Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එළු මස් කියලා බලූ මස් දීලා - බුරියානියේ රහස හෙළිවෙයි

යාපනයේ ශී‍්‍රලාංකිකයකුත් ඉන්දියාවේ දී අත්අඩංගුවට ඉන්දියාවේ චෙන්නායි නුවරදී 17 දා සවස බලූ‍ මස් කිලෝ ග‍්‍රෑම් දහසක් සමග පොලිසිය විසින් අත...

යාපනයේ ශී‍්‍රලාංකිකයකුත් ඉන්දියාවේ දී අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි නුවරදී 17 දා සවස බලූ‍ මස් කිලෝ ග‍්‍රෑම් දහසක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු යාපනයේ කරවෙඞ් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු හෙළිවී තිබේ.

මේ දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර ජායිපූර් දුම්රිය ස්ථානය අසලදීය.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ තමන් සේවය කරන ආපනශාලාවේ එළු මස් බුරියානි ස`දහා එළු මස් රැගෙන යන බවයි.

පොලිසිය දිගින් දිගටම කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් රැුගෙන යන්නේ බලූ‍ මස් බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ළ`ග බලූ‍ මස් කිලෝ ග‍්‍රෑම් 150ක් තිබී ඇත.

දෙදෙනා සේවය කරන ආපනශාලාව පරීක්ෂා කිරීමේදී ශීතකරණවල දමා තිබූ තවත් බලූ‍මස් කිලෝ 850 ක් පොලිසියට හමුවී තිබේ.

ඉන්දියාවේ රාජස්ථාන් පළාතෙ ‘එළු මස් බුරියානි’ නමින්ම පවත්වා ගෙන යන ආපනශාලාවක එළුමස් බව පවසමින් බලූ‍ මස් යොදාගෙන කාලයක සිට මේ ජාවාරම කරගෙන යන බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

බලූ‍මස් සමග අත්අඩංගුවට ගත් සේවකයින් දෙදෙනා එක් ස්ථානයකින් බලූ‍ මස් රැුගෙන දුම්රියෙන් අදාළ ආපන ශාලාව වෙත මස් ප‍්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී කොටු වී තිබේ.

No comments