Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔබේ පපු පෙදෙස ලස්සනට තබාගන්න කැමතිද?

ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන් කැමති විලාසිතාවක් නිසා. ඒත...

ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන් කැමති විලාසිතාවක් නිසා. ඒත් සමහරක් කාන්තාවන් ඒ විදිහට ඇඳගෙන යන්න හේතුව තමයි ටික්ක කරෙන් විවෘත පපු පෙදෙස පෙනෙන ඇඳුම් අඳින්න නොහැකි නිසායි.

ඒකට හේතුව තමයි කාන්තාවන්ගේ පපු පෙදෙස අවපැහැගැන්වීම,බිබිලි,ලප හෝ වියලීමට ලක්වී තිබීම වෙන්න පුළුවන්. මේක කාන්තාවන් බොහෝ දෙනෙක් අසරණ කරන සිදුවීමක්. විශේෂයෙන්ම සාරි හැට්ට අඳිනකොට, අතකොට පපුපෙදෙස මදක් විවෘත ගවුම් අඳිනකොට මේක බරපතල ගැටළුවක්. ඒ වෙලාවට තාවකාලිකව පපු පෙදෙසට මේකප් එකක් දාගෙන ගියත් මේකප් වලින් තවත් තත්වය ව්‍යාකූල කරනවා මිසක් හොඳක් වෙන්නේ නෑ.

මේකට පිළිතුරක් විදිහට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වගේම පොදුවේ අපි භාවිතයට ගන්න අත් බෙහෙත් වලින් සහ බටහිර බෙහෙත් සහ වටිමින් වර්ග වලින් සාර්ථක ප්‍රථිපල ලබාගන්න පුළුවන්.

පපු පෙදෙස වියලීමට ලක්වී ඇති කාන්තාවන්ට විටමින් ඊ හෝ මී පැණි සඳුන් සමග මිශ්‍ර කර පපු පෙදෙසේ හොඳින් ආලේප කර විනාඩි 30ක පමණ කාලයක් තිබෙන්නට හැර හොඳින් සෝදා ඉවත් කිරීම කරන්න පුළුවන්. මෙය දවස් දෙකකට වරක් මාස තුනක පමණ කාලයක් කිරීමෙන් පපු පෙදෙසේ සම වියලීම සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න පුළුවන්.

තවත් කාන්තාවන් මුහුණ දෙන දෙයක් තමයි පපු පෙදෙසේ පියයරු ඉහළ කොටස සහ පපුව බිබිලි, කුරුලෑ හෝ කළු ලප වැනි දේ පැතිර තිබීම. මේක එක්පැත්තකින් වේදනාවක් ඇති කරන දෙයක්. දහඩිය දමන වෙලාවට දැවිල්ල පවා ඇතිවෙන්න පුළුවන්.

එයට ප්‍රතිකර්මයක් විදිහට සඳුන් කුඩු වතුරෙන් මිශ්‍ර කරලා පපුවේ ආලේප කිරීම, ඔලිව් තෙල් වලින් පපු පෙදෙසේ බිබිලි පැතිර ඇති ස්ථාන හොඳින් සම්බාහනය කිරීම, සඳුන් ස්ක්‍රබ් එකක් භාවිතා කිරීම වගේ දේ අවම මාසයක කාලයක් සිදුකිරීමෙන් බිබිලි හෝ ලප ඉවත්වී පිරිසිදු පැහැපත් සමක් සහිතව පපු පෙදෙස පවත්වාගෙන යන්න පුළුවන්.

පපු පෙදෙසට පමණක් නෙවෙයි කාන්තා ඔබේ පිට සහ උර පෙදෙසටත් මේ සත්කාරයන්ම කරන්න පුළුවන්. කොහොම වුනත් මේ නිසා ඔබට තවදුරටත් අත් නැති, කර ටිකක් විවෘත ඇඳුම් අඳින්න බැරි ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා.

No comments