Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජා ඇල - කඳානේ මසාඡ් ක්‌ලිනික්‌ 3ක්‌ ඇතුළේ ගණිකා මඩම් 3ක්‌ - සුරූපිනියෝ 12ක්‌ කොටුවෙති

සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස තුනක්‌ වටලා කාන්තාවන් දොළොස්‌ දෙනකු සමග කළමනාකරුවන් දෙදෙනකු හා කළමනාකාරිනියක්‌ කැ...

සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස තුනක්‌ වටලා කාන්තාවන් දොළොස්‌ දෙනකු සමග කළමනාකරුවන් දෙදෙනකු හා කළමනාකාරිනියක්‌ කැලණිය කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (25 වැනිදා) අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් එක්‌ සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ ජා ඇල පොලිස්‌ බල ප්‍රදේශයේදී හා සෙසු සම්බාහන මධ්‍යස්‌ථාන දෙක කඳාන පොලිස්‌ බල ප්‍රදේශයේදී මෙසේ වැටලූහ.

පෙරේදා (23 වැනිදා) රාත්‍රී 9.00 සිට ඊයේ (24 වැනිදා) අලුයම 1.30 දක්‌වා කැලණිය පොලිස්‌ බල කොට්‌ඨාසයේ සිදු කරනු ලැබූ සම්බාහන මධ්‍යස්‌ථාන සෝදිසි විශේෂ මෙහෙයුමකදී එම සම්බාහන මධ්‍යස්‌ථාන තුන වැටලීමට හැකි වී තිබේ.

එම සම්බාහන මධ්‍යස්‌ථාන තුනේදීම කාන්තාවන් හතර දෙනා බැගින් කාන්තාවන් දොළොස්‌ දෙනකු අත්අඩංගුවට ගත්හ.

ජා ඇල සම්බාහන මධ්‍යස්‌ථානයේ කළමනාකරු යුද හමුදාවේ හිටපු මේජර්වරයකු වන අතර ඔහු අනුරාධපුරයේ පදිංචි (41) හැවිරිදි අයෙකි.

කඳාන සම්බාහන මධ්‍යස්‌ථාන දෙකෙන් එකක සිටි කළමනාකරු කතරගම ප්‍රදේශයේ පදිංචි (23) හැවිරිදි තරුණයකු වන අතර අනික්‌ සම්බාහන මධ්‍යස්‌ථානයේ සිටි කළමනාකාරිනිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි (22) හැවිරිදි දමිළ තරුණියකු වන්නීය.

එම සම්බාහන මධ්‍යස්‌ථානවල සිටි කාන්තාවන් ගම්පහ, දෙවලපොළ, මිනුවන්ගොඩ, බියගම, තඹුත්තේගම, පොලොන්නරුව හා රත්ගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 22 ක්‌ 38 ක්‌ අතර වේ.

එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් එක්‌ දහස්‌ දෙසීයක මුදලක්‌ ගෙවා සම්බාහන මධ්‍යස්‌ථානවලට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු වන්නේය. එම කාන්තාවට ඔවුන් උපයන මුදල ඔවුන්ටම හිමි වන අතර ඔවුන්ට සම්බාහන මධ්‍යස්‌ථානවලින් වැටුපක්‌ නොගෙවයි.

මෙසේ අත්අඩංගුවට ගත් එම කාන්තාවන් 12 දෙනා හා කළමනාකරුවන් තිදෙනා මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර ගෙන යති.

No comments