Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රට බේරා ගැනීමේ මෙහෙයුමට එක් වෙනවා - හිටපු ජනාධිපති මහින්ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ තම පාර්ශවයේ අරමුණ වුයේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීම බවත් මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූර...

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ තම පාර්ශවයේ අරමුණ වුයේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීම බවත් මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15) අත්සන් තැබිමෙන් අනතුරුවයි.

තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙන බවද එම් මහතා එහිදි පැවසීය.

ඔක්තෝබර් 26 වනදා තමන් අගමැති වනවාත් සමඟම මුලු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිඳීමක් ඇති වු බවත් 2015 න් පසු කඩා වැටි තිබු කොටස් වෙළඳපොල නැවතත් පිබිදුන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම මේ වන විට දැන් කල් ගිහින් ඇති නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්ය්යෙන්ම ලැබෙන බවත් එය වලක්වන්න කාටවත්ම නොහැති බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම කැඳවා තිබු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් බැවින් එය හදාරා බලා, ඒයින් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම පිලිබඳ පසුව විග්‍රහයක් කිරිමට බලාපොරොත්තු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මේ මොහොතේ සාකච්ඡා කරන්නේ කැඳවු මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ඇතිවෙන දේශපාලාන තත්ත්වය ගැන බවද ඒ මහතා එහිදි පැවසීය.

තම පාර්ශවයට මේ අවස්ථාවේ හැප්පෙන්න වී තිබේන්නේ දිගින් දිගටම මැතිවරණ මඟහරින්න නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්ෂවල එකතුවක් සමඟ බවද ඒ මහතා පවසයි.

ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසුරුවාහැරියද මැතිවරණ පැවැත්වීමට විරුද්ධ පිරිස අධිකරණයට ගොස් තාවකාලික වාරණ නියෝගයක් අරගෙන එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවා තිබු පාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඔවුන්ට තිබේන බව පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුන බවද ඒ මහතා පවසයි.

රනිල් වික්‍රිමසිංහ මහතා අගමැති ලෙස පත් කිරිම ඡන්ද 117 ක් ලැබුණද, එයින් 14 ක් දෙමළ ජාතික ඡන්ද වන අතර එහි සමාජිකයෙක්වන මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් කළ විශේෂ ප්‍රකාශය ගැන අදහස් දැක්වීය.

රනිල් වික්‍රිමසිංහ මහතාට අගමැති වීමට ඡන්දය දුන්නද තම පක්ෂය ආණ්ඩුවට එක් නොවන බවත්, දිගටම විපක්ෂයෙහි සිටින බවත් මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා සිය කතාවෙන්පැවසු බවද මහින්ද රාජපක්ෂ එහිදි ප්‍රකාශ කළේය.

මෙයින් පෙනි යන්නේ මන්ත්‍රීවරුන් 103 ක් සිටින එක්සත් ජාතික පක්ෂය, සුළුතරයක් සිටින දෙමළ ජාතික පක්ෂය විසින් ප්‍රාණ ඇපයට අරගෙන තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ අනුව පෙනි යන්නේ එක්සත් ජාතික පක්ෂය පාලනය කිරිමේ දුරස්ථ පාලකය දෙමළ ජාතික සන්ධානය සතුව ඇති බවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා විසින් පැවසීය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාව සංවිධානය කරමින් රටට එරෙහි ඒ දුර්දාන්ත බලවේගය දමනය කරන බවයි.











No comments