Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දවෛනි ඉනිමට චෝදනා කරන මිනිස්සු ගැන මට නම් තියෙන්නේ අනුකම්පාවක්ම විතරයි. - රවීන් කණිෂ්ක

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙලා. රවීන් කියනවට වඩා දවෛනි ඉනිමේ අනුහස් කීවොත් නම් හැමෝටම ඔහුව මතක් වේවි. මේ දවස්වල ඔහු ...

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙලා. රවීන් කියනවට වඩා දවෛනි ඉනිමේ අනුහස් කීවොත් නම් හැමෝටම ඔහුව මතක් වේවි. මේ දවස්වල ඔහු ගැනත් වැඩිපුර කතාබහ කෙරෙන නිසාම අපි හිතුවා ඔහු එක්ක ටිකක් දොඩමළු වෙන්න. ජනප්‍රිය පරපුරේ ඉදිරියෙන්ම ඉන්න ඔහු වෙනුවෙනුයි මේ විදියට රිවිසරසි හමුවුණේ.

මොනවද මේ දවස්වල වෙන්නේ?
මේ දවස්වල මගේ ගීත නිර්මාණ කටයුතු කිහිපයක් සිද්ධ වෙනවා. ඒ වගේම රූගත කිරීම් සහ ප්‍රසංගවලට සහභාගිවීම් එක්ක තමයි කාලය ගත වෙන්නේ.

දැන් ගායකයා අමතක වෙලා වගේ?
ඒකට හේතුව මාව සතියේ දවස් පහේම රංගනය තුළින් දකින්න ලැබිම වෙන්න ඇති. අනිත් කාරණය තමයි ජනප්‍රියම ටෙලිනාට්‍යයත් එයම නිසා හැමෝටම මාව දැන් හුරු ගායකයා විදියට ‍නෙවෙයි.

ඔබත් කැමැති ගායකයා අමතක කරලා නළුවා ඉස්මතු වෙනවට ද?
මිනිස්සු මාව දකින්නේ නළුවෙක් විදියට නම් නළුවා වෙන්නත් ගායකයා විදියට දකින්න කැමති නම් ගායකයා වෙන්නත් මම ලෑස්ති. මොකද මේ දෙන්නම ඉන්නේ මං ළඟ.

ඔබ ගීත නිර්මාණය කරන්නේ ජනප්‍රිය වෙන්න ‍නෙවෙයිද?
නාලිකා පස්සෙ පන්නලා ලබන ජනප්‍රියත්වයක් මම කොහෙත්ම අපේක්ෂා කරන්නේ නෑ. සමාජජාල හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ. ගීතයකින් මිනිස්සුන්ගේ මතකයන් අවදි කරලා සිිය මනස පිනවිය හැකියි නම් ඒ හොඳටම ගායකයෙක් විදියට මට ප්‍රමාණවත්.

මේ දවස්වල අනුහස්ටත් චෝදනා එල්ල වෙනවා නේද?
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. කියලා තමයි ඉතින් මට කියන්න වෙන්නේ. ඔව්.. මටත් මගේ පෞද්ගලික දුකරකථන අංශය හරහා සහ සමාජ ජාල හරහාත් චෝදනා එල්ල කරලා තිබුණා. මට නම් තියෙන්නේ ඒ මිනිස්සු ගැන අනුකම්පාවක්ම විතරයි. කිසිසේත්ම තරහක් නම් නැති බවත් කියන්නම ඕනි.
එකිනෙකාගේ බුද්ධි මට්ටම් වෙනස්වීම මත තේරුම් ගැනීම් වෙනස් වෙන එක අතිශය සාමාන්‍ය කාරණාවක්.

දවෛනි ඉනිම තුළින් සමාජයට දෙන්නේ හොඳ ආදර්ශ කියලා ඔබ හිතනවාද?
දවෛනි ඉනිම කියන්නේ සම්භාව්‍ය නිර්මාණයක් ‍නෙවෙයි. උදේ ඉඳන් රෑ වෙනකල් වැඩකරලා ගෙදර එන මිනිස්සුන්ට විනෝදය ළංකරගන්නයි දවෛනි ඉනිම නිර්මාණය වෙන්නේ. හුදෙක් ප්‍රඥාවන්තයින්ට ‍නෙවෙයි. ආනන්දය බලාපෙරොත්තුවන්නන්ට තමයි මේ නිර්මාණය ලියැවිලා තියෙන්නේ.

