Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මුල්ම පඩිය රුපියල් 50යි: ඒකත් අරන් ටජ් මහල් බලන්න ගියා" එක චිත්‍රපටියකට කෝටි 60ක් අය කරන ෂාරුක් ඛාන්ගේ කතාව

ලෝකයේ බිලියන ගණනකගේ සිහින කුමරා ඔහුය. මේ වනවිට චිත්‍රපට 90ක පමණ රඟපා ඇති ඔහුගේ සෑම චිත්‍රපටයක්ම පාහේ බොක්ස් ඔෆීස් බිඳහෙලා ලෝකය පුරාම ජනප්...

ලෝකයේ බිලියන ගණනකගේ සිහින කුමරා ඔහුය. මේ වනවිට චිත්‍රපට 90ක පමණ රඟපා ඇති ඔහුගේ සෑම චිත්‍රපටයක්ම පාහේ බොක්ස් ඔෆීස් බිඳහෙලා ලෝකය පුරාම ජනප්‍රිය රැල්ලක් මැවීමට සමත්ව තිබේ.

බොලිවුඩ් සිනමාවේ රජා නැතිනම් ඛාන්වරයා ලෙස හැඳින්වෙන SRK හෙවත් ෂාරුක් ඛාන්ය.

ඇත්තටම ඔහුගේ ඒ නමින්ම කියැවෙන පරිදි ඔහුට ඇත්තේ කුමාරයකුට උරුම මුහුණකි. ජීවන මගේ 53 වන සැතැපුම් කණුව පසුගියදා පසුකළ ද ඔහු තවමත් රසිකයන් හද තුළ නොමැකෙන සටහනක් තැබූ තරුණ වීරයාය.

ලෝකයේ ධනවත්ම නළුවන් අතර දෙවැනි තැනට වැජඹෙන ෂාරුක් තමන්ටම ආවේණික අපූර්ව වූ ජීවන රටාවකට උරුමකම් කියන හාදයෙකි.

රිදී තිරයේ ඔහු දිස්වන්නේ සෙල්ලක්කාර තරුණයෙක් ලෙසිනි. ඉවක් බවක් නැති වියදම්කාරයකු ලෙසිනි. නමුත් සැබෑ ජීවිතයේ තත්ත්වය එයට වඩා හාත්පසින්ම වෙනස්වූවකි. ඔහු යහපත් තාත්තා කෙනෙකි. ආදරණීය සැමියෙකි.

අර අපේ ගීතයක “මගේ නිවන මගේ පැල්පතයි‍” කියන්නාක් මෙන් ෂාරුක්ටද ඔහුගේ බිරියත් දරුවන් තිදෙනාත් ජීවිතයේ අංක එක බවට පත්ව තිබේ.

මුල්ම පඩිය රුපියල් 50යි: ඒකත් අරන් බස් එකේ ටජ්මහල් බලන්න ගිහින්

“මට බිලියන ගණන් ලැබුණත්, මම හැම වැඩක්ම බාර ගන්නේ නෑ. මම බලන්නේ වැඩ ටික ඉක්මනට අහවර කරලා මගේ දරුමල්ලන් අතරට යන්නයි. ඒ අයට ආදරණීය තාත්තා කෙනෙක් වෙන එක මට බිලියන ගාණකට වඩා වටිනවා.” ඒ ෂාරුක් සිතන හැටිය.

ඔහු ලෝකයේ අංක 02ට හොඳටම උපයන නළුවා නිසාම ඔහු තමන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් අත දිගහැර වියදම් කරන්නෙකු ලෙසද ප්‍රසිද්ධය. ඕනෑම සාමාන්‍ය ඉන්දියානු තාත්තා කෙනෙක් වාගේමය.

මේ නිසාම ඔහුගේ ජීවන රටාව ද ඔහුටම ආවේණික ඔහුගේ ඉපැයීමේ තරමට සුඛෝපභෝගී වූ ඉසුරුමත් බවක් උසුලන්නකි.

