Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අයවැය කියවද්දි නිල් චිත්‍රපටි බැලු මන්ත්‍රීන්ට වැඩ වරදී

බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් ප්‍රධාන අ...

බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

පළාත් සභාව සඳහා ඉදිකල නව ගොඩනැඟිල්ලේ සවිකර තිබූ ටැබ් පරිගණක භාවිත කරමින් මන්ත්‍රිවරු පිරිසක් මෙලෙස අසැබි දර්ශන නරඹා ඇති බවට පුවත්පත් කිහිපයක් කර තිබූ අනාවරණවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

අධික මුදලක් වැය කර නව තාක්ෂණික උපකරණද සහිතව බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් අලුතින් ඉදිකල ගොඩනැඟිල්ලේ පළමු සභාවාරය ඊයේ(19) පැවැත්වුණා.

එහිදී පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් සිටින අතරතුර මන්ත්‍රීවරුන්ගේ මේසයේ සවි කර ඇති ටැබ් පරිගණකයක වීඩියෝවක් වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් සභාවේ කටයුතුවලටද මෙලෙස බාධා එල්ල විය.

මේ අතර සභාවාරය අතරතුර මන්ත්‍රිවරු කිහිපදෙනෙකු අසැභි දර්ශන නැරඹූ බවටද අද පුවත් පත් කිහිපයක වාර්තා කර තිබුණි.

ඒ අනුව මාධ්‍ය හමුවක් කැඳවමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේ එම මන්ත්‍රිවරුන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට තමා කටයුතු කරන බව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

No comments