හැබැයි කලාව කියන්නේ ආනන්දය ලබාදීමක් විතරක්ම ‍නෙවෙයි නේද?
ඔව්. ඒක හරි. එහෙම බලනකොට ප්‍රඥාව ළඟා කර ගත හැකි නිර්මාණත් ඕනතරම් විකාශ වෙනවා දකින්න පුළුවන්නේ. මම දකින විදියට සිනමා නිර්මාණයක් තුළින් තමයි අපිට ඒ අරමුණ වඩාත් හොඳින් ළඟා කරගත හැක්කේ. නමුත් දවෛනි ඉනිම කියන්නේ ජනප්‍රිය රැල්‍ලේ නිර්මාණයක් වීම නිසා සම්භාව්‍ය නිර්මාණයක ලක්ෂණ අපිට කිසිසේත්ම බලා‍පොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ රසට කැමති මිනිස්සු හැමදාම අපිත් එක්ක හිටියා. ඒ වගේම අදටත් ඉන්නවා.

මුල් කා‍ලේ අනුහස්ට ලැබුණු ප්‍රතිචාර තවමත් ඒ විදියටම ලැබෙනවද?
අදටත් ඒ ප්‍රතිචාර ඒ හා සමානවම ‍නෙවෙයි ඊටත් වැඩියෙන් ලැබෙනවා කීවොත් හරි.

අනුහස් ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඉදිරියේදීත් අනුහස් සුන්දර සහ සංවේදී විදියට මිනිස්සුන්ට ළං වේවි. දැන් දකිනවට වඩා අපූරු වෙනස්කම් රැසක් තව ඉස්සරහට වෙන්න තියෙනවා. මම කියනවට වඩා ඔබම බලලා අනුහස් ගැන යමක් කිව්වොත් ඒක තමයි මට වටින්නේ.

ඒ කියන්නේ කතාව තව සෑහෙන දුරට ගලාගෙන යයි?
දවෛනි ඉනිම තියෙන්නේ සෝප් ඔපෙරා කියන ගණයට අයත් නිර්මාණයක්. එහිදී කෙටි ටෙලි නාට්‍යයක් කිසිසේත්ම බලා‍පොරොත්තු වෙන්න බෑ.

නිර්මාණ නිසා මිනිස්සු වරදට පෙලඹෙනවා කියලා ඔබ පිළිගන්නව ද?
බොහොම සටන් ජවනිකා සහිත මත් ද්‍රව්‍ය භාවිත කරන, මිනී මරණ, ස්ත්‍රී දූෂණ කරන නිර්මාණ අපි ලෝකයේ ඕන තරම් දැකලා තියෙනවා. ලංකාව තුළින් යම් යම් සටන් ජවනිකා සහිත නිර්මාණ බිහිවෙලා තියෙනවා. ඒකාලෙත් මිනිස්සු මැරුණා සහ මිනීමැරීම් සිද්ධ වුණා. නමුත් එතකොට ඒ නිර්මාණවල වරදක් කියන්න කිසිම කෙනෙක් පෙලඹුණේ නෑ.

එහෙනම් එතන තිබිලා තියෙන්නේ නිර්මාණවල වරදක් වෙන්න බෑනේද?
හැමදාම එකම චරිත ටිකකට කොටු වෙච්ච නළුවෙක් වෙන්නද ඔබේ බලා‍පොරොත්තුව?
ලැබෙන චරිතය උපරිම කැපවීමෙන් කරන්න විතරයි මම බලා‍පොරොත්තු වෙන්නේ? ඒක එකම චරිතය ද කියන එක අදාළ නෑ. එකම චරිතයක් තුළ වුණත් අපිට සෑහෙන්න වෙනස්කම් කරන්න පුළුවන්.

තවමත් අපි ඔබව දකින්නේ දෙවැනි ඉනිම හරහා විතරයි.
වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා. නමුත් මම මේ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලයි තියෙන්නේ. බලමු ඉදිරියේදි ඔබට මාව වෙනස් නිර්මාණ හරහා දැකගන්න අවස්ථාව ලැබේවි.

කලාව විතරක් ප්‍රමාණවත් ද ජීවත් වෙන්න.
මම කවදාවත් කලාව සල්ලි හොයන මාධ්‍යක් බවට පත්කරගෙන නෑ. ඉස්සර ඉඳන්ම විනෝදයට කරපු යම් යම් දේවල් අද ‍පොඩි ව්‍යාපාර බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක බලනකොට මට කලාව හොඳටම ප්‍රමාණවත්.

මොනවද අනාගත බලා‍පොරොත්තු?
හැමදාම වගේ මිනිස්සුන්ගේ හදවතට කලාව තුළින් ළංවෙන එක තමයි මගේ බලා‍පොරොත්තුව. සිනමාවට එන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ගීත නිර්මාණ කටයුතුත් සිද්ධ වෙනවා. ලොකු ලොකු බලා‍පොරොත්තු තියෙන කෙනෙක් නම් ‍නෙවෙයි මම.

No comments