එය ඔහුටම ආවේණික වූ අපූරු රටාවක් ගෙන තිබේ. ෂාරුක් තරුණයෙක් මෙන් සිතන්නට පතන්නට ක්‍රියාකරන්නට කැමැති තැනැත්තෙකි. ඔහුගේ ඇඳුම් පැළඳුම් තෝරාගන්නේ ද ඒ සිතිවිලිවලට ප්‍රාණවත් භාවයක් ලබාදෙන ආකාරයටය. මේ නිසාම ඔහු අඳින්නට වඩාත් ප්‍රිය කරන්නේ ජීන්ස් කලිසම් සහ ටී ෂර්ට් වර්ගයි.

ටයිකෝට් පොරොවා ගත් ගෞරවපූර්ව මහත්මයකු ලෙස සැරුසීම නිකම් චාරිත්‍රයට කරනවා පමණි.

මේ තරුණ ජවය සහිත ඇඳුම් තෝරාගැනීමේදී ඔහු තමන්ගේ වෙළඳ නාම තානාපතියකු ලෙස ලෝක ප්‍රසිද්ධ ඔමේගා වැනි ආයතන මගින් තෝරාගනු ලැබ තිබේ. මේ නිසාම ඔහුට දඟකාර යෞවන පෙනුමක් ලබාදෙන සුපිරි පන්තියේ ඇඳුම් සඳහා ලොකු වියදම් දැරීමට සිදුවන්නේ නැත.

ඉන්දියාව මතු නොව ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ජනතාව ෂාරුක් රඟපාන චිත්‍රපට නිසා පිස්සු වැටී ඇත්තේ යම්සේද එසේම ෂාරුක්ද චිත්‍රපට සඳහා හොඳටම පිස්සු වැටුණු හාදයෙකි. ඔහුට දවසකට එක චිත්‍රපටයක් හෝ නරඹන්නට අවශ්‍යය. තමන්ගේ කාර්යබහුල ජීවිත රටාව තුළ තමන්ගේ පවුලේ උදවිය සඳහා කාලය වෙන්කර ගන්නවා සේම ෂාරුක් චිත්‍රපටයක් නැරුඹීම සඳහාද කාලය වෙන්කර ගන්නට අමතක කර නැත. ඒ සඳහා ඔහුගේ සෑම බංගලාවකම වෙනම සිනමා වීඩියෝ සහ සංගීත පහසුකම් සහිත සුපිරි ආගාරයක් වෙන්කර තිබේ.

අලුත් ඉලෙක්ට්‍රොනික ගැජට් බැජට් ජිමික්වලට ප්‍රිය කරන්නකු නිසා ඔහුගේ ප්‍රියතම නිෂ්පාදකයා වූ Videocon ආයතනයේ නිෂ්පාදිත තාක්ෂණික භාණ්ඩ මේ විනෝදාස්වාද සංකීර්ණවලට තෝරාගෙන ඇත.

Videocon නිෂ්පාදන ඔහුගේ ජීවිතයට අපූරු ලෙස ළංවී තිබේ. ඔහු වරෙක ඒ හා ඇති සිය අතීත බැඳීම ගැන හෙළිදරව් කර තිබුණි. ඔහු මුලින්ම නවදිල්ලියේ සිට බොම්බාය වෙත එද්දී ඔහුගේ මව තෑගි දුන් “වීඩියෝකොන්” ටෙලිවිෂනයක්ද රැගෙන ආවේය. දැනටත් ඒ ඉපැරැණි රූපවාහිනී යන්ත්‍රය ඔහුගේ සිනමා සංගීත ආගාරයේ කැපී පෙනෙන තැනක යහතින් වැජඹෙයි. මේ Videocon බන්ධනය පරම්පරාගතව යන ඇල්මක් බවට පත්ව ඇති හැටියකි.

ෂාරුක්ගේ පුතා ආර්යන්ද Videocon රසිකයෙකි. ඔහුගේ ටී.වී. කාමරය සරසන්නේද යෝධ Videocon ප්ලාස්මා රූපවාහිනී යන්ත්‍රයකි. පුංචි ෂාරුක් තමන්ගේ ප්‍රියතම වීඩියෝ ගේම් ක්‍රීඩා කරන්නේ මේ යන්ත්‍රය ඔස්සේය.

