍රෂ්, බ්ලෂර් බ‍්‍රෂ්, පවුඩර් බ‍්‍රෂ්, අයි ලයිනර් බ‍්‍රෂ් හා අයි ෂැඩෝ බ‍්‍රෂ් ආදී මාදිලි පෙළක් 'Basicare' වෙතින් හඳුන්වාදී ඇත. 'Basicare' වෙතින් හඳුන්වාදී තිබෙන මෙම සුවිශේෂී බ‍්‍රෂ් ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් හා නම්‍යශීලී බවින් ඉහළ නිසා මනාලියට සුවිශේෂී නිමාවක් අත්කරදෙයි. මෙම පෙනුම එයාර්බ‍්‍රෂ් මගින් හිමිකරදෙන පෙනුම හා සමාන වෙයි.

නිය අලංකරණ හා පා අලංකරණ වලින් තොරව මනාලියකගේ පෙනුම සම්පූර්ණ නොවෙයි. මනාලියන්ගේ වෙනුවෙන්ම වූ නිය හා පා අලංකරණ වෙනුවෙන් 'Basicare'  වෙතින් කතුරු, නේල් ක්ලිපර්, නේල් ෆයිල්, නේල් බෆර්, එමරි බෝඞ් හා ෆින්ගර් සෙපරේටර්ස්, සෙරමික් පෙඩිකියූ ෆයිල්, ෆ්‍රෙන්ච් නේල් කිට්, ෆ්‍රෙන්ච් ටෝනේල් කිට් ආදී වර්ණවත් නිය හා පා අලංකරණ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කර ඇත.

'Basicare'  වෙතින් හඳුන්වාදී තිබෙන මෙම සුවිශේෂී නිෂ්පාදන පෙළ මිලදීගෙන මනාලියක් වන දිනයේදී පමණක් නොව මනාලියක් වූ පසුවද තරුණියන්ට සිය නිය හා පාද අඛණ්ඩ සුන්දරවයකින් හා තරුණබවින් යුතුව පවත්වාගැනීමට හැකිවනු ඇත. 




No comments