Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දලා පොහොට්ටු සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාත...

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන කලබගෑනියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත පෙසනී සිටියේ කලකට පසුය.

No comments