Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔබේ දරුවා ලිංගික දර්ශන දුටුවොත්..

සාමාන්‍යයෙන් අද මාතෘකාව බොහොමයක් දෙමව්පියන්ට තියන ප්‍රශ්නයක් වගේම භීතිකාවක්. අද වෙද්දි තාක්ෂණය සහ දරු පරපුර ලැජ්ජාශීලී බවින් මිදීම කියන ක...

සාමාන්‍යයෙන් අද මාතෘකාව බොහොමයක් දෙමව්පියන්ට තියන ප්‍රශ්නයක් වගේම භීතිකාවක්. අද වෙද්දි තාක්ෂණය සහ දරු පරපුර ලැජ්ජාශීලී බවින් මිදීම කියන කරුණු එක්ක ඔවුන් ඕනම දෙයක් අත්හදා බලන්න, අධ්‍යයනය කරන්න පෙළඹෙන මට්ටමක ඉන්න පිරිසක්.

ඒ නිසාම දරුවන් ලිංගිකත්වය සහ කායික බැඳීම සම්බන්ධයෙන් කුමක් හෝ සලකුණක් දුටුවොත් ඒකට අවධානය යොමු කරනවා වැඩියි. ආසන්නම උදාහරණයක් මේ විදිහට කියන්නම්. පහුගිය දවසක රාජකාරී කටයුත්තක් වෙනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක නතරවෙලා ඉන්නකොට එක් දවසක් පාන්දර හෝටලයේ කොරිඩෝව දිගේ ඇවිදගෙන එන්න සිදුවුණා. ටිකක් පාළු මේ කොරිඩෝවේ ඈත කෙළවර අවුරුදු 7ක් හෝ 8ක වගේ වයසක පිරිමි දරුවෙක් නැඹුරුවෙලා කාමරයක දොරට හේත්තු වෙලා ඉන්නවා දකින්නට ලැබුණා.

ටිකෙන් ටික මේ දරුවා ඉන්න තැන ලඟට එනකොටයි දැක්කේ මේ දරුවා යතුරු සිදුරෙන් කාමරය ඇතුලත සිදුවෙන දෙයක් බලාගෙන ඉන්නවා කියන එක වැටහුණේ. මගේ අඩි ශබ්දය ඇහෙනවත් එක්කම දරුවා පසු නොබලා දිව ගියා. මොහොතක් ඒ දොර අසල නතරවුණු මොහොතට කාමරය ඇතුලින් ඇසුණු දෙදෙනෙක් ලිංගික එක්වීමේදී දෙදෙනාගේම මුවින් පිටවෙන රාගාධික ශබ්දය ඇසුණා. එහෙනම් මේ දරුවා බලාගෙන හිටියේ අදාල ලිංගික එක්වීම දිහාවයි.

අවුරුදු 5 සිට ඉහළ දරුවන් අති බහුතරයක් ගැහැණු පිරිමි භේදයකින් තොරව ලිංගික එක්වීම් දිහා කුතුහලයෙන් බලනවා. බටහිර සමාජයේ ඉතා කුඩා කලදීම දරුවෙක්ට වෙනමම ජීවිතයක් ගතකරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙනවා. වෙනම කාමරයක්, වෙනම ඇඳක්, පුද්ගලික මේසයක්, පුද්ගලික ජීවිතයක් දරුවාට නිර්මාණය කරලා දෙනවා. එකක් දරුවා ස්වාධීන කිරීම අනික් පැත්තෙන් දෙමව්පියන්ගේ ලිංගික ජීවිතයට බාධාවක් නොවන්න.

ඒත් ලංකාව කියන වපසරියේ මේක සම්පූර්ණයෙන්ම වෙනස්. බොහෝවිට දරුවෙක් අවුරුදු 4-5 ඉක්මවා යන තෙක්ම වැඩෙන්නේ, නිදාගන්නේ දෙමව්පියන් එක්ක. ඒ නිසා ඒ අතරතුර දරුවා නිදි වෙලාවට දෙමව්පියන් ලිංගිකව එක්වීම සිදුකරත් ඇතැම්විට මේක දරුවා අධ්‍යයනය කරන්න පුළුවන්. පහුවෙන්න මේ නුහුරු අත්දැකීම දරුවා ඉතාම අවදානයෙන් අත්විඳින්න පුළුවන්.

පහුකාලීනව ලිංගික දර්ශන දරුවාට අමුතු දෙයක් නොවෙන්නේ එවැනි සිදුවීම් එක්කයි. එහෙමත් නැති දරුවන් අහම්බෙන් හෝ දකින් ලිංගික දර්ශන, නැත්නම් රූපවාහිනියේ, දැන්වීම් අතරේ, චිත්‍රපටවල දකින රාගික දර්ශන වලින් ලිංගිකත්වය ගැන මූලික අදහසක් හිතට ගන්නට පුළුවන්. එතැනදි ඇතිවෙන කුතුහලය ඔස්සේ ලිංගික දර්ශන දැකීමට යොමුවෙලා මෙය පහුකාලීනව ඇබ්බැහිවීමක් දක්වා වුනත් යන්න පුළුවන්. එවැනි දරුවෙක්ගේ ජීවිතය ලිංගිකත්වය පැත්තට බරවීම එක්ක සාමාන්‍ය අධ්‍යාපන, ක්‍රීඩා කටයුතු වලට වඩා ඔහු හෝ ඇය ලිංගකත්වය පෙරමුණට ගන්නට යොමුවෙන්නත් පුළුවන්.

කුඩා කල ඉඳන්ම දරුවන්ට ලිංගිකත්වය ගැන, මානව සබඳතා ගැන, කායික වින්දනය ගැන ඉතාම සීරුවෙන් සහ දරුවාගේ අධ්‍යාපනයට, සාමාන්‍ය රටාවට බාධාවක් නොවන ලෙස අවබෝධයක් ලබාදෙන්න හැකිනම් ඉතාම හොඳයි. ඒ තුලින් දරුවා ලිංගික දර්ශන හෝ ලිංගිකත්වය සම්බන්ධ දේ නිසා ඇතිවන කම්පනයන්ගෙන් වලක්වාගන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි දරුවන්ට සිදුවෙන ලිංගික අතවරයන්ගෙන් ආරක්ෂා වෙන්නත් ඔවුන්ට මේ හරහා අවබෝධයක් ලැබෙනවා.

දරුවන් ලිංගික දර්ශනවලට යොමුවේවී කියන භීතිකාවෙන් කල්ගත කරනවාට වඩා මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන එක තමයි දෙමව්පියන්ගේ සැබෑ වගකීම සහ යුතුකම වෙන්නේ. එහෙම නැතිව දරුවා ඒ දකින, අත්දකින දේවල් වලින් කම්පනයට පත්වීමක් සිදුවුවහොත් වෙන්න පුළුවන් හානිය අවමකරගන්න දෙමව්පියන් විදිහට ඔබ දරුවාට සමීපව කතාකල යුතුයි. හෘදයාංගමව ඔහු හෝ ඇය එක්ක අදහස් හුවමාරු කරගැනීමෙන් දරුවා යථා තත්වයට පත්කරන්න පුළුවන් වගේම දරුවාට මේ ලිංගිකත්වය කියන පාඩම අවබෝධයෙන් කියා දීමට අවශ්‍ය මානසික පසුබිම හදාගන්නත් අවස්ථාව ලැබෙනවා.

No comments