Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

"මිනිහා ඇඳේ බාගෙට හාන්සි වෙලා මගේ ඇඳුම ගලවන්න හැදුවා..." - මවගේ අනියම් සැමියාව මැරූ සුජාතා සියල්ල හෙළි කරයි

‘එදා ඒ විනාඩි කිහිපය ගැන විතරක් කිව්වට වැඩක් නෑ.. මගේ මුළු ජිවිත කතාවම කියන්න ඕනි...‘‘ ඇය කතාව පටන් ගන්නේ එහෙම. ‘‘මම අහලා තියෙන විදිහට ...

‘එදා ඒ විනාඩි කිහිපය ගැන විතරක් කිව්වට වැඩක් නෑ.. මගේ මුළු ජිවිත කතාවම කියන්න ඕනි...‘‘ ඇය කතාව පටන් ගන්නේ එහෙම.

‘‘මම අහලා තියෙන විදිහට අපේ රටේ ගොඩක් ගෑනු පතිවත රකිනවා. ඒ කියන්නේ ජිවිත කාලයටම එකම එක පිරිමියෙක් එක්ක විතරයි ඉන්නේ. මිනිහා දාලා ගියත් හරි, මැරුණොත් හරි, දරුවෝ හදාගෙන පතිවත රැකගෙන ඉන්නවා...‘‘

‘‘අන්න එකට මගේ අම්මා. එයා තාත්තව කසාඳ බැඳලා තිබුණේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබුණු යාලුකමක් මුල් කරගෙන. අපේ තාත්තයි අම්මයි දෙන්නම ඕලෙවල් පන්තිය දක්වා විතරයි ඉගෙන ගෙන තිබුණේ. ඊට පස්සේ පැනලා ගිහින්... දෙපැත්තෙම ගෙවල් වලින් මෙයාලව භාරගෙන නැහැ. පැනලා ගියාට කසාඳ බඳින්න වයසත් මදිනේ..‘‘

‘‘දෙන්නා ඔය ඌරුපොළ පැත්තේ ගොවිපළක වැඩක් හොයාගෙන තන තිබුණු පුංචි මඩුවක ජිවත් වෙලා තියෙන්නේ. වයස හරි ගියාට පස්සේ ගොවිපළේ අයිතිකාරයා දෙන්නව කසාඳ බන්ඳලා දීලා. ඒ දෙන්නගේ වැඩිමහල් දරුවා මම..‘‘

‘‘මම ඉපදුනාට පස්සේ තාත්තාගේ පැත්තෙන් මේ දෙන්නට ඉඩම් කෑල්ලක් දීලා. ඒ වත්තේ වගා කරගෙන ඉන්න කියලා.. ඒ අතරේ අම්මට පුතෙකුත් ලැබුණා. ඒ මගේ මල්ලි...‘‘

‘‘ඔය ඉන්නකොට තමයි හදිසියේම අපේ තාත්තා නැතිවුණේ. ඒ සර්පයෙක් දෂ්ඨ කරලා. තාත්තා මැරුණු වෙලාවේ අම්මා අඬපු විදිහ මට තාම මතකයි. එයා මිනිය ගෙනියන්න දුන්නෙත් නෑ. බදාගෙන හිටියා. තාත්තා නැතිවෙලා තුන්මාසයක් ගත වෙද්දි අම්මා තව කවුද මිනිහෙක් එක්ක ගෙදර ආවා..‘‘

‘‘මම බයවෙලා ඉද්දි කිව්වා, මේ විමලේ මාමා වත්තේ වැඩට එක්කන් ආවේ කියලා. ඉස්කෝලේ යන කාලේ නිසා මට වැඩිය තේරුණේ නෑ. ඕලෙවල් ඉවර වෙලා ගෙදර නැවතුණාම තමයි ඒ මිනිහයි අම්මයි අතරේ සම්බන්ධයක් තියනවා කියලා මට තේරුණේ. දවසින් දවස ඒ මිනිහා අපේ ගේ ආක්‍රමණය කළා. මල්ලී ඒකට විරුද්ධ වුණා. අන්තිමට වුණේ මල්ලි ගෙදරින් ගිය එක. කොහේ ගියාද දන් නෑ. අර මිනිහා ගෙදරම පදිංචි වුණා. ඒ දෙන්නගේ හැසීරිම් රටාව අද ඊයේ බැඳපු ජෝඩුවක් වගේ. මම ඉන්නවද කියලවත් ගානක් නෑ..‘‘

