Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

BMICH හි සුනඛ සංහාරයක්

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දිවි ගෙවූ සුනඛයන් අද(20) සවස එම පරිශ්‍රයට පැමිණි නාදුනන පිරිසක් විසින් දරුණු වද හිංසාවන්ට පමුණ...

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දිවි ගෙවූ සුනඛයන් අද(20) සවස එම පරිශ්‍රයට පැමිණි නාදුනන පිරිසක් විසින් දරුණු වද හිංසාවන්ට පමුණුවා රැගෙන ගිය බව වාර්තා වෙයි. අද සවස සම්මන්ත්‍රණ ශාලා භූමියට පැමිණි එම පුද්ගලයන් එහි සිටි සුනඛයන්ට යම් එන්තක් විදින ලද බවත් ඉන් පසුව එම සුනඛයන් වේදනාවෙන් දගලන්නට වූ බවත් පසුව එම සුනඛයන් ගෙන් සමහරෙකු නිසොල්මන්ව බිම ඇද වැටුණු බවත් අද පස්වරුවේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආගමික හමුවකට පැමිණි කණ්ඩායමක් විසින් සත්ව හිමිකම් සංවිධාන වෙත දන්වා තිබේ.

ඔවුන් වැඩි දුරටත් දන්වා ඇත්තේ එසේ නිසොල්මන් වූ සුනඛයන් ඒ මොහොතේම මරණයට පත්වන්නට ඇති බවය. ඉන්පසු එම එන්නත විදීමෙන් නිසොල්මන් වූ සහ වේදනාවෙන් දගලමින් සිටි සුනඛයන් වාහනයක දමා ගත් එම කණ්ඩායම ඉන් පිටව ගිය බවද එම ආගමික මෙහෙයට පැමිණි පිරිස දන්වා තිබේ.

මෙහිදී එම සුනඛයන් ඇල්ලීමට පැමිණි පිරිස කියා ඇත්තේ මෙය සුනඛ ඝාතනයක් නොව ඔවුන් නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමක් බවය. එහෙත් නිර්වින්දන එන්නතක් ලැබීමෙන් පසු සුනඛයන් වේදනාවෙන් දඟලන්නේ නැති බවත් එසේ දඟලනුයේ කිසියම් විසක් ශරීර ගත් වූ පසුව බවත් පශු වෛද්‍යවරු පෙන්වා දෙති.

ඉහත සදහන් පුවත සැලවී එම ස්ථානයට පැමිණි සත්ව අහිංසා සහ හිමිකම් ක්‍රියාධරයන් ඒ සම්බන්ධයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමන් එබදු සිද්ධියක් පිළිබඳ කිසිත් නොදන්නා බවය.

ඒ අනුව මෙම බිහිසුණු සත්ව හිංසනය කවරෙකු කුමන අරමුණකින් සිදු කරන ලද්දක් දැයි වහා ජනතාවට හෙළි කරන මෙන් සත්ව අවිහිංසා සහ හිමිකම් සංවිධාන අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

No comments