Nakamichi නමැති වීඩියෝ ක්‍රියාව ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවයි. සිතින් මෙන්ම ගතින්ද තරුණයකු වන ෂාරුක්ද මේ Nakamichi ලෝලියෙකි. ඔහු තමන්ගේ ළඟම හිතවතුන් වන ජුහී චව්ලාට සහ කරන් ජෝරාන්ට ද නිර්දේශ කර ඇත්තේ Nakamichi වීඩියෝ ක්‍රීඩාවයි.

ෂාරුක් රූපවාහිනියට මෙන්ම පරිගණකයට ද බැඳුණු සිතැත්තෙකි. බොලිවුඩයේ වැඩියෙන්ම ඔන්ලයින් ඉන්නා ඇත්තන් අතර ෂාරුක්ට මුල්තැන හිමිවෙයි. සැමවිටම සමාජජාල ඔස්සේ නිතර සැරිසරන්නෙකු ලෙස ප්‍රසිද්ධ ඔහු තමන්ගේ ස්ලිම් ලැප්ටොප් පරිගණකය සහ නෝට්බුක් පරිගණකය නම් අත් නොහරින්නෙකි. ලෝකය පුරා රසිකයන් හා Chat කිරීම මෙන්ම තිර පිටපත් කියවීමේ කටයුතු පවා ඔහු සිදුකරන්නේ මේ පරිගණක ඔස්සේය. මේ නිසාම ඔහුගේ ලෝකයේ කඩදාසි පෑන් හිඟය. ඔහු සතු අලුත්ම Handy cam කැමරා උපාංග මගින් පෞද්ගලික ජීවිතයේ මෙන්ම රංගන ජීවිතයේද කුදු මහත් අවස්ථා වීඩියෝ කර සිය හිතමිතුරන්ට ලබාදීම ෂාරැක්ගේ තවත් ප්‍රබල විනෝදාස්වාදයකි.

ඔහු කෙතරම් ප්‍රබල ලෙස සමාජ ජාලයේ කැපිලා පෙනෙන හාදයෙක්ද කීවොත්, මුහුණු පොතේ ඔහුගේ රසිකයන් ප්‍රමාණය 24,762,464+ කි. ට්විටර් සබඳතාවයන් මිලියන 29.8කි. ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතාව මිලියන 10.7+ වැඩිය.

ෂාරුක්ගේ චින්තන රටාව ද ඔහුටම ආවේණික වූ රටාවකි. එය මනාව පැහැදිලි කරන්නේ ඔහුගේම වචනයි. ෂාරුක් කියන්නේ අපේ ජීවිත හින්දි චිත්‍රපට වාගේම තමයි කියාය. ඔහුට අනුව ඒවාට ඇත්තේ සතුටුදායක ප්‍රීතිදායක අවසානයක්ම පමණි. ජීවිතයේ කිසියම් දෙයක් නිසා පසුතැවීමක්, වේදනාවක් දුකක් එනවා නම් ෂාරුක් කියන්නේ ඒ තවමත් ජීවිතයේ එම සිද්ධි සමුදායේ අවසානය පැමිණ නැති බවයි.

“එය කොහොම වුණත් කෙළවර විය යුත්තේ ප්‍රීතිදායක අවසානයකින්ම තමා” ඔහු කියන්නේ එලෙසය.

ඒ නිසා සෑමවිටම හොඳම දෙය බලාපොරොත්තු වන ලෙසත් නරකම දෙයට සූදානම් ශරීරයෙන් යුතුව සිටින ලෙසත් ෂාරුක් කියා තිබේ. රිදී තිරයේ දැඟලිලිකාර, හිතුවක්කාර, කෙළිලොල් තරුණයකු ලෙස පෙනී සිටින ෂාරුක් ඒ යොවුන් ජවය රුකගන්නා අතරම සිය ජීවිතයේ සියලු තෝරා ගැනීම් ඉතාමත් ඉහළම මට්ටමකින් යුතුව සාවධානව සිදුකරන්නට අමතක කර නැත.

කොතරම් රුවැති, දඟකාර නිළියන් හමුවුවද ඔහු තෝරාගත්තේ හොඳ විලාසිතාවන්ට අනුව පිළිවෙළකට අඳින පළඳින වැඩි අඟර දඟර පෑම් නැති මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන්නට දඟලන්නේ නැති රූමත් තැන්පත් සහකාරියකි. ඇය ගෞරි ඛාන්ය.