‘‘ඔහොම ටික දවසක් යද්දි මට මිනිහගේ හැසීරිම ගැන අමුත්තක් දැණුනා. මොකද මිනිහා මාව ලුහුබඳිනවා. දවසක් මම නාන්න ළිඳ ළඟට ගිය වෙලාවක මූණ හෝදගන්න කියලා එයා ආවා. මම දිය රෙද්ද ඇඳගෙන හිටියේ. මට ලැජ්ජ හිතුණා.‘‘

‘‘මිනිහා කිව්වා, ලැජ්ජ වෙන්න එපා. මම ඔයාගේ බාප්පනේ කියලා මූණ හෝදගෙන යන ගමන් මගේ පිට අතගාගෙන ගියා. කරගන්න දෙයක් නැතුව මම ඉවසගෙන හිටියා. ඊටපස්සේ නිතරම වගේ මිනිහා මගේ ඇඟේ ගෑවෙන්න උත්සහ කළා. මට කරගන්න දෙයක් නැතිවුණා. මම පුළුවන් තරම් කාමරේට වෙලා ඉන්න උත්සහ කළා....‘‘

‘‘අම්මත් එයාගේ පැත්තෙනේ. ඒ නිසා අම්මටත් කියන්න බෑ. කෝකටත් කියලා මට බය හිතුණ නිසා කොයි මොහොතක හරි මිනිහා කරදර කරයි කියලා කඩේට ගියපු වෙලාවක හොඳට කැපෙන පිහියක් ගෙනත් කොට්ටේ යට හංඟලා තියාගත්තා.‘‘

මවගේ රැකවරණය අහිමි වූ තැන තරුණ වියේ පසුවන ඇයට කිසිම පිළිසරණක් නැතුව ගියා.

‘‘අම්මයි ඒ මිනිහයි අතරෙත් පුංචි පුංචි බහින්බස් වීම් වුණා. ඒ මිනිහා අම්මට බනින්න ගත්තා. අර මිනිහා මට ඇහෙන්නද මන්දා ජරා කතා කිය කිය අම්මා එක්ක ඉන්නේ..‘‘

‘‘ඔය විදිහට සතියක් විතර ගියා. එදා මම පුරුදු විදිහටම කාමරේ හිටියේ. බාප්පා උදෙන්ම වත්තේ වැඩට ගියා. හවස් වෙද්දි අම්මා අසනීපයි කියලා නිදාගත්තා. බාප්පා ටවුමට ගිහින් බෙහෙත් අරන් ඇවිත් දුන්නා. ටික වෙලාකින් මගේ කාමරේට තට්ටු කරනවා ඇහුණා,‘‘

‘‘සුජාතා, දොර පොඩ්ඩක් අරිනවා අම්මට අමාරුයි..‘‘ කියලා ඒ මිනිහා කිව්වා.

‘‘කලබලේට මම ඇඳන් හිටපු ඇඳුමෙන්ම ගිහින් දොර ඇරියා. අරින කොටම බාප්පා මගේ කට තද කරලා අල්ලගෙන මාව කාමරේට තල්ලු කරගෙන ගියා. මාව ඇඳ උඩට දාලා එයා වැඩේට ලෑස්ති වෙද්දි මම කලුවරේම පිහිය අතට අරගෙන සද්දි නැතුව හිටියා..‘‘

‘‘මිනිහා දොර වහලා මගේ ළඟට ආවා. මම කලබල නැතුව හිටියා. මිනිහා ඇඳේ බාගෙට හාන්සි වෙලා මගේ ඇඳුම ගලවන්න හදද්දිත් මම පාඩුවේ හිටියා. ඊළඟට මිනිහා මගේ බෙල්ල ඉඹින්න ගියා. ඒ එක්කම මම මිනිහගේ බෙල්ල පිටිපස්සට පිහිය තියලා ඇද්දා...‘‘

‘‘ඌ එකපාරම අත් දෙකෙන් බෙල්ල අල්ලගෙන ඇඳෙන් නැගිට්ටා. මමත් නැගිටලා මිනිහා මැරිලා වැටෙනකන්ම පිහියෙන් ඇනගෙන ගියා.. මේ සද්දෙට තමයි අම්මත් දුවගෙන ආවේ. අම්මා කිව්වා, උඹේ මායම් නිසා තමයි මූ රිංගන්න ඇත්තේ කියලා. එයාට තරහ ගියෙත් මා එක්ක..‘‘

ඇයට ඒ සඳහා ලැබුණු දඬුවම ජිවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින්න සිදු වීමයි.

ඇය අවසානයෙත් කියා සිටියේ, තාත්තාගේ වියෝවෙන් පසුව, තවත් අයෙකුගේ පැමිණිම මේ සියල්ලටම හේතු වුණු බවයි.

No comments