Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙටට කල් යයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍ර...

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම අද(12) ආරම්භ කෙරුණි.

අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබීය.

ඒ අනුව අද ඉදිරිපත් වී තිබූ පෙත්සම් 13න් 10 ක් සලකා බලා තිබේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් විභාගය පිළිබඳ අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය එස්.රත්නජීවන් හෝල් මහතා විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ‍ගොනු කර තිබේ.

No comments