ෂාරැක් කියන්නේ තමන් දෙදෙනාගේ ජීවිතය මුළුමනින්ම ආදරයෙන් පිරී ඇති බවයි. දරු තිදෙනාත්, සිය බිරියත් ඔහුගේ මුළු ජීවිතයම බව ෂාරුක් හැමවිටම ප්‍රසිද්ධියේ කියන කතාවකි. දශක දෙකකටත් වැඩි කලක් ආදර්ශවත් විවාහ ජීවිතයක් එකට ගත කරන්නට හැකිවීමෙන් ෂාරැක් තිරයේ දිස්වන දඟකාර හිතුවක්කාර චරිතය නොවන බව ඔප්පුකර තිබේ.

ඔහු නිකම්ම නිකම් සෙල්ලක්කාරයෙක්ම නොවේ බැරෑරුම් මිනිසෙකි. ෂාරුක් 1965 නොවැම්බර් 02 උපත ලබන්නේ මීර්තාජ් මොහොමඩ් ඛාන් ගේ සහ ලතීෆ් පාතිමාගේ දෙවැනි දරුවා හැටියටය. ඔහුට ෂානාස් නමින් වැඩිමල් සොයුරියකි.

ෂාරුක් උපාධිධරයෙකි. දිල්ලියේ කොලුම්බාස් පාසලේ, ඉගෙනුම ලබා දිල්ලි සරසවියෙන් ආර්ථික විද්‍යා මූලික උපාධිය ලබා ඇති අතර, චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ සන්නිවේදන ශ්‍රාස්ත්‍රපති උපාධියද දරන්නෙකි.

1988 මුල්වරට රංගන ක්ෂේත්‍රයට ආ ෂාරුක්ගේ මුල්ම රංගනය රූපවාහිනියෙනි.

ඒ 89 වසරේ රසිකයන් හමුවට ආ Fauji ටෙලියයි. ඉන්පසු 1992 දිවානා චිත්‍රපටයෙන් රසිකයන් හමුවට ආ ෂාරුක් මේ වනවිට බොලිවුඩයේ අධිපතියා හෙවත් ඛාන්වරයා නැතිනම් ‘බොලිවුඩයේ රජා’ බවට පත්ව තිබේ.

ඒ ඩොලර් මිලියන 800ක වත්කම්වලට හිමිකම් කියමිනි. නමුත් ඔහුගේ මුල්ම වැටුප වූයේ රුපියල් 50කි. බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද හොඳම සල්ලිකාරයන් අතර දෙවැනි තැන දිනා ඇති ඔහු ඇතුළු පවුල මුලින්ම සිටියේ කුලී නිවසකය. ඔහු තමන්ට ලැබුණු මේ මුල් මුදලින් කළේ අග්‍රා වෙතට දුම්රිය ටිකට්පතක් ලබාගෙන ටාජ්මහල නරඹන්නට යාමය.

ඒ සියල්ලටම හරියන්නට මෙන් බොලිවුඩයේ මේ රජා දැන් තෝරාගෙන ඇත්තේ ඔහුගේ රාජකීයත්වයටම සරිලන යාන වාහන සහ සුඛෝපභෝගී නිවාස සහිත සුපිරි ජීවන රටාවකි. ඔහු චිත්‍රපට රංගනයකට ඉන්දියානු රුපියල් කෝටි 50ත් 60ත් අතර අයකරන අතර වෙළඳ දැන්වීමකට කෝටි 5කට වැඩියෙන් අය කරයි.

ෂාරුක්, සිය ප්‍රියතම වාහනය ලෙස තෝරාගෙන ඇත්තේ මිට්සුබිෂි පැජරෝවකි.

නමුත් ඔහු සතුව ඇති යාන වාහන රැසකි. සිය බොලිවුඩ් රාජකීයත්වය නිරූපනය කරනා රෝල්ස් රොයිස් සහ BMW රථ කිහිපයක්ද සහිත මේ රථවාහන පෝලිමට දැන් ජෙට් යානයක්ද ඇතුළත්ය.

ඔහුගේ BMW i8 වාහනය පමණක් ඉන්දියානු රුපියල් කෝටි 2.2ක් වටින්නේය.

