Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දැන් මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා

රිතූ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්බන්ධ වුණා. මේ...

රිතූ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි?
පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්බන්ධ වුණා. මේ ටිකේ නම් පොඩි විවේක කාලයක් ගත කරනවා. ඉදිරියෙදි ආයෙත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් පටන් ගන්නවා. තව මම රඟපාපු ටෙලි නාට්‍ය තුනක් විතර විකාශය වෙන්නත් තියෙනවා.

රිතූ එක දිගට වැඩ කරන්න කැමැති නෑ වගේ?
මම පසුගිය කාලේ එක දිගට පේන්න හිටියනේ. අපිව නිතර දකිද්දිත් අගයක් නෑනේ. ඒ නිසා ටික කාලයක් නිහඬව ඉඳලා හොඳ වැඩකින් පේන්න ඉන්නවා. එතකොට අපිව එපා වෙන්නේ නෑනේ.

රිතූ ඇයි පුංචි තිරයටම සීමා වෙලා ඉන්නේ..?
මට චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. දැනටත් අපේ ගෙදර චිත්‍රපට තිරපිටපත් දෙක තුනක්ම තියෙනවා. ඒත් තවම මට ඕන කරන විදිහේ චිත්‍රපටයක් ලැබුණේ නැහැ.

රිතූට ඕන මොන විදිහේ නිර්මාණයක්ද?
මම සාමාන්‍යයෙන් තෝරලා බේරලා රඟපාන කෙනෙක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට හොඳම දෙයක් දෙන්න උත්සාහ කරන කෙනෙක්. ඉතිං මම ඒ හොඳම දේ ලැබෙනකල් තාම බලාගෙන ඉන්නවා. මොකද අපි රඟපාන දෙයින් විතරක් නෙවෙයි නිර්මාණයක් සාර්ථක වෙන්නේ. ඒක කණ්ඩායම් වැඩක් නිසා ඒ හැමදේම හොඳින් වෙන දෙයක් වෙන්න ඕන.

සමහරු නම් සිනමාවේ ලැබෙන ඕන දෙයකින් මුහුණ පෙන්න ගන්න උත්සාහ කරනවා. රිතූට එහෙම වුවමනාවක් නැද්ද?
නැහැ, මට ලැබෙන ඕනම දෙයක පේන්න ඉඳලා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න නෙවෙයි ඕන. මට චරිතාංග නිළියක් වෙන්න ඕන. ඒකට ලැබෙන හැමදේම භාරගන්න ඕනේ නැහැ. මම මීට කලින් චිත්‍රපට කරලා නැති නිසා මම කරන පළමු දේ ෆේල් කරගෙන හරියන්නේ නෑ. ෆේල් නොවෙන දෙයක් අපි කරන්න ඕන. එතකොට තමයි අපිට තව වැඩකට කතා කරන්නේ.

රිතූගේ ප්‍රතික්ෂේප කිරීම් වැඩිද?
ඔව්, මම භාරගත්ත නිර්මාණවලට වඩා මම ප්‍රතික්ෂේප කරපු නිර්මාණ වැඩියි. මම එහෙම කරන්නේ හොඳම දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ නිසා. උදාහරණයක් විදියට මම මුලින් රියැලිටි ෂෝවලට යන්නේ නෑ කියලා හිතුවේ. ඒත් මට හැකියාවක් තියෙන නිසා සහ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා මම මෙගා ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වුණා.

රිතූ වෘත්තීයමය රංගන ශිල්පිනියක්නේ. තෝරා බේරා ගැනීම් එක්ක තමන්ගේ අතමිට සරු කරගන්නේ කොහොමද?
වෘත්තිය කියලා හිතලා අපි තෝරලා බේරලා වැඩ නොකළොත් අපිට පැවැත්මක් නෑ. මට ඕන හොඳ නමක් තියාගන්න. මට මේ වෙනකල් වැඩ නැති වෙලා නැහැ. හොඳ නැති වැඩ කරනවාට වඩා අපි හොඳ එක නිර්මාණයක් කළත් ඇති.

රිතූ තීරණ ගන්නේ තනිවම නෙවෙයි නේද?
නැහැ. මම මගේ තාත්තා එක්කත් කතා කරලා තමයි තීරණ ගන්නේ. මම සමහර වෙලාවට කොළඹින් පිට නිර්මාණ භාරගන්නේ නෑ. ඒත් තාත්තා මට කියනවා හොඳ නිර්මාණයක් නම් කරන්න කියලා.

