Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඕෂධී හේවාමද්දුම පාර්ලිමේන්තුවට!

මේ දිනවල රටේ දේශපලානය ගැනනේ හැමෝම කතා වෙන්නේ. කලාකරුවනුත් මේ තත්වය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරලා තිබුණා. කොහොම නමුත් ජනප්‍රිය රංගන ශිල්ප...

මේ දිනවල රටේ දේශපලානය ගැනනේ හැමෝම කතා වෙන්නේ. කලාකරුවනුත් මේ තත්වය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරලා තිබුණා. කොහොම නමුත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඕෂධී හේවාමද්දුමත් ඉදිරියේදී දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඒ වගේම ඇය ඉදිරියේදී පාර්ලිමේන්තුවට තරඟ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවාලු. මේ ගැන ඇය මාධ්‍යයට කියලා තිබුණේ මේ විදිහට.

“දුව ලැබෙන්න ඉන්න කාලයේ පොඞ්ඩක් විතර දේශපාලනයෙන් දුරස් වුණා. හැබැයි ඉදිරියේ දී නැවතත් ඒ කටයුතු පෙර පරිදිම සිදුවෙයි. මොකද කලාකරුවෙක් විදියට මට මේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා.

මෙච්චර දවසක් කලාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ක‍්‍රියාකාරී දේශපාලනයේ රැඳිලා හිටියා. පාර්ලිමේන්තු ගියා. නමුත් ඒ අයට යමක් කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මොකද එයාලට අවශ්‍ය සහයෝගය පාලකයන්ගෙන් ලැබුණෙ නැති නිසා. නමුත් ආයෙමත් කලාවට හිතැති පාලකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දැන් අපට ලැබිලා තියෙනවා.


මම ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිය දවසක කලාකරුවන් වෙනුවෙන් හඬ නඟන්න පුළුවන් වෙයි. මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒත් මේ වතාවෙ නම් නෙවෙයි. රට වෙනුවෙන් යමක් කරන්න මගේ වයසත් එක්ක තවම මට කාලය තියෙනවා. බොහොමත් නුදුරු දවසකදී කලාවේ නොවිසඳුණු ගැටලූ‍ බොහොමයක් වෙනුවෙන් හඬ නඟන්නට මම සෘජුවම දේශපාලනයට අවතීර්ණ වෙනවා.”

No comments