ඔහුට මෙයට අමතරව තමන්ගේ රූගත කිරීම් සඳහා රැගෙන යන වැනිටි වෑන් රථයක්ද වෙයි. එය සුඛෝපභෝගී නිවසක්, කාර්යාලයක්, මෙන්ම විලාසිතාගාරයක් ලෙසද කටයුතු කරන්නකි. Bentley Continental GT, Audi A6, Land cruiser රථ ද ඔහු සතුය.

ෂාරුක් සතුව නිවාස කිහිපයක්ම තිබේ. රුපියල් 300ක් සාක්කුවේ ඇතිව මුම්බායි වෙත ආ ඔහුට දැන් ඩුබායි රටේ පාම් ජුමේරියා කෘත්‍රිම දූපතේ ඩොලර් මිලියන 65ක් වටිනා උද්‍යාන මන්දිරයක් නොමිලයේම ලැබී තිබෙන්නේ තෑග්ගක් හැටියටය.

දිල්ලියේ කුඩා නිවසක්ද යුරෝ මිලියන 20ක් වටිනා කාමර පන්තියක් ලන්ඩනයේ ද ඔහු සතුය. මුම්බායිහි පාර්සි මන්දිරයක් වන මැනාට් සුඛෝපභෝගී මැදුර ඔහුගේ ප්‍රධාන වාසස්ථානයයි. එය මේ වනවිට මිලියන 333ක් අමෙරිකානු ඩොලර්වලින් වටිනාකමක් දරයි. ඔහු තමන්ගේ මුල්ම නිවස මිලට ගෙන තිබුණේ ටාටා තේ සමාගම වෙනුවෙන් සිදුකළ සිය මුල්ම වෙළෙඳ දැන්වීමට ලැබුණු ආදායමෙන් බව ෂාරුක් වරෙක කියා තිබුණි.

දිනකට බිත්තර 13ක් ගිලදමන්නට පුළුවන් කාටද? නොවරදවාම ෂාරුක් ඒ සඳහා සමතෙකි. කටට රසට කන්නට ආසා කරන ඔහුගේ ප්‍රියතම ආහාරය වී ඇත්තේ තන්දූරි කුකුළු මසය. ෂාරුක් සිගරැට් නැවැත්වීම සඳහා වෛද්‍ය උපදෙස් මත නිකොටින් ප්ලාස්ටරය ද භාවිතා කළ අයෙකි. අන්තිමේ ප්ලාස්ටර් ඇලවීම ද මුළුමනින්ම නවතා දැමූ ඔහු විනයක් ඇතිව සිටින්නට තීන්දු කර ගත්තේය.

මත්පැන් වුවද ඔහු දැන් පානය කරන්නේ ගානට මිම්මටය.

උපතින්ම මුස්ලිම් භක්තිකයකු වන ෂාරුක්ගේ පවුලේ හින්දු මුස්ලිම් භේදයක් නැතිව සම තැන ලබාදී ඇති නිසා ඒ තුළ සාමය නිතර රැඳී පවතී. ඔහු, සිය නිවසේ වඩාත්ම ප්‍රියකරන තැන විනෝදාස්වාදය සඳහා වෙන්කර ඇති කොටසයි.

දරුවන් සමග Video Game ගැසීමත් චිත්‍රපට නැරැඹීමත් ඔහුගේ ප්‍රියතම විනෝදාංශයන් අතර වෙයි. එයට අමතරව ටෙනිස් සහ ක්‍රිකට් ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවන්ය. චරිතාංග නළුවෙක්, නිෂ්පාදකවරයෙක්, ප්‍රසාංගික වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ප්‍රසිද්ධ ෂාරුක්, තමන්ගේම කියා නිෂ්පාදන ආයතන 2ක් Dreamz Unlimited සහ Red Chlies නමින් සිය බිරිය සමග පවත්වාගෙන යයි.

ඒ හැර ඔහු IPL තරඟ සඳහා ජුහී චව්ලාගේ සැමියා වන ජායි මේතා සමග එක්ව ඉදිරිපත් කළ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අයිතිකාරයාද වෙයි.

- සුගත් පී. කුලතුංගආරච්චි

No comments