Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ණය ගෙවන්න බැරුව රට හිර වෙයි?

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති බවත් , විදෙස් ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එක්සත් ජාත...

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති බවත් , විදෙස් ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

මංගල සමරවීර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් ඊයේ(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි මේ අදහස් පළ කළේය.

පිළිනොගන්නා හොර රජයකට හෝ හොර අගමැතිවරයෙකුට මුදල් වෙන් කිරීමක් සිදු කළ නොහැකි බවත්, අඩු තරමින් ජනාධිපතිවරයාට හෝ ජනාවාරී මස 1 න් පසුව මුදල් වෙන් කළ නොහැකි බව ද මංගල සමරවීර මහතා පවසා සිටියේය.

දැන් හෝ අතුරු සම්මත ගිවිසුමක් ගෙන ආ යුතු බවත්, 2019 සඳහා ගෙන ඒමට තිබූ අයවැය එහිදී ඉදිරිපත් කිරීමට තමා සුදානම් බව ද සමරවීර මහතා මෙහිදී කියා සිටියේය.

මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට කිසිදු විකල්පයක් නොමැති බවත්, තිබු රජය ජනාධිපතිවරයා විසින් පිළිගත යුතු බවත් එසේ නොමැති නම් අතුරු සම්මත ගිවිසුම ගෙන ඒමෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දයක් වෙත යා යුතුව ඇති බවත් මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.


No comments