Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මංගල මුදු මාල වළලූ’ කියන්න ලංකාවට ආ සෝනු

ලංකාවේ මෙතෙක් ප‍්‍රචාරය වූ දැන්වීම් අතරින් දශක පහක් තිස්සේ නිරන්තරයෙන් ප‍්‍රචාරය වන දැන්වීමක් ලෙස ‘මංගල මුදු මාල වළලූ’ දැන්වීම සඳහන් කරන්...

ලංකාවේ මෙතෙක් ප‍්‍රචාරය වූ දැන්වීම් අතරින් දශක පහක් තිස්සේ නිරන්තරයෙන් ප‍්‍රචාරය වන දැන්වීමක් ලෙස ‘මංගල මුදු මාල වළලූ’ දැන්වීම සඳහන් කරන්න පුළුවනි. එදා කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ පද වැලට නිර්මාණය වූ එහි සංගීත නිර්මාණය කළේ ටී.එෆ්. ලතිෆ් සංගීතඥයායි. ඒ අනුව නිර්මාණය වූ මේ දැන්වීම ගීතයකට වඩා ජනප‍්‍රිය වූයේ එය කළින් කලට එක් එක් ශිල්පිනියන් විසින් ගැයූ නිසයි. මුලින්ම මංගල මුදු පදවැල ගයනු ලැබුවේ රූපා ඉන්දුමතී ශිල්පිනියයි. ඉන්පසුව කලාශූරී ලතා වල්පොල ගැයූ අතර පසුකාලීනව විශාරද නීලා වික‍්‍රමසිංහ ගායනා කළාය. මෑත කාලයේදී තවත් නව රිද්මයකට අනුව කවින්ධ්‍යා අධිකාරි සහ නදීමාල් පෙරේරා එක්ව ගැයූ අතර, ඒ සියල්ලට වඩා අද බොහෝදෙනා කතා වන්නේ මෙහි තවත් වෙනසක් සිදුවූ නිසයි. ඒ වෙනස වන්නේ ලංකාවේ දැන්වීමකට ඉන්දීය සුපිරි ගායකයකු වන සෝනු නිගම් මේ දැන්වීම සඳහා ගැයුමෙන් සහ රැුඟුමින් පෙනී සිටීමයි.

වෝග්හි කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතාගේ මූලික සංකල්පයකට අනුව මේ වෙනස සිදුව තිබෙනවා. ඒ අනුව මුලින්ම ඉන්දියාවට ගොස් සෝනු හා මේ සම්බන්ධව කතා කරගත් පසු ඔහු ඊට කැමැත්ත පළකර තිබෙනවා. ඒ අනුව මුලින්ම සෝනුගෙ හඬින් මෙහි පටිගත කිරීම් කටයුතු සිදුකළේ ඉන්දියාවේදීයි. සෝනු පෙනී සිටින දර්ශන රූගත කිරීම සඳහා ඔහු පසුගියදා ලංකාවට පැමිණියා. මෙහි දර්ශන රූගත කිරීම සිදු කළේ කොල්ලූපිටියෙ වෝග් ජුවලර්ස් ප‍්‍රධාන මධ්‍යස්ථානයේදීයි.

අපේ අනුර හේමචන්ද්‍රගේ ඉන්දීය සබඳතා බොහොමයක් තිබෙනවා. එක් ඉන්දීය අධ්‍යක්ෂවරයෙක් හේමචන්ද්‍ර පවුලේ හිතවතෙක්. ඉතින් සෝනු සම්බන්ධකර ගැනීම එයා හරහා තමයි සිදු කළේ. ඒත් සෝනු එක්වරම පිළිතුරක් දීලා නැහැ. නමුත් වෝග් ආයතනයේ විස්තර සහ ඉතිහාසය ගැන විස්තර එයාට පවසා තිබෙනවා. අපේ සමාගමේ ව්‍යුහය දෙස බලලා එයා බොහෝම ආසාවෙන් මේ වැඬේ බාරගෙන.

සෝනු මෙම දැන්වීමට සම්බන්ධවීම ගැන වෝග්හි කළමනාකාරිත්වය ප‍්‍රකාශ කරන්නේ ඒ විදියටයි.

මේ වෙනුවෙන් ඉන්දියාවේ සිට මෙහි පැමිණි සෝනු නතර වූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේයි. ඊට පෙර දින දැවැන්ත සංගීත ප‍්‍රසංගයකට දායකව සිටි නිසා විවේකයක් ලබාගත් සෝනු හවස 3 ට පමණ වෝග් ආයතනයට පැමිණියා. අපේ ආගමික චාරිත‍්‍ර සහ වතාවත්වලට අනුව පිළිගත් නිසා සෝනු එයින් වඩාත් සතුටට පත්වූ බව සඳහන් කරන්න පුළුවන්.

මෙහි රූගත කිරීම් වෙනුවෙන් පැය හතරක් පහක් ගතවුණා. එදා රාත‍්‍රි 7 ට තමයි ඉවර වුණේ. ඒ අතරවාරයේදී සෝනු විවේකයක් ගත්තා. එයා හරිම මිත‍්‍රශීලී කෙනෙක්. සිංහල වචන දන්නෙ නැති නිසා අපි මංගල මුදු කියද්දි ඒවා ගැන කියා දුන්නා. ඇත්තටම එයා එක්ක වැඩ කරන්න හරිම ලෙහෙසියි.

මේ විදියට මෙහි පැමිණි සෝනු වෙනුවෙන් කැවුම් කොකිස් පිළිගන්වා තිබෙනවා. එයා ඒවාට ඉතා ආසා කළා.

සෝනු ලංකාවේ කොළඹට ආවාම අනිවාර්යයෙන්ම යන තැනැක් තමයි ගංගාරාම පංසල. ගංගාරාම විහාරස්ථානයට ගිය සෝනු විශේෂ පූජාවකටත් දායක වුණා. ඔහු ආගමික කටයුතුවලට බෙහෙවින්ම නැඹුරු වූ චරිතයක් ලෙස නම් කළ හැකියි. මේ විදියට ආ සෝනු ගැන අමතකම නොවන සිහිවටනය කුමක්ද?

සෝනු මෙහි ආ එකම අපට ලොකුම ලොකු සිහිවටනයක්..

වෝග්හි කළමනාකාරිත්වය පවසන්නේ එලෙසිනි. දැන් හැමෝම අහන්නෙ මේකට සෝනු අතිවිශාල මුදලක් ගන්න ඇති නේද? කියලයි. නමුත් මුදලට වඩා වටිනාම දේ එන්නේ මේ අසහාය ගායකයා ශ්‍රී ලාංකීය දැන්වීමකට ගයමින් රඟමින් පෙනී සිටීම.

 
සඳුන් ගමගේ

No comments