එක කාලයක් රිතූ ගොසිප්වලට හසුවෙන චරිතයක් වුණා. දැන් නම් රිතූ ගොසිප්වලින් බේරිලා?
නිළියක් මොනවා හරි කළොත් ඒකෙන් මොකක් හරි උලුප්පලා දැන් ගොසිප් ගහනවනේ. මගේ කාර් එක ඇක්සිඩන්ට් වුණු වෙලාවේ මට ගොඩක් ගොසිප් ගැහුවා. ඒත් කාර් එකක් හප්පගත්ත එකම කෙල්ල මම නෙමෙයිනේ. මම ගොසිප්වලින් හිට් වෙන්න කැමැති නැහැ. නළු නිළියෝ ගොඩක් මහන්සි වෙලා රඟපාන්නේ. ඔවුන් හදාගත්ත නම එක තත්පරයකින් ගොසිප්වලින් නැති කරනවා. ගොසිප් දාන්න ඕන ඇත්ත දේවල් මිසක් බොරු දේවල් නෙවෙයි. මම දැන් කතා කරද්දි, හැසිරෙද්දි, ඇඳුම් අඳිද්දි වුණත් හැමදේම ගැන හිතනවා.

රිතූට නිළියක් විදියට ලැබෙන පිළිගැනීම ගැන සතුටුවෙන්න පුළුවන්ද?
ඔව්, මම සතුටු වෙනවා. මොකද මට තරුණ වැඩිමහල් හැමෝම ආදරෙයි. පාරෙදි දැක්කත් මාත් එක්ක කතා කරනවා.

හැබැයි දැන් ඔය නිළියන්ට ගහන ගොසිප් ගොඩක් අය හිතන්නේ ඇත්ත කියලා. සමහර අය නම් බලෙන් මඩ ගහගන්නවා. දැන් ගොසිප්වල, රඟපාලා නැති ෆොටෝ ෂූට් එකක් විතරක් කරපු අයවත් හඳුන්වන්නේ ජනප්‍රිය නිළියන් කියලා. අපි මේ නම හදාගත්තේ කට්ට කාලා අමාරුවෙන්. අපිටත් ජනප්‍රිය නිළියෝ කියලා අර වගේ අයටත් ජනප්‍රිය නිළියෝ කියද්දී ඇති වැඩක් නැහැ. ඔය පසුබිම අනාගතයට ප්‍රශ්නයක්. ෆොටෝ ෂූට් එකක් විතරක් කරලා නිළියෝ, නිරූපිකාවෝ කියලා හඳුන්වන අය නිසා අම්මලා තාත්තලා අනාගතයේ මේ ක්ෂේත්‍රයට ඔවුන්ගේ දරුවෝ එවන එකක් නැහැ.

මේ වගේ පසුබිමක් තියෙද්දි රිතූගේ අම්මා තාත්තා රිතූට වාරණ දාලා නැද්ද?
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මගේ අම්මා ගෘහණියක්. මම තාත්තගේ නම ආරක්ෂා කරනවා. තාත්තයි අම්මයි මට තහංචි දාලා නැහැ. මම කරන හැමදේම අම්මයි තාත්තයි දන්නවා. අපිට හිතට එකඟව වැරැද්දක් කරන්නේ නෑ කියලා අභිමානයෙන් කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.

රිතූට ක්ෂේත්‍රයේ හොඳම යාළු මිත්‍රයෝ ඉන්නවාද?
පාසල් කාලේ ඉඳන් ආශ්‍රය කරන යාළුවෝ මට ඉන්නවා. ක්ෂේත්‍රයේ වැඩවලදිත් මුණගැහෙන යාළුවෝ ඉන්නවා. එයාලා මුණගැහුණම කතා කරනවා. ඉඳලා හිටලා කෝල් කරනවා. ක්ෂේත්‍රයේ අයත් එක්ක ලොකු යාළුකම් නැහැ. අපේ ජොබ් එක කරලා ගෙදර එන එක ඇඟට ගුණයි. නැත්තම් ප්‍රශ්නනේ.

දැන් රිතූ පෙම්වතියක් නේද?
ඔව්, දැන් මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා.

ඔහු රිතූගේ වැඩවලට හොඳ සහයෝගයක් දෙනවාද?
එයා මට දෙන හොඳම සහාය තමයි මාව තේරුම් ගැනීම.

ආදරය කරන ඒ කෙනා එක්ක එකලාසයක් වෙන්නේ කවදද?
ජීවිතයේ අපිට තව කල් තියෙනවනේ. හරිම වයසට ආවම හරි විදියට ඒ දේ සිද්ධ වෙයි.

No comments