Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔබටත් මුහුණ සෝදන්න සබන් ඕනේමද ?

මුහුණ ලස්සන කරගන්න යුවතියන් කොයිතරම් නම් දේවල් කරනවද. ඒත් අපි නොහිතන දෙයක් තමයි මුහුණ පිරිසිදු කරගන්න අපි භාවිතා කරන දේවල් කොයිතරම් දුරට...

මුහුණ ලස්සන කරගන්න යුවතියන් කොයිතරම් නම් දේවල් කරනවද. ඒත් අපි නොහිතන දෙයක් තමයි මුහුණ පිරිසිදු කරගන්න අපි භාවිතා කරන දේවල් කොයිතරම් දුරට අපේ සමට ගැලපෙනවද කියන එක.

ඇතැම් යුවතියන් මුහුණ පිරිසිදු කරගන්න සබන් භාවිතා කරනවා. නමුත් සබන් භාවිතය අපේ සමට අහිතකරයි. අපේ මුහුණේ pH අගය 5.5 ක් පමණ වෙනවා නමුත් සබන්වල pH අගය 9-10 ත් අතර අගයක් ගන්නවා. මේ නිසා මුහුණට සබන් භාවිතය නුසුදුසු වෙනවා. සබන් භාවිතයෙන් මුහුණේ සම වියලිමකට ලක් වෙනවා වගේම සම රැලි වැටීමද වේගවත් වෙනවා. ඒ වගේම සබන් තුල බැක්ටීරියා, විසබීජ රැදීමේ හැකියාව වැඩි බැවින් එම බැක්ටීරියා හා විසබීජ නැවත අපගේ සම මතට පැමිණිමට සබන් උපකාරී වෙනවා.

සබන් වලින් වන අයහපත් බලපෑම අවමකර මුහුණ පිරිසිදු කර ගැනීමට වඩාත් හිතකර ද්‍රව්‍යයක් ලෙස Face wash හදුන්වාදිය හැකියි. නමුත් Face wash එකක් තෝරා ගැනීමේදි pH අගය 5.5 ක තිබීම වැදගත් වෙනවා. ඒ වගේම වෙළද නාමය, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු ද්‍රව්‍යය, මිල ගණන් ආදී කරුණු වලට ඔබගේ අවදානය යොමු කලයුතු වෙනවා. ඒ වගේම ඔබ Face wash මිලදී ගැනීමේදී ඔබගේ සමේ ස්වභාවයට ගැලපෙන Face wash එකක් තෝරා ගැනීමට අමතක නොකළ යුතුයි.

නිවැරදිව Face wash භාවිතා කිරිමට, පළමුව ඔබේ දෑත් හොදින් පිරිසිදු කරගන්න. Face wash බිංදු කිහිපයක් ජල බිංදු කිහිපයක් සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඉන්පසුව නාසය දෙපස දෙතොල් අවට මